• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

කාලයක් අවතාරයක් සමඟ ජීවත් වූ බිරියකගෙ බිහිසුණු අත්දැකීමක්

July 26, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
කාලයක් අවතාරයක් සමඟ ජීවත් වූ බිරියකගෙ බිහිසුණු අත්දැකීමක්
Share on WhatsAppShare on Facebook

සැමියා මියයෑමෙන් පසු විනෝදනී වැඩි කාලයක් ජීවිතය ගත කළේ තනියමය. සැමියාට අයත් දෙමහල් නිවෙසේ ඇයත්, මෙහෙකාරියත් පමණක් සිටි අතර, ඒ හුදකලා දිවියට විනෝදනී ප්‍රිය කළාය. සැලකිය යුතු ස්ථාවර ධනයක් තිබූ හෙයින් අග හිඟයකින් තොරව ජීවත් වීමට ඇයට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එනිසා කිසිවෙකුට කරදරයක් නොකර තමාගේ පාඩුවේ ජීවිතය ගතකළ විනෝදනීගේ තනිවූ තරුණ සිතට අස්වැසිල්ලක් ගෙන දුන්නේ මගහැරුණු ඇමැතුමකින් හඳුනාගත් තරුණයෙකි. මිලින්ද නමින් විනෝදනී හා සුහද වූ ඔහු, නිතර නිතර ඇයට දුරකතනයෙන් අමතා සැප දුක් සොයා බැලුවේය. ඔහුගේ ඒ උනන්දුව නිසාම ඇගේ සිතෙහි මිලින්ද ගැන ඇති වූයේ රහසිගත ආදරයකි. තිස් දෙහැවිරිදි විනෝදනීගේ සිතේ ප්‍රේමයේ ආශ්වාදය පුරවාලන්නට මිලින්දට අපූරු හැකියාවක් තිබුණේය. ඔහු සිය ඇමැතුම්වලින් ඇගේ සිත වසඟකර ගත්තේ එලෙසිනි.

ඇගේ සියලු තතු මිලින්ද දැන සිටියේය. ඔහු නිතරම ඇසුවේ ඇය බලන්නට එන්නද කියාය. ඊට යටි සිතින් කැමැත්තෙන් සිටි විනෝදනී පිළිතුර කෙළින් නොකීවද ඊට ඇති කැමැත්ත සිත යටින් නොකියා කීවාය. මේ ආකාරයට දින, සති, මාස ගෙවී ගියේය. මිලින්ද නිතර නිතර ඇය බලන්නට එන්නට ඇසුවේය. ඔයාගේ කැමැත්තක් දිනක් ඇය එසේ පැවැසුවේ තමාගේත් කැමැත්ත තිබියදී ඒ හමුව තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නැතැයි සිතමිනි.

ඇගේ එම පිළිතුරෙන් අතිශය සතුටට පත් මිලින්ද ඊට පසු දිනම ඇගේ නිවෙසට එන්නට අවසර පැතුවේය. අවසානයේ ඇගේ කැමැත්ත අනුව නිවෙසට එන මාර්ගය අසාගත් හෙතෙම ඊට පසුදිනම එහි එන්නට පොරොන්දු විය.

පසුදා සවස් වෙද්දී විනෝදනී සූදානමින් මගබලා උන්නාය. නිවෙසේ මෙහෙකාර කාන්තාවද එදින රාත්‍රියට උයා පියා තබා ඇගේ අවශ්‍යතාවයකට සිය නිවෙසට ගොස් සිටියාය. ඉහළ මහලේ සඳලුතලයට වී බලා සිටි විනේදනීගේ සිත සතුටින් පුරවමින් කඩවසම් තරුණයකු ටැක්සියකින් පැමිණ ගේට්ටුව අසල බැස ගත්තේය. ඒ ඔහුම බව හඳුනාගත් ඇය ඉහළ මහලේ සිටම දුරස්ථ පාලකයෙන් ගේට්ටුව හැර ඔහුට කතා කළාය.

තම සිතේ මවාගෙන සිටි තරුණයා ඔහුම යැයි ඇයට සිතුණාට සැක නැත. ඒ රාත්‍රිය විනෝදනීටත් තරුණයාටත් විශේෂ එකක්ම විය. රාත්‍රිය විනෝදනීගේ නිවෙසේ ගතකළ තරුණයා පසුදා උදෑසනින්ම යන්නට ගියේ සතුටු සිතිනි.

එලෙස දින කිහිපයක්ම කඩින්කඩ ඇගේ නිවෙසට පැමිණ ගිය ඔහු ඇගේ විශ්වාසය තදින්ම දිනාගත්තේය. ඔය අතරේ දිනක් වෙනදා මෙන් එනවා යැයි කියා තිබුණද එදින ඔහු පැමිණියේ නැත. විනෝදනී රාත්‍රිය පුරා මගබලා සිට පාන්දර යාමයේ නින්දට වැටුණේ ඔහුගේ ජංගම දුරකතනයද ක්‍රියා නොකරන බව තහවුරු කරගෙනය.
ඊට සති කිහිපයකට පසුව හිටිහැටියේම යළිත් මිලින්ද ඇය සොයා පැමිණියේ කලින් නොකියාය. එදින සිට සෑම දිනකම පාහේ ඔහු එහි පැමිණියද විනෝදනී සිටියේ නොසන්සුන්තාවයෙනි. අවසානයේ ඇගේ මානසික මට්ටම, වෙනස් විය. නිතර හෝන්දුමාන්දු බවක් පෙන්වීය. මේ බව තේරුම් ගත් ඇගේ සහායිකාව විනෝදනීගේ අමුත්ත හඳුනාගෙන ඇයව බණ්ඩාර කපු මහතා වෙත කැඳවාගෙන ආවේ පෙර තිබූ හැඳුනුම්කම් නිසාමය. අවසානයේ සියලු තතු දැනගන්නා අදහසින් බණ්ඩාර මහතා, විනෝදනීගෙන් සත්‍ය තොරතුරු විමසා සිටියේය. සිදුවූ සියල්ල අකුරක් නෑර කියන්නට ඇය අමතක නොකළේ තමන් යම් බලවේගයකට යටත්ව ඇතැයි සැක සිතමිනි. මිලින්දගේ මුල්ම හඳුනා ගැනීමේ සිට සියලු විස්තර අසා සිටි බණ්ඩාර මහතා ඔහු හිටිහැටියේ අතුරුදන්ව සිට පැමිණීම ගැන සැක සිතා ඒ ගැන දිගින් දිගටම විමසා සිටියේය.

පස්සේ වතාවේ එයා ආවාම මොනවද සිද්ධ වුණේ.

බණ්ඩාර මහතා ඇසුවේ යම් සැකමුසු හඬකිනි. මොහොතක් කල්පනා කරමින් සිටි ඇය යළිත් කතාව පටන් ගත්තාය.

වෙනද ආවාම වගේ විශේෂ මොකුත් වුණේ නැහැ. එයා ඊට පස්සේ ආවේම හොඳටම රෑවෙලා. ඒ එන එක දවසකවත් කලින් වගේ මට කියලා නෙවෙයි ආවේ. අනෙත් එක ගෙදර හිටිය මේ නැන්දත් ඒ හැම දවසකම හිටියා. හැබැයි එයා එක දවසකවත් අපිට කතා නොකරම ගේට්ටුවෙනුත් ඇවිත් තිබුණා. මං ඒ ගැන ඇහුවාම එයා හිනාවුණා. මං හිතුවා කොල්ලො නිසා තාප්පෙ ළඟ තියෙන ගහකටවත් නැඟලා පනිනවා ඇති කියලා.

ඒත් හැමදාම රෑ දොළහට විතර එන නිසා මං කිව්වා ඔයා එනවා නම් කලින්ම එන්නකො එතකොට හොඳයිනෙ කියලා. අනෙත් එක රෑ දොළහට ඇවිත් පාන්දරම යනවා ඉතින් ඒකට මං කැමැති වුණේම නැහැ. ඒත් කවදාවත් මං ඇහැරෙනකොට එයා නෑ යන්න ගිහින්.

ඔය විදියට එයා කීයට එනවද කොහොම එනවද කියලාවත් මට තේරුණේ නැහැ. මං එයාට ඇඳේ ඉඩ තියලා නිදා ගන්නවා. රෑ බලද්දි එයා නිදාගෙන ඉන්නවා. පව් කියලා හිතලා මං ගිහින් තේ එකක් හදාගෙන ආවා. එතකොට එයා හිටියේ නැහැ. තව දවසක් එයා රෑ දහයට විතර දොරට තට්ටු කළා. එදා මං නිදි නෑ. එයාට එන්න දොර ඇරලා මං කෑමට මොනවා හරි ගේන්න කියලා ගියා. ඒ ගිහින් එද්දි එයා බාත්රූම් එකේ නාන සද්දෙ ඇහුණා. ගොඩාක් වෙලා මං බලන් හිටියත් එයා ආවේ නැති නිසා මං ගිහින් බැලුවා. ෂවර් එකේ වතුර වැටුණත් එයා ඒකේ හිටියේ නැහැ.

ඔය වගේ අමුතු දේවල් ගොඩක් සිද්ධ වුණා. අන්තිමට එයා ආපු දවසෙ එයා ඇඳේ ඉද්දි මං එයාව අල්ලන්න හැදුවා. එයා අහුවුණේ නැහැ. එතකොට මට මහා බයක් දැනුණා. මං නැඟිටලා ලයිට් දාලා බලද්දී දොර ඇරලා තිබුණා. එයා හිටියේ නැහැ. එයා යනවා දැක්කෙත් නැහැ. ඊට පස්සේ එයා ආවේත් නැහැ.

සිදුවී ඇති සියල්ල තේරුම් ගත් බණ්ඩාර මහතා සිය ගුප්ත ශක්තිය උපයෝගී කරගෙන ඇගේ පෙම්වතා ගැන සියලු තොරතුරු සොයා බැලුවේය. යම් අනතුරකින් තරුණයා මියගොස් කාලාන්තරයක් ගතවී ඇති බවත් ඇය කාලයක් වාසය කර ඇත්තේ අවතාරයක් සමග බවත් හඳුනාගත් හෙතෙම ශාන්තිකර්මයක් කර ඇයව සුවපත් කර ආරක්‍ෂාවක්ද කරදී නිවෙසට පිටත් කර හැරියේය. ඉන්පසු කිසි දිනෙක ඇයට මිලින්දගෙන් ඇමැතුමක් හෝ ලැබුණේද නැත.

(නම්, ගම් සියල්ල මනඃකල්පිතයි)
සත්‍ය කතාවක් ඇසුරින්
සැකසුම – කුමාර රත්නායක

SendShareShare
Previous Post

සාක්ෂි මදිලු! ගිනිගත් නැවෙන් වන්දි නොලැබෙන ලකුණු! නීතිපති දෙපාර්තමේන්තුව යළි වැඩට බහී!

Next Post

ආසාවෙන් ඉන්නෙ ධනවතෙක් වෙන්නද

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.