• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සිරිපා අවාරය අතරේ විස්මිත හාස්කම් රැසක්

July 18, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
සිරිපා අවාරය අතරේ විස්මිත හාස්කම් රැසක්
Share on WhatsAppShare on Facebook

සීතල සුළං රැලි උස් කඳු මුදුන් අතරින් හමාගෙනවිත් සිරිපා මළුවේ හාත්පස විසිරි යමින් තිබිණි. මෙය වරක් දෙවරක් නොව දවසේ පැය විසිහතර පුරාවටම අඩුවැඩි වෙමින් සිදුවන්නකි. අවාරය නිසාවෙන් එදින සිරිපා බිමේ සිටියේ මුරකරුවන් දෙදෙනා පමණකි. නිරන්තරයෙන් හිමිදිරියේ අවදි වීමේ පුරුද්දක් තිබූ වැඩිමල් මුරකරු වෙනදා මෙන්ම කලින්ම අවදි වූයේ වෙනදා නොදැනුණු අමුත්තක් දැනීමෙනි. හෙතෙම යම් කලබලයකින් නැඟිටගෙන, විශ්‍රාම ශාලාව අතරින් ඇවිදගෙන විත් මළුවට ඇතුල් වන දොරටුව දෙස බැලුවේ කුතුහලයෙනි. කාගේ හෝ රුවක් මළුවේ සක්මන් කරන අයුරු දුටු මුරකරු කලබලයෙන් එදෙසට දිවගියේ අවාරයේ පැමිණි කෙනෙක් දැයි සැකයෙනි. එහෙත් කිසිවකුත් එහි පෙනෙන්නට නොසිටි අතර, සිරිපාද පත්මය අබියස මල් අසුනක් මත තිබූ සුවඳ හමන මල් දෝත මුරකරු නෙත ගැටුණේ එවෙලේය.

මින් පෙර එතරම් සුවඳවත් මල් දැක නැති වග සිතමින් කලබලයෙන් ආපසු සිය සගයා අසලට ගිය මුරකරු මේ පුවත පවසා ඔහුවද කැඳවාගෙන ආවේ ඒ විස්මිත අසුන පෙන්වන අදහසිනි. එහෙත් ඔවුන් ආපසු එද්දි ඒ මල් දෝත එහි දක්නට නොතිබිණි.

මේ එක් සිදුවීමක්ම පමණක් වූ අතර, මෙවැනි බොහෝමයක් අත්දැකීම් එවකට සිටි සිරිපා බිමේ කටයුතු කළ අයට අත්විඳින්නට සිදුව ඇති බව අසන්නට ලැබේ.

සිරිපා සමය නිම වීමෙන් පසු එළැඹෙන්නේ අවාරයයි. අවාරයට සිරිපා බිම ජනයාගෙන් තොර කලාපයක් බවට පත්වන්නේ ස්වභාවධර්මයට ඉඩ හසර ලබා දෙමිනි. මේ අවාර සමයේ කලාතුරකින් සිරිපා බිමෙන් නික්මෙන ඝාණ්ටාර හඬත් අසල ගම්දනව්වල ජනයාට ඇසෙන බව පැවසෙනවා. ඔවුන් පවසන ආකාරයට එම ඝාණ්ටාර හඬින් යම් අසුබ සිදුවීමක් ගැන අනාවැකියක් පවසන බවයි විශ්වාසය. ඒ අනුව එවකට සිරිපාද ස්ථානයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන් වහන්සේ අපවත් වූ දින මේ ඝණ්ටාර හඬ ඇසුණු බවටත් ගම්වැසි ජනයා පවසති.

අවාර සමයේ විවිධ අවස්ථාවන්හි විශාල නඩයක හඬ මුරකරුවන්ට ඇසුණු අවස්ථා අනන්තවත් ඇති බවත් එසේ ඇසුණද එවැනි නඩයක් නොපැමිණි බවත් ඔවුන් පවසා ඇත්තේ සිය විස්මිත අත්දැකීම් විස්තර කරමිනි. පසළොස්වක පොහෝ දිනවලත් ඇතැම් විශේෂිත දිනවලත් බෙරහඬ, සක්හඬ, නිතර නිතර ඇසෙන බව බොහෝ දෙනෙකු අත්දැක තිබේ.

බොහෝ කලකට පෙර දිනෙක දහවල් මුර රාජකාරියේ යෙදී සිටි මුරකරුවන් දෙදෙනෙකු සිරිපා මළුවේ වන්දනාමාන කටයුතුවල යෙදෙමින් සිටින පූජ්‍ය උතුමකු දැක තිබෙනවා. පසුව ඔවුන් දෙදෙනා දානය පිළියෙල කර එම පූජ්‍ය උතුමන්ට පිළිගන්වා ඇති අතර, දානය පිළිගෙන මුරකරුවන්ට ස්තුති කළ එම පූජ්‍ය උතුමාණන් ඔවුන්ට සමුදී පිටව ගොස් ඇතත්, මුරකරුවන් ආපසු හැරී බලද්දී එවැන්නකු පඩිපෙළ මත ගමන් කරනු දක්නට ලැබී නැත.

මේ ආකාරයේ බොහෝමයක් හාස්කම් සිරිපා අවාර සමයේ සිදුවන අතර, බොහෝ දෙනකුගේ මතය අනුව සමනල බිමේ ඇති සියලු ගහකොළවල, අතු මුදුන් සිරිපා පද්මය දෙසට නැමී ඇති බවයි පැවසෙන්නේ.

සිරිපා සමය ඇරැඹෙන්නේද මහත් ගරුසරු සහිතවය. ඒ අනුව සමන්දේව ප්‍රතිමාව, ආවතේවකරුවන්ගේ කර පිටින් සිරිපා කන්දේ සමන් දේවාලයට වැඩම කරවීම සිදු කෙරෙන අතර ඒ සඳහා සමන් දෙවියන් නල්ලතන්නියට වැඩම කරවන අතරතුර සැදැහැවත් දානපතීන් විසින් දෙවියන්ට රන් මාලා පලඳනු ලබන අතර එලෙස පලඳන සියලු මාල අවසානයේ එකට එකතු වන බවටත්, එලෙස සෑම වසරකම පරණ මාලයට අලුත් මාල එකතු වී ප්‍රමාණයෙන් වැඩි වන බවත් පැවසෙයි.

සිරිපා වන්දනාවට එන සියලු බැතිමතුන් ආරක්‍ෂා කරන්නට සමන් දෙවියන් කටයුතු කරන බව එදත්, අදත් ජනතා විශ්වාසයයි. කිලි, පිලි නොමැතිව සිරිපා බිමට පා තැබීම කාගෙත් යුතුකමකි. එසේ නොවුණු විට විවිධ දුක් දෝමනස්වලට පත්වන්නට සිදුවීමද හාස්කමක් බඳුය. එසේම සිරිපා සමයට කොතරම් වන්දනාකරුවන් පිරිසක් සිරිපා මළුවට පැමිණියත් තදබදයක් ඇති නොවීමද කවුරුත් අත්දැක ඇති සත්‍ය හාස්කමකි. මෙනිසාම කටවරද්දා නොගෙන සිරිපා කරුණා කරන්නට සිතා ගැනීම කාගෙත් යුතුකමකි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

එන්නත් කමිටුවේ අපලයක්! චීන සිනොවැක් එන්නතට අවසර දීමත් සමග තවත් වෛද්‍යවරු තිදෙනෙක් ඉල්ලා අස්වෙයි!

Next Post

MAS ඉන්ටිමේට්ස් වෙතින් වයඹ පළාතට අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.