• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුපල වෙනුවෙන් ඊශ්වර ලක්ෂ්මි පූජාවක්

September 28, 2019
in Astrology
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

විවාහ වී කලක් ගතවී දරුවන් නොමැති විට කේන්දරයටත්, ඔවුනොවුන්ටත් දෝෂාරෝපණය කරගැනීමට විවාහක යුවලයන් පෙලඹේ. මෙහිලා බොහෝ විට වරද පැටවෙනුයේ පුරුෂයාට වඩා
ස්ත්‍රිය කෙරෙහිය.
එසේ වුවද ඇතැම් විවාහක යුවලයන්ට වසර කිහිපයක් ගතවුණද දරුවන් නොපිහිටයි. ඇතැමුන්ට සදහටම නොපිහිටයි. මෙවිට කේන්දරයේ දරුපල ඇතැයි කියා නිගමනය කළද බොරු වූ අවස්ථා ඇත.

වරෙක මේ කාරණා සරල නොවේ. සංකීර්ණ ස්වභාවයක් ගනී. තිරිසන් සතුන් අතර සිවුපාවුන්ටත්, පක්‍ෂීන්ටත් පැටවුන් ඇති වෙයි. මිනිස් වර්ගයාට ඇති වන පැටවුන් (දරුවන්) විශේෂත්වයක් ගනී. සිත හා සිතීමේ ශක්තියක් තිබීමයි.
එවැනි දරුවකු සඳහා පූර්ව කායික පර්යේෂණ නොකර කොතෙක් දේව පූජා තැබුවද, ශාන්තිකර්ම කළද පලක් නොවේ.

ඇතැම් අඹු-සැමි යුවලයන්ට කායික ස්වභාවයේ කිසිදු වෙනසක් නොවූ වෙනත් හේතු යෙදේ. ඇතැමෙකුට කළුකුමාර දිෂ්ටියක් බාධා කරන බව කියැවෙයි. ඇතැමෙකුට මෝහිනී දිෂ්ටියක් බාධා කරන බව කියැවෙයි. දරුවකු පිළිසිඳ ගැනීමට සියලුම වෛද්‍ය හේතු හොඳින් තිබියදී ඉහත කී බාධා පවතී. ගැමි සමාජය තුළ මේ සඳහා භූත වෛද්‍ය කර්ම භාවිත කෙරිණි. රිද්දි යාගය, සන්නි යකුම, වින කැටීම ආදිය පැවතිණි. මෙය බටහිර වෛද්‍ය ශාස්ත්‍රය පිළිකෙව් කරයි. නමුත් එය බැහැර කළ නොහැකි එකක්.

මිනිස් මනස සියුම් භූතාත්මවලට ග්‍රහණය කළ හැකිය. මිනිස් සිත, සිතුවිලි හා සිරුර මෙහෙයවිය හැකිය. මිනිස් මොළයේ ඉන්ද්‍රියයන් මෙහෙය වීමට අභ්‍යන්තරයට රිංගාගත හැකිය. ඔවුන්ගේ මෙහෙයවීම ප්‍රකෘති මනස් දුර්වල කරයි. අඹු-සැමි යුවලට නිසි සේ ඇසුරට ඉඩ නොදේ. දරුපලවලට බාධා කරයි.

අමනුෂ්‍ය බලවේග දුරුවීමත්, හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තිබුණත් දරුපල නොසිටි අවස්ථාද විරල නොවේ. අඹු-සැමි යුවලගේ ජාන බලපෑමද හේතු වෙයි. සාම්ප්‍රදායිකව දරුපල අපේක්‍ෂාවෙන් කරනු ලබන පිළිවෙත් හා ශාන්තිකර්ම අපේ සමාජයේ පවතී. බෞද්ධ සාහිත්‍ය හදාරන විට සුද්ධෝදන රජතුමා සහ මහාමායා දේවිය පෙහෙවස් සමාදන්ව පින්වත් දරුවකු ප්‍රාර්ථනා කළහ. සතියක් පෙහෙවස් සමාදන් වූ රජුට දාව දේවිය කුස බෝසත් දිව්‍යාත්මයෙන් මිදී පිළිසිඳ ගත්තේය. මෙය අනුගමනය කරමින් ඇතැම් අඹු-සැමියෝ සිල් ගැනීම්, බෝධි පූජා පැවැත්වීම්, දානමානාදිය දීම් මඟින්ද දරුවන් පතති. මෙවිට පින්වත් බලවත් දරුවන් ලැබේ යැයි විශ්වාස පවතී.බෞද්ධ යන්ත්‍ර – මන්ත්‍ර ක්‍රම මඟින්ද මේ සඳහා පිහිට කොට ගතහැකි අවස්ථා වේ. “සබ්බපාපස්ස අකරණං” ගාථාව ප්‍රස්තාර කර දෙදෙනාම පැලඳ ගැනීම තවත් ක්‍රමයකි. ඉන්දීය යන්ත්‍ර – මන්ත්‍රද මේ සඳහා වේ.

හින්දු සමයේ එන ක්‍රමවේද අතර දරුපල ලැබීමට ඊශ්වර පූජා, ශිවලිංග පූජා තැබීම සිදුකෙරේ. ඊශ්වර දෙවිඳුන් පන්තිය පාර්වතී දෙවඟනයි. මේ දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. ස්කන්ධ කුමාර හා ගණ දෙවියන් මානව සංවර්ධනයට ආශීර්වාද කරන දෙදෙනෙකි. ඊශ්වර හා පාර්වතී එපමණක් නොව විෂ්ණු දෙවිඳුන්ගේ පන්තිය වන ලක්‍ෂ්මී දෙවඟනද දරුපල දෙන කෙනෙකි. මහා ලක්‍ෂ්මී දෙවඟන සම්පත් වර්ග 16ක් දෙයි. ඉන් එකක් වන්නේ දරු සම්පතයි. දරු සම්පත් දෙන දෙවඟන වන්නේ සන්තාන ලක්‍ෂ්මීය. ඇය රතු නෙලුම මලක් ආසනය කොට ගෙන බිළිඳකු දෑතින් දරා සිටියි. සන්තාන ලක්‍ෂ්මී හට පුද පූජා පැවැත්වීමෙන් දරුපල ලැබෙන බව හින්දුන් අතර දැඩි විශ්වාසයකි.

මේ සඳහා ඊශ්වර දෙවිඳුන්ගේ හා සන්තාන ලක්‍ෂ්මී ප්‍රසාදය ගැනීම විශේෂිත ක්‍රමයකි. මේ සඳහා හොඳම මෙවලම වනුයේ මහානුභාව සම්පන්න රුද්‍රාක්‍ෂ පැලඳීමයි. ඍජුවම ඊශ්වර බලයත්, ලක්‍ෂ්මී බලයත් ලබාගත හැක්කේ රුද්‍රාක්‍ෂය හරහාය. යන්ත්‍රයකට, තෙලකට වඩා ආකර්ෂණ බලයක් හා ශක්තියක් ඊට ඇත. රන්, රිදී, තඹ, යකඩ, බේරියම්, මැංගනීස් යන සය වර්ගයක සංයුතියෙන් සුසැදුණු ජීව චුම්බක හා විද්‍යුත් ශක්තියක් ඇති රුද්‍රාක්‍ෂය මිනිස් සිරුරට ධනාත්මක බලයක් එක්කරයි. මිනිස් සිරුරේ ඇති ජීව විද්‍යුත් හා ජීව චුම්භක ශක්තියට අන්‍යොන්‍ය ප්‍රතික්‍රියා කෙරේ. ඊට අදාළ බීජ මන්ත්‍ර, ගයත්‍රි මන්ත්‍ර, ස්තෝත්‍රාදිය කියා පුද පූජා දක්වා පැලඳ ගැනීමෙන් ඉක්මන් ප්‍රතිඵල අත්කරගත හැකියි.
භාවිත කළ හැකි මන්ත්‍ර හා ස්තෝත්‍ර

  1. ඊශ්වර දෙවිඳුට : ඕම් නමඃ ශිවාය
  2. ඕම් භූර් භුවාස් ස්වහඃ
    තත්ස විතර් වරේනසමි
    භර්ගෝ දේවශ්‍ය ධීමනී
  3. ඕම් තත් පුරුෂාය විද්මගේ
    මහා දේවාය ධීමනී
    තන්නෝ රුද්‍රාහ් ප්‍රචෝදයාත්
  4. ඕම් ත්‍රයම්බකම් යජ්මහේ
    සුගන්ධිම් පුෂ්ටි වර්ධනම්
    ඌර්වර් යුකමිවා බන්ධනම්
    මි්‍රත්‍යො මුක්ශේය වමි්‍රතන්
    මේ සඳහා ශිව පාර්වතී රුද්‍රාක්‍ෂ පූජාවක් පවත්වා රුද්‍රාක්‍ෂයන් පැලඳගත යුතුය.
    රුද්‍රාක්‍ෂ පූජාවේදීම සන්තාන ලක්‍ෂ්මී ස්තොත්‍ර කිව යුතුය.
    ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනට
  5. ඕම් මහා ලක්‍ෂ්මී දියෝ නමහා
  6. ඕම් හ්‍රීම් ක්ලීං මහා ලක්‍ෂ්මී නමහා
  7. ඕම් මහා ලක්‍ෂ්මීඤ්ච විද්මහේ
    විෂ්ණු පත්දයිච ධීමහී
    තන්නෝ ලක්‍ෂ්මී ප්‍රචෝදයාත්
  8. සන්තාන ලක්‍ෂ්මීට
    පුත්‍ර පෞත්‍රස් ස්වරූපේන
    පශු භූතාත්මතා ස්වයම්
    සන්තාන දායීනීම් දේවීම්
    සන්තාන ලක්‍ෂ්මී නමාම්‍ය නම්
    සන්තාන ලක්‍ෂ්මී නමොස්තුතේ
  9. සන්තාන ලක්‍ෂ්මී නමොස්තුතේ
    පරා බ්‍රහ්ම ස්වරූපිනී
    යසෝ දේහී ධනම් දේහී
    සර්ව කාමම්ස්ච දේහි මේ
    අඹු-සැමි යුවල ඊශ්වර ලක්‍ෂ්මී රූප තබා ස්තෝත්‍රාදිය කියමින් පුද පූජා තැබීම හෝ කෝවිලකට ගොස් මේ දෙදෙනාට පුද පූජාදී පිහිට පැතීමද යෝග්‍ය වෙයි.

ජ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා

SendShareShare
Previous Post

සාකච්ජා අවසන්: ‌පොහ‌ොට්ටුව ‌වෙනස් කරන්න මහින්ද-බැසිල්- ‌ගෝඨා ‌මෛත්‍රිට බෑ කියති

Next Post

සජිත්ට අපේක්ෂකත්වය දීමේ කවුරුත් ‌නොදත් තිරය පිටුපස කතාව ‌මෙන්න

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.