• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

අපේ ශිෂ්ටාචාරය ලෝකයම අල්ලපු හැටි

August 9, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
අපේ ශිෂ්ටාචාරය ලෝකයම අල්ලපු හැටි
Share on WhatsAppShare on Facebook

ඈත අතීතයේ ලොව පුරාම අපේ හෙළ ශිෂ්ටාචාරය පැතිර තිබූ බවට සාධක එමටය. වචනයක නිරුක්තිය සෙවීමේදී ඒ පැහැයේ. නාමයක් යනු ඉතිහාසය මතුවන මූලාශ්‍රයකි.

පිටරැටියන් සිය ගම්බිම්වලට තමතමන්ගේ බසට ආවේණික නම් ගොත් තබනු විනා අපට හිමි වදනින් ඒ කාර්යය ඉටුකර ගන්නේ පිස්සුවට යැ.

හේළි හෙළ වදනින් නිපන් මේ නම්ගම් විමසා බලත්වා.

මිසරයේ මහ නදිය ඉංගිරිසියෙන් බ්ලූ නයිල්ය (Blue Nile). එහෙත් මිසර වැසියන් ඒ නදිය හඳුන් වනු ලැබුවේ “නිල් නාහර්” ලෙසිනි. මේ නිල්නාහර් යන වචනය හොඳ පිරිසිදු හෙළ වදනකි.

“ඉල්” යන වචනයේ තේරුම කොළ (ගසේ කොළ-පත්‍ර) යන්නයි. ගොයම් කොළ (ගස්) හැදෙන මාසය ඉල් මාසය වූයේ ඒ නිසයි.

“න” යන අකුරෙහි අර්ථය ඇදෙනවා යන්නයි. ඇදීයන හෙයින් නයාට (න-යා) කියත්.

“නාය යනවා”, තවත් උපහැරණයකි. ඇදෙන දිය නිසා නදියයි (ගඟ). නමුණුකුල තවත් එකකි. පේළියට ඇදීයන හෙයින් එසේ වී ඇත. .

“නූල්” යන වදන ඔබ කොතෙකුත් අසා ඇත්තකි. ඒ ගැනත් සිතන්න. ඇදෙන හෙයින් “නූල්” වේ.

“හර ” යනු “වැල” මෙන්ම “මාලයට”ද යෙදේ. “මුතුහර” යන්න ගැනත් සිතන්න.

“දිව ගඳ විහිදෙන එසඳුන් හරකුත්-මනුලොව බිසවටදී තොසකර සිත්” ලෙසින් අලගියලවන්න මුකවැටි පඬිතුමන් “කුසදා කවෙහි” සඳහන් කර ඇති සේය.

ඉදින් මිසරයේ ඈත අතීතයේ විසූ අපේ හෙළයන් නයිල් නදියට “නිල්නාහර්” යන නාමය තැබුවේ මේ ගලන නිල් දිය දහර, නැතහොත් ඇදෙන නිල් දිය වැල යන අර්ථාන්විත අර්ථයෙනි.

මිසරයේ ප්‍රසිද්ධම නගරය කයිරෝය. අගනුවරද එයයි. “කා” සහ “කයි” යන දෙවදනම “භූමිය” (බිම) යන අරුත දනවයි. “රෝ” සහ “රා” දෙපදයද සූර්යයාට ම නමකි. “කා රෝ” යන දෙවදන ගැටගැසී “කයිරෝ” වූවේය. ඒ අනුව “කයිරෝ” යනු “හිරු බිමයි” ඒ අපේ හෙළ වීරයන් (වැඩ්ඩන්) ඒ භූමිය “සූර්ය භූමිය” ලෙසින් නම්කර ඇති අන්දමයි.

එසේම “කා” යන්න “හිසට”ද බාහිර “පොත්තට”ද යෙදේ කා (හිස) වඳ (නැති-වඳ ගෑනි) තණ්හි යෙදී ඇත. එසේ හෙයින් හිසසුන් මළ කඳට “කවන්දය” යැයි කියත්.

“මහි කා” (පොළවේ පොතු) යනු “මිනිරන්”ය. ඉංගිරිසියෙන්ද “මහිකා” (Maica) වේ.

“කාබෙරියා” යැයි අපි අප්‍රිකානුවන් හඳුන්වමු. එම වචනයෙන්ද අනාවරණ වන්නේ හෙළ බස් වහරේ ප්‍රතාපවත් බව මෙන්ම අපේ සැහියාව (සංස්කෘතිය) දසත පැතිර තිබූ වගයි. අප්‍රිකානුවන්ගේ හිස (කා) අපිරිසිදු බැවින් අපට අපිරිය (අප්‍රිය) ඇතිවේ. එබැවින් කා අපිරියා කාපිරියා වී කාබෙරියා වී තිබේ.

“කරය” සහ“බඩ්‍ර (බොඩ)” යන දෙපදය කිසියම් ප්‍රදේශයක් (පළාතක්) වෙන්කර හැඳින්වීමට භාවිත කෙරේ.

කඳුකරය, මූදුකරය, පොල්කරය මෙන්ම කඳුබඩ සහ වැල්ලබඩද නිදසුනි.

මහා කාන්තාරයක් මැද පිහිටි පලදාය (සශ්‍රීක) ප්‍රදේශය ක්‍ෂේම භූමියයි. වර්තමානයේ “මැඩගස්කර්” ලෙසින් හැඳින්වෙන්නේ කාන්තරයක් මැද තිබූ ඒ සශ්‍රීක ප්‍රදේශයට “මැද ගස් කරය” ලෙසින් අතීත හෙළයන් තබන ලද සංනාමයම “සුදු මහත්වරුන්” තමනට හැකි අන්දමට උසුරුවන්නට පටන් ගත් හෙයිනි.

“රෝ” පදයෙන් හිරු (සූර්යා) සහ සූර්යාලෝකය හැඳින්වේ.

රුහුණ යන පදය හැදුණේ “රෝ සොන්” යන දෙපදය එකට එක්වීමෙනි. “සොන්” යනු “පුත්‍රයා”යි. කාලයාගේ ඇවෑමෙන් කටවහරට අනුව (වහරනු සෙරෙන් සපයා-සිදත) රොසොන් රොහාන්වී රුහුණ වීය. (“ස” සහ “හ” යන අක්‍ෂර දෙක එසේ මාරු වේ. (සඳ-හඳ සතුරා හතුරා)

(අපේ ඉතිහාසය අමතක නොකළ මැනවි. හෙළයන් පැවැත එන්නේ සූර්යයා (රා) ගෙන් බැවිණි. එහෙයින් හෙළයන් සූර්ය වංශිකයන් වේ. සූර්ය දිව්‍යරාජයාට දාව නෑඹුල් කන්‍යාවියකගේ කුසයේ “මානවයා” උපන් බව මහා සම්මත හෙවත් මනු රාජ වංශයේ සඳහනි. හැබැයි ඒ “චාල්ස් ඩාවින්” පරිණාමවාදය ඉදිරිපත් කරන්නට බොහෝ කලකට පෙරය. (ඒ කතාවත්ථුව (පුවත) පසුව දක්වන්නෙමු)

බොහෝ එළිය (දිස්නෙ) දෙන හෙයින් හිරුට “වෛරෝ(දි)ඩි” යන්න බැවහැර වේ. “වෛරෝ(දි)ඩි යනු සූර්යයා සේ ආලෝකය විහිදුවන තේරුමයි. නිවැරදි වදන “වෛරෝදි” යන්නය. අපේ දහඅට වන්නම්හි “වෛරෝදි” වන්නම යැයි වන්නමකි. ඒ “හිරු නැටුමයි” නොහොත් “සූර්ය” නමස්කාරයයි.

වෛාරා්දි(ඩි) මැණික තුළ නූලක් සේ නටන ආලෝක ධාරාවක් ඇත. ඒ ඛනිජ පාෂානයට ඒ නම ලැබී ඇත්තේ සූර්යාලෝකය සේ රඟන ආලෝක දහරාව නිසාවෙනි.
“බා” වචනයේ තේරුම් කීපයකි. බහිනවා, (හිරු බහිනවා) පාත්වෙනවා (වැල බානවා), වැටෙනවා, (හේ බානවා) වාසනාව (වමු අපි මහ බා), වල්ගය (කබර බා) යන සේම පිනි බානවා, අඳුර බානවා. අව්ව වැටෙනවා. අන්දමින් ඕනෑ තරම් උදාහරණ. තිබේ.

“රබා” නැත්හොත් “රඹහ” යනු බහින හිරු එළියයි. කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ වැවකට හොඳින් හිරු එළිය වැටුණු හෙයින් පැරැන්නන් ඊට “රඹහ වැටුණු වැව” යැයි කීයෙන් අද ඒ පෙදෙස “රඹාව” (රඹෑව) ලෙසින් පළය.

අප කුඩා අවධියේ ලේන්සු ගැටයක් සඟවන (හංගන) ක්‍රීඩාවක් තිබිණි. (වර්තමානයේ දරුවන් ඒ ක්‍රීඩාව අසා හෝ නැති තරමි) එහිදී ක්‍රීඩකයෝ “රෝද(දැ) රෝද(දැ) මල් වලා” යන ගීය ගයති.

එය ගැයීමේදී අප (නොදන්නාකමෙන්) “රෝද රෝද” යැයි කීවද කිව යුත්ත රෝදැ, රෝදැ යන්නයැ. “රෝ” යනු හිරුයි. “රා” යන්නද යෙදේ. (මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරය) “දැැ” (දැය) යනු ජාතියයි. එවිට හිරුදැ යනු “සූර්ය ජාතියයි (සූර්ය වංශයයි).

“සහරා” කාන්තාරය ගැන ඔබ ඇතැම් විට අසා තිබෙන්නට පිළිවන. පිවිතුරු හෙළ වදනකි. “සහ” යන්න “සමග” (සම්බන්ධය) යන අදහස අඟවන පදයකි. “රා” සූර්යායි. “සහ රා ”යනු සූර්යා මෙන් ගිනි ගහන ප්‍රදේශයයි.

“නිරිවාණය” විමුක්තියයි. මිදීමයි. “පිරි” යන පදය “සම්පූර්ණ” යන අර්ථයද දේ. සම්පූර්ණයෙන්ම මිදීම “පිරමිදියයි”. ඒ මරණයෙන් පසුවය. ඒ පිරිසිදු, සුපිරිසිදු සිංහල නිරුක්තියකි. ඒ වදන ඉංගිරිසි බසට ගියේය. උසුරුවන්නේ පිරමිඩ් (Piramid) ලෙසිනි. අපේ උන් ඊජිප්තුවේ “සොහොන් කොත්” හැඳින්වූ පිරමිදිය පිටරැටියනට පිරමිඩ් වූයේ එපරිද්දෙනි.

අප බොහෝ දෙනා “ඉඳුරා”දනිත් යැයි කියති. එහි අරුත “හිරු (රා) සඳු (ඉඳු) සේම නිසැකවම දන්නා බැව් කීමය.

අපේ අතීත හෙළයෝ නිරුක්ති විදා්‍යාව (Etimology) සම්බන්ධව කෙතරම් කෙළ පැමිණියෝ දැයි විමසත්වා.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඇමැති ජයසුමන කළුබෝවිල රෝහලට ගිහින් දාපු පින්තූර… (PHOTOS)

Next Post

කසාදයක් කරන්න කලින් මේ දේවල් බලන්න…

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.