සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුවත් වීමේ සහ වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ #ResponsibleMe වැඩසටහනට දැවැන්ත ප්‍රතිචාරයක් මේ වනවිට හිමි වී තිබේ.
මාස දෙකකට පෙර අභ්‍යන්තර වැඩසටහනක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන ඉන් අනතුරුව වඩාත් පුළුල් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේද ක්‍රියාත්මක කරන ලද අතර, අදාළ විෂයන් පිළිබඳ විශේෂඥයන්ද ප්‍රසිද්ධ කරළියේ හා මාධ්‍යන්වල ඒ පිළිබඳ සංවාද කරනු දැකිය හැකි විය.
අභ්‍යන්තර වැඩසටහනක් වශයෙන් මෙය ආරම්භ කරමින් සෙලාන් බැංකුවේ සාමාජික සාමාජිකාවෝ #ResponsibleMe පණිවුඩය පැතිරවීම බාරගත්හ. ඒ යටතේ, රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්ම ඔවුන් විසින් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය අවකාශයන් ඔස්සේ පෙන්වා දෙන ලදි. ඉක්මනින්ම රටේ කැපීපෙනෙන පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් මෙම පණිවිඩය ලබාදීමට එක්වූ අතර, #ResponsibleMe වැඩසටහන කෙටි කාලයක් තුළ බෙහෙවින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්විය. තමන් සහ තම ආදරණීයයන් මෙන්ම රටේ සමස්ත මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නිසි පරිදි දැනුවත්ව, වගකීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී සියල්ලෝම සාමූහික පණිවිඩයක් ඔස්සේ අවධාරණය කළහ.











