ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට ලංකාව ඉල්ලා ඇති වන්දි මුදල් ලබා දීමට අවශ්‍ය සාක්ෂි අවම බවත්, ඒ සදහා රක්ෂණ සමාගම විසින් තවත් සාක්ෂි ඉල්ලා ඇති බවත් අනාවරණය වේ.
ඒ අනුව මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ ලිපිලේඛන සකස් කරමින් සිටින බව දැනගන්නට තිබේ.
ලංකාව විසින් හානිය තක්සේරු කොට දැනට ඩොලර් මිලියන 40ක මුදක් ඉල්ලා තිබූ අතර රක්ෂණ සමාගම දැනට ලබා දී ඇත්තේ ඩොලර් මිලියන 3.6ක මුදලක් පමණි.
ඉතිරි මුදල් ලබා දීමට නම් තවත් සාක්ෂි සහිත ලිපිලේඛන එම සමාගම මගින් ඉල්ලා ඇත.