කළුබෝවිල රෝහලේ අර්බූදකාරී වාතාවරණයක් මතුව ඇති බව මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග අමාත්‍ය චන්න ජයසුමන මහතා එම රෝහල නිරීක්ෂණය කිරීමට ගොස් ඇත.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා තබා තිබූ සටහන මෙසේය.
කළුබෝවිල රෝහලේ තත්වය සොයා බැලීමට අද සවස එහි ගියෙමි.
මීට දින දෙකකට පෙර රෝහල COVID 19 රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් කොරිඩෝවල සහ මිදුලේද රෝගීන් සිටින බව බොහෝ පුවත් පළ විය; මෘත ශරීරාගාරය පිරී ඉතිරී යන බවට වාර්තා විය.
කෙසේ වෙතත් දින දෙකක් ඇතුලත නව වාට්ටු 2ක් අරඹා සියලු රෝගීන්ට ඇඳන් ලබා දී තත්වය කළමනාකරණය කිරීමට අධ්‍යක්ෂකතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය සමත්ව ඇත.
මෘත ශරීරාගාරයේ තිබූ දේහ ආදාහනය කිරීමට පියවර ගෙන ඇත.
ශීතාගාර 37න් 20 ක්ම පිරී ඇත්තේ කලක් තිස්සේ COVID නොවන හේතු නිසා මිය ගොස් ඥාතීන් හඳුනා නොගත් දේහවලිනි.
DNA පරීක්ෂාව සඳහා අවශ්‍ය සාම්පල ලබා ගෙන එම දේහ ද ආදාහනය/ භූමදානය කිරීමට නීතිපති උපදෙස් පතා ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පැවසීය.
දෙහිවල ගල්කිස්ස නගරාධිපති ස්ටැන්ලි ඩයස්, අප රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රෝහල් අධ්‍යක්ෂකතුමිය ද මේ අවස්ථාවට සහභාගී වූහ.