• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දෙවියන්ට බොරු කරන්නේ බලාගෙනයි…

July 18, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දෙවියන්ට බොරු කරන්නේ බලාගෙනයි…
Share on WhatsAppShare on Facebook

දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ලබාගැනීම යන කාරණයේදී බොහෝ දෙනකු දෙවියන් රවටන්නට උත්සාහ කරන බවක් තමයි පනෙන්න තියෙන්නෙ. මොකද තමන්ට අවශ්‍ය වුණාම පමණක් දෙවියන්ට පහනක් තියලා බාරයක් වෙලා පිහිටක් ඉල්ලනවා. අනෙක් වෙලාවට දෙවියන් ගැන කිසිදු තැකීමක් නොකර අමතක කරලා දානවා. එහෙම බලද්දී දෙවියන්ට වුණත් තේරෙනවා අදාළ කෙනා කරන්න හදන්නෙ තමන්ව රවටන එක තමයි කියලා.

ඉතින් එහෙම වුණාම දෙවියන් ඒ අයට පිහිට වෙනවාද කියන එක ප්‍රශ්නයක්. එනිසා දෙවියන්ගෙ පිහිට අවශ්‍ය නම් අපි නිතරම දෙවියන් සිහි කරගෙන පින් දීගෙන දෙවියන් සමග ඉන්න ඕනෙ. එතකොට අපට පිහිටක් අවශ්‍ය වූ විගස අපි එය ඉල්ලන්නත් කලින් දෙවියන් අපට පිහිට වෙනවා. එනිසා නිතර දෙවියන් සිහිකර පහනක් තැබීම ඉතා හොඳ දෙයක්. මෙය විවිධ අය විවිධාකාරයෙන් කරනු ලබනවා.

දෙවියන්ට පහන් තැබීමේදී බොහෝ දෙනෙක් ගම්භාර, සූනියම් සහ යක්ෂ දේවතාවුන්ට පහන් තබන අතර තවත් සමහරුන් පත්තිනි, ගණදෙවි, කතරගම, විෂ්ණු සහ කාලි මෑණියන්ට පහන් තබනවා. කෙසේ නමුත් ඊශ්වර, විෂ්ණු සහ කතරගම දෙවියන්ට පහන් තැබීම ඉතා උචිත බවයි වැඩි දෙනකුගේ මතය වන්නේ.

දෙවියන්ට පහන් තැබීම හිතුමතේ නොකළ යුතුය. ඒ සඳහා සතියේ බදාදා සහ සෙනසුරාදා යන කෙම්මුර දිනවල රාත්‍රී 9ත් 10ත් අතර කාලය ඉතා සුදුසු වේ. මේ සඳහා අඩි එකහමාරක පමණ පළලට කුඩා දේව රූප තුනක් තැබීමට හැකි වන අයුරින් සැකසූ දෙව් මැඳුරක් අඩි තුනහමාරක් පමණ උස කණුවක් මත සවිකර ගැනීම ඉතා යෝග්‍ය වේ. එය මිදුලේ ඊශාන හෝ නැගෙනහිර පැත්තේ නිවෙසට ආලෝකය එල්ල නොවන අයුරින් සවිකිරීමද වැදගත්ම කාරණයකි. මෙම නිර්මාණය ඉතා අලංකාර අයුරින් කිරීම තුළින් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. මන්ද දෙවියන් අලංකාරය සඳහා වැඩි කැමැත්තක් දක්වන හෙයිනි.

පහන් කූඩුව පාමුල පිරිසිදු මුහුදු වැලි අතුරන්න. ගහකොළ සහිත තැනක නම් වඩාත් යෝග්‍ය වේ. දෙවියන් තුන් දෙනාටම එකම වෙලාවක පහන් තුනක් තබන්න. මල් තැබීමට වෙනම කොටසක් සකසා ගන්න. දෙවියන් තිදෙනාගේම රූප තබා රාත්‍රී නවය පසුවූ පසු පහන් දැල්වීම නිවෙසේ ප්‍රධානියා විසින් කරනවා නම් වඩාත් සුබ වේ
සුවඳ ධූපයකින් දුම් අල්ලන්න. පහන් දැල්වීම යම් හෙයකින් කඩවුණි නම් සමාව අයැදින්න. පහන් වැටි සතුන්ට රැගෙන යෑමට ඉඩක් නොවන ලෙස තැබිය යුතුය. නිතර සුපැහැදිලි සිතින් මානසික සුවයෙන් සිටීම ඔබටම මෙම පූජාවන් ඉවහල් වනු ඇත. කොහේ කොතැනක ගියද ඔබේ ආරක්ෂාවට ඔබ ළඟ කෙනකු සිටින බව දැනෙන්නට ඉඩ තිබේ. අමතක නොකරන්න. ඒ ඔබ නිතර අදහන වඳින පුදන පිදෙන දෙවියන්මය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී ජය ශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

MAS ඉන්ටිමේට්ස් වෙතින් වයඹ පළාතට අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක්

Next Post

දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන HNB ඇෂුවරන්ස් StudyGuard රක්ෂණ සැලසුම

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.