ශ්රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන ප‍්‍රයිම් සමූහයේ අති සුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය (Condominium Project) වන The Grand, Ward Place වෙතින් කෝවිඞ් වසංගතය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් නිවෙස්වල කාලය ගතකරන බොහෝ දෙනාගේ මානසික හා ශාරීරික සුවපත් බව උදෙසා ‘The Grand Wellness Circle’ නමින් නව ශාරීරික හා මානසික සුවතා වැඩසටහන් මාලාවක් හඳුන්වා දී ඇත. මේ සඳහා මෙරට ප‍්‍රවීණ යෝගා අභ්‍යාස පුහුණුකරුවන්, ශාරීරික අභ්‍යාස උපදේශකවරුන් හා භාවනා උපදේශකවරුන්ගේ වෘත්තීයමය පළපුරුද්ද සහිත උපදේශනයන් ලබාගැනීමට අවස්ථාව උදාකර දෙන ලදී. එහි පළමු අදියර ලෙස ‘The Grand Wellness Circle’ ශාරීරික හා මානසික සුුවතා වැඩසටහනට සමගාමීව ‘The Grand Wellness Week’ ඔන්ලයින් තාක්ෂණය හරහා දියත්කරන ලදී. මේ සඳහා සම්බන්ධ වන සෑම පුද්ගලයකුටම සහතික ලත් ප‍්‍රවීණ පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ කිසිදු ගාස්තුවකින් තොරව සම්බන්ධ විය හැකිය. සංචරණ සීමා හේතුවෙන් ඇති වන ආතතීන් පාලනය කරමින් මානසික හා ශාරිරික සුවපත්භාවය ඇති කිරීම මෙහි අරමුණ විය.











