• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

දුටුවන් බියවැද්දූ මෝහිනීගේ තුවාලයේ අබිරහස

July 6, 2021
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
දුටුවන් බියවැද්දූ මෝහිනීගේ තුවාලයේ අබිරහස
Share on WhatsAppShare on Facebook

නාගරික ප්‍රදේශයක ජීවත් වූ තරුණයකු සිය ඥාති නිවෙසක මරණයකට සම්බන්ධ වීම සඳහා පැමිණියේ තනියමය. දහවල් කාලයේ පැමිණ මරණ ගෙදර පැවැති නිවෙසට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි වෙනත් ඥාතියකුගේ නිවෙසට පැමිණි ඔහු එම නිවෙසේ පදිංචිව සිටි අවැස්ස මාමණ්ඩිය සහ නැන්දණියත් තවත් කිහිප දෙනෙකුත් සමග මරණයට සම්බන්ධ වීමට යෑම සඳහා පිටත් වුවද, ඔහුගේ සිත තිබුණේ නිවෙසේ තනිව නතර වූ නෑනා ගැනය. ඔයත් යමු යැයි ඇවටිලි කළත් ඇය ඊට පැමිණියේද නැත.

තරමක් සංකර ගති ගුණ හිමි තරුණයා නෑනා ගැන සිතමින් මරණයට සම්බන්ධ වුවද, ඔහු සිටියේ ඉක්මනින් ආපසු පැමිණෙන සිතුවිල්ලෙනි. එහෙත් අනෙක් පිරිස පසුදා යන අදහසින් එහි නතර වීමට තීරණය කර දියණියට ඇමැතුමක් දී අසල්වැසි ඥාති නිවෙසක නතර වෙන්නැයි දැනුම් දුන්නේ තරුණයාගේ දුරකථනයෙනි.

‘මටත් කොළඹ යන්නයි හිත මාමේ යාළුවෙකුත් හම්බවුණා, මං යනවා.’

තරුණයා එසේ පවසා කිසිවකු නැති තැනකට ගොස් සිය නෑනණ්ඩියට ඇමැතුමක් ගත්තේය. කිහිප වතාවක් උත්සාහ කළ විට අනෙක් පසින් ඇමැතුමට සම්බන්ධ වූයේ සිය නෑනණ්ඩියයි.

‘ඔයා ගෙදර ඉන්න අපි දැන් එනවා’ එසේ කියා අනෙක් පිරිසට බොරුවක් පැවැසූ තරුණයා මහ රැයේම මරණ ගෙදරින් පිටත්ව ආවේ තමා පැමිණි යතුරුපැදියෙන්මය. ගම්බද මාර්ග නිසාදෝ තරමක් පාළුවට ගොස් තිබුණේය. තරුණයාට යම් බියක් සහ සැකයක්ද ඇති විය. වැව් කණ්ඩි වන ලැහැබ පසු කරමින් පැමිණි ඔහු සිය මාමණ්ඩියගේ නිවෙසට යෑමට ඇති මාර්ගයට යතුරුපැදිය හරවද්දී තරුණියක පාර අයිනේ සිට අත දැමුවාය.

රූමත් තරුණියක දුටු තරුණයා යම් තරමකට අමුතු ප්‍රබෝධයකටත්, කුතුහලයකටත් පත්විය. තරුණිය සිය යතුරුපැදියේ නංවාගෙන යෑමට ඔහුගේ සිත තුළ අමුතු ආශාවක්ද හටගත්තේය.

‘ඇයි නංගි’

තරුණයා යතුරුපැදිය නතර කරමින් ඇසුවේය.

‘අයියා මාව ඉස්සරහ වැව ළඟින් දාලා යනවද?’

‘අයියෝ ඕක මොකද්ද යමු යමු…’

තරුණයා කැමැත්ත දෙන්නටත් පෙර තරුණිය යතුරුපැදියට නැගගත්තේය ඇගේ සිරුර සිය සිරුරේ ස්පර්ශ වෙතැයි සිතමින් ගමන අතර තුර කිහිපවතාවක් තිරිංග තදකළද එවැන්නක් නොවීම ඔහුගේ පුදුමයට හේතුවක් විය. ඇගේ මුහුණ දැකගන්නා අදහසින් පැති කණ්ණාඩිය කරකැවුවද ඇගේ රුව දැකගන්නට හැකි කෝණයකට එය ගන්නට ඔහුට නොහැකි විය. යන්තමින් ඇගේ ගත රැඳි සුදු සායේ පොටක් පමණක් එහා මෙහා යනවා ඔහුට පෙනිණි.

විවිධ සිතුවිලි සිතපුරා සැරිසරද්දී ඇය පැවැසූ වැව අසල යතුරුපැදිය නතර කළ තරුණයා ඉතා උනන්දුවෙන් බලාගෙන සිටියේ ඇගේ ස්තුතිය අපේක්‍ෂාවෙනි.

‘නංගි මෙතැනින් කොහාටද යන්නේ. මේ හරිය පාළුයිනේ යමු මං ගේ ළඟින් දාලා එන්නම්.’

ඊට සිනාවකින් පිළිතුරු දුන් තරුණිය එතැනින් යන්නට යද්දී ඔහුගේ ඇස ගැටුණේ ඇගේ පිටුපස ප්‍රදේශයයි. අදහාගත නොහැකි තරමේ තුවාලයක් ඇගේ පිටුපස ප්‍රදේශයේ තිබෙනු දැක ඔහු තැති ගත්තේය. අවසානයේ යතුරුපැදිය පණගන්වා ගෙන වේගයෙන් ඉදිරියට ගිය ඔහු සිය ඥාති නිවෙස ඉදිරිපිටදී යතුරුපැදියෙන් වැටී සිහිසුන් විය. එම හඬ ඇසී එතැනට පැමිණි ගම්මුන් ඔහුව ගමේ වෙද මහතා අසලට ගෙන ගියේය.

සිහි ලැබුණු විගස සිදුවූ සියල්ල ඔහු අකුරක් නෑර පැවැසුවේ තැතිගැන්මෙනි.

‘මෝහිනිගෙ අවතාරයට බයවෙලා තියෙන්නේ. ඔය තුවාලය තියෙන්නෙ මෝහිනීට.’

වෙද මහතා කරුණු පැහැදිලි කරදුන්නේ සියල්ල විස්තර කරමිනි.

මේ එක්තරා සිදුවීමකි. මෙවැනි සිදුවීම් රැසකම රූමත් තරුණියකගේ පිටේ ඇති තුවාලයක් දැක තරුණයන් සේම වැඩිහිටි පිරිමින්ද බියට පත්ව ඇති බව පැවසේ. අද මෙන්ම අතීතයේදී මෙවැනි පුවත් බොහෝ අසන්නට ලැබේ. කෙසේ නමුත් මෝහිනීගේ පිටෙහි ඇති සුව නොවන තුවාලය ගැන ඇත්තේද අමුතුම කතාවකි.

දිර්ඝ කාලයකට එහා අතීතයේ දිනයක මෝහිනී සිය සමීපතමයකු වූ යම දෙවියන් සමග මනුෂ්‍ය ලෝකයේදී රංගනයකට එක්ව තිබේ. එහිදී දෙදෙනා අතර සිදුවූ වැලඳ ගැනීමකින් යමගේ ලිංගේන්ද්‍රය මෝහිනීගේ පිට ප්‍රදේශයේ වැදීමෙන් තුවාලයක් හටගෙන තිබේ. එසේ ලිංගික ක්‍රියාවලිය නිසිලෙස සිදු නොකිරීමෙන් හටගන්නා තුවාල සුව නොවී විෂබීජ ඇතුල් වී බරපතළ තත්ත්වයට පත්වන්නා සේම මෝහිනිගේ තුවාලයද සුව නොවන තත්ත්වයට පත්ව තිබේ. මේ නිසාම අයථා අයුරින් කායික සැපත සොයන්නන් කෙරේ මෝහිනි කුපිතව කටයුතු කරන බවත් ඇගේ බැල්ම එවැන්නන් හට වැටෙන බවත් ජනප්‍රවාදයේ පැවත එයි.

මෝහිනිගේ දිෂ්ඨිය ඇතිව මියයන කෙනෙක්, නම් මියයන මොහොතේ ඇතිකර ගන්නා නරක සිතුවිලි හේතුවෙන් නරකයේ ඉපිද පරම්පරා ගණනක් දුක්විඳින බවද පැවසේ. එමෙන්ම අනෙකකු පීඩාවට පත්කොට කායික සැපත සොයන්නන් මෝහිනිගේ බැල්ම නිසා මරණින් පසු යක්‍ෂ, ප්‍රේත ආත්මවල ඉපිද අනන්තවත් දුක් විඳින බවටද විශ්වාසයක් වෙයි.

එවැනි පුරුෂයන් ගැන මෝහිනියට විශේෂ ඉවක් ඇති බවත් කොහේ කොතැනක එවැන්නකු සොයාගෙන ඒමේ හැකියාව ඇය සතු බවත් ජනප්‍රවාදයේ පැවැත එන්නකි.

මේ හේතු කාරණා මැනවින් තේරුම් ගෙන අයථා ලිංගික ක්‍රියාකාරකම්වලින් වැළැකී නිසි ආකාරයට ජීවත් වීමට සියලු දෙනා කල්පනාකාරී විය යුතුය. එසේම යම් ලෙසකට මෝහිනිගේ බැල්මට හසුවුවහොත් ඉන් ගැලවීමට පුද පූජාවන් රැසක් කිරීමට සිදුවනු ඇත. එසේ කිරීමෙන්ද ගැලවීමට නොහැකි තරමට ප්‍රබල ලෙස මෝහිනිගේ බැල්ම වැටුණු අයද ඉඳහිට හමුවන බව ජන විශ්වාසයයි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සනත්ට අවුරුදු 7ක් ක්‍රිකට් තහනම්!

Next Post

ක්‍රිස්බ්‍රෝ ‘ප්‍රජා අරුණ’ සමාජ සත්කාරයෙන් සමාගමේ සේවකයින්ට නව නිවාස

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.