ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයකු වන MAS සමූහ ව්‍යාපාරයට අයත් MAS ඉන්ටිමේට්ස් ආයතනය විසින් ඇඳවල් 450කින් සමන්විත COVID 19 අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් පොල්ගහවෙල ප්‍රදේශයේදී 2021 ජූලි මස පළමුවන දින විවෘත කරන ලදී. පළාත පුරා වේගයෙන් පැතිර යන COVID 19 වෛරසය හේතුවෙන් මුහුණදී ඇති අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා හමුදාවේ සහාය ඇතිව වයඹ පළාතේ MAS සේවා නියුක්තිකයන්ගේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහ පොදු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මෙම සත්කාර මධ්‍යස්ථානය පිහිටුවා තිබේ.
රු. මිලියන 48ක් වැයකරමින් ඉදිකළ මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය වයඹ පළාතේ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට MAS ඉන්ටිමේට්ස්හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ධර්මේන්ද්‍ර, MAS ඉන්ටිමේට්ස්හි නිෂ්පාදන හා සැලසුම් අධ්‍යක්ෂ රුවන් කෑරගල හා එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ රොහාන් දවුලගල යන මහත්වරුන් සහභාගි විය.
වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය එම්. කේ. සම්පත් ඉන්දික කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කළ, මෙම අතරමැදි සත්කාර මධ්‍යස්ථානය COVID 19 රෝගීන් සඳහා අවශ්‍ය විශේෂ පහසුකම් සහිතව සකස්කර තිබේ. ඒ අනුව මෙයට High Dependency Unit හෙවත් අධි සත්කාර ඒකකයක් සහ ශරීරයේ වෛරස ප්‍රමාණය වැඩි රෝගීන් 20 දෙනෙකු රඳවාගත හැකි විශේෂ ස්ථානයක් සමග වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සහ පහසුව සැලසෙන පරිදි සිදුකළ සැකැස්මක් ඇතුළත් වේ. ඊට අමතරව ආරක්ෂාකාරීව ඕනෑම රෝගියකුගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම නිරීක්ෂණය කිරීමේ පහසුකම සහ CCTV මගින් රෝගීන්ව නිරීක්ෂණය කිරීමේ පහසුවද මීට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.











