• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

මිහිපිට දෙව්ලොව Villa Thawthisa

October 1, 2019
in Holiday
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

නිවාඩුවක් ගතකරන්න යද්දී නවතින තැන තෝරද්දී එක එක්කෙනා කැමැති දේවල් තියෙනවා. සමහරු කැමැති කඳු උඩ නිවාඩුව ගතකරන්න. තවත් සමහරු මුහුදු වෙරළක් ළඟ ඉන්න ආසයි. ඒ අතර පුංචි කැලෑවක පරිසරය විඳිමින් නිවාඩුව ගතකරන්න කැමැති අයත් ඉන්නවා. මේ කාරණා තුනම එකට තියෙන තැනක් කියන්නේ ඒක හරියට දිව්‍ය ලෝකයක් වගේ වෙන්න පුළුවන්. එහෙම තැන් තියෙන්නෙ කොහෙද? ඒ තමයි ඔබේ හිතට නැඟෙන ප්‍රශ්න.
ලෝකේ සුන්දරම මුහුදු වෙරළක් ළඟ පුංචි කැලෑවක් එක්ක තියෙන කඳුවැටියක් මුදුනේ නිවාඩුවක් ගතකරන්න ඇත්නම් ඒක හරියට දිව්‍ය ලෝකෙට ගියා වගේ අත්දැකීමක්. මේ වගේ හීන ඔබෙත් මගෙත් හිත්වල නැතුවාම නොවෙයි. ඒත් කොහෙද එහෙම තැන්? ඒ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු අරගෙන මේ සතියෙ අපි හිතුවා ඔබව දිව්‍ය ලෝකෙට කැන්දන් යන්න.
උණවටුන කියන්නේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත සුන්දරම මුහුදු තීරවලින් එකක්. මේ වෙරළේ සුන්දරත්වය වැඩි වෙන්න එක හේතුවක් තමයි රූමස්සල කඳුවැටිය. පුංචි කැලෑවත් එක්ක තියෙන රූමස්සල කඳුවැටිය නිසා උණවටුනේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වෙලා පේනවා. රූමස්සල තමයි උණවටුනේ නැරඹුම් මැදිරිය. ඔව් එතැන තියෙනවා අපූරු නැරඹුම් මැදිරියක්. අන්න එතැන තමයි අපි අද නවතින්නේ.

මේ සතියෙ අපි නවතින්නේ ගාල්ලේ උණවටුනේ ‘තව්තිසා’ හෝටලයෙ. ඇත්තටම මේ Location එක මිලකරන්න බෑ. ඒ නිසාම වෙන්න ඇති මෙතැනට ‘තව්තිසා’ කියන නම යොදන්න ඇත්තෙ. මෙතැනට එන කෙනකුට කොහෙ බැලුවත් පේන්නේ මුහුද. කොටින්ම කියනව නම් කාමරේ ඇඳ උඩ ඉඳගෙන මුහුදෙ නැව් යනවා බලන්න පුළුවන්. කනට ඇහෙන්නෙ කුරුල්ලන්ගේ සද්ද. මේ නවාතැනේ කාමර සියල්ල ඉදිවෙලා තියෙන්නෙ මුහුදට නිරාවරණය වන ආකාරයට. හැම කාමරයකම පාහේ Jacuzzi Bath නිර්මාණය කරලා තියෙනවා. ඒවයෙ බැහැලත් මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා. මෙහෙට එන කෙනකුට ඉර බහිනවා බලන්න කොහෙවත් යන්න ඕනෙ නෑ. කාමරයේ වැරැන්ඩා එකේ ඉඳලම ඉර බහින හැටි බලන්න පුළුවන්. ටී කොෆි බාර් එකත් එළියෙන් තියෙන නිසා හවස තේ එකත් මෙතැන ඉඳලම ගන්න පුළුවන්.

විශාල පිහිනුම් තටාක දෙකක් Spa එකක්, Gym එකක් සහිත මේ නවාතැනේ තියෙන අනෙක් විශේෂම තැන තමයි අවන්හල. මෙහේ තියෙන්නේ ඍදදඓදච ඍැිඒමර්බඑ එකක්. ඒ තමයි උණවටුන බලන්න පුළුවන් හොඳම තැන. තුන් වේලටම Buffet (බුෆේ) ක්‍රමට කෑම පිළිගන්වන මේ අවන්හල පිටින් එන අය සඳහාත් විවෘතයි. සති අන්තයේ කොළඹ මාර්ග තදබදයෙ තෙරපෙන්නෙ නැතුව මේ වගේ Location එකක් තියෙන අවන්හලකට ඇවිත් ඉර බහින හැටි බලාගෙන කෑම ටිකක් කන්න තියෙනව නම් තවත් කතා මොකටද?

තව්තිසා හෝටලය රාත්‍රී කාලයටත් තව්තිසාව වගෙම තමයි. ඒකට හේතුව තමයි මෙහි තියෙන ආලෝකකරණ පද්ධතිය. ඉතාමත් කුඩා විදුලි බුබුළු රාශියක් එක් කරලා හැම තැනම විසිරෝලා නිර්මාණය කරලා තිබීම හරිම අපූරුයි. රෑට හරියට පේන්නේ අහසේ තරු එළලා වගේ. බලන බලන තැන කුඩා එළි. මේ නිර්මාණය වෙන කාගෙවත් නම් නොවේ. ආයතනයේ හිමිකරු නිමල් ගීගනගේ මහත්මයා තමයි මේ අමුතු අලංකාර ක්‍රමය හොයාගෙන තියෙන්නේ.

කෑම බීම ඉතා රසවත් වගේම නැවුම්. ආගන්තුක සත්කාරත් ඉතාමත්ම ඉහළයි. කියන්න තරම් කිසිම අඩුපාඩුවක් තව්තිසා හෝටලයෙ අපට නම් දකින්න තිබුණෙ නෑ. ඒ සත්කාර නිසාම තමයි මොවුන්ට 2018 World Best Hotel සඳහා දෙන සම්මානයකුත් ලැබිලා තියෙන්නේ. දවසම මුහුද දිහා බලාගෙන ඉන්න ඔබත් එන්න උණවටුනේ තව්තිසාවට.
මේ දවස්වල විශේෂ වට්ටම් තියෙන නිසා මේ අංකයට කතා කරලා ඔබේ කාමර කලින්ම වෙන්කරලම එන්න.
0912228869

නිශ්ශංක මුවර්

SendShareShare
Previous Post

අස්ථි රෝග සුව කරන පද්මරාගය

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඔප්පු හිමියන්ට කාගිල්ස් ෆුඞ්සිටි හරහා රක්ෂණ වාරික ගෙවීමේ පහසුකම්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.