• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුවා ශාසනයට කැපවෙයිද? හරියටම දැනගන්න

May 19, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
දරුවා ශාසනයට කැපවෙයිද? හරියටම දැනගන්න
Share on WhatsAppShare on Facebook

දරුවකු ගැන මවුපියන්ට ඇත්තේ අසීමිත බලාපොරොත්තු ප්‍රමාණයකි. දරුවකු උපන්දා සිට එම දරුවා උගතකු වේද, බුද්ධිමතකු වේද, කවුරුන් වේවිද මේ ආදී දහසක් දේ සිතීමට මවුපියන් උත්සාහ දරයි. එහිදී දරුවා ගැන විවිධ බලාපොරොත්තු ඇතිකර ගනී. මේ ආකාරයට මවුපියන් කොතරම් සිහින දුටුවද එම දරුවාගේ උප්පත්ති ග්‍රහචාරය ඒ සියල්ල තීන්දු කරන ප්‍රධාන කාරණය බව අමතක නොකළ යුතු කාරණයකි. මන්ද කවුරුන් කෙලෙස උත්සාහ කළද කෙනකුගේ උපතේදී තිබූ ග්‍රහ සිත්තම එම ජන්මියාට කරන බලපෑම සුළුපටු නොවේ.

කෙසේ නමුත් මවුපියන්ගේ මෙවැනි දහසක් ප්‍රාර්ථනා අතර දරුවා ශාසනයට කැපවේවා යැයි සිතන්නට පවා අකැමැති මවුපියන් විශාල පිරිසකි. කෙසේ නමුත් යම් දරුවකුගේ උත්පත්තියේම එවැනි ග්‍රහ තත්ත්ව පිහිටා තිබෙනු දැකිය හැකි අතර එය වෙනස් කිරීමද පහසු නොවේ.

ජන්ම කේන්දරයක එකම භාවයක ග්‍රහයන් හතර දෙනකු හෝ ඊට වැඩි ගණනක් වූ විට එය පැවිදි යෝගයක් ලෙස පෙන්වා දෙන අතර බොහෝමයක් පැවිදි උතුමන්ගේ කේන්දර පරීක්ෂාවේදී එය සත්‍යයක් බවද පෙනෙන්නට ඇත. එසේ සිටින ග්‍රහයන් ගැන පැරැණි පොතපතෙහි සටහන් වන්නේ මෙලෙසිනි. ඒ අනුව එම ග්‍රහයන් අතරින් රවි බලවත් නම් “වන්‍යාංශ” හෙවත් වනගතව භාවනා කරන භික්ෂුන්වහන්සේ නමක බවට පත්වන බවත්, සඳු බලවත් නම් “වෘද්ධ” නම් වන බවත් එවිට පිරිවර සහිතව වැඩවාසය කරන්නට ලැබෙන බවත් කියැවේ. බුධ බලවත් නම් “භික්ෂු” නම් වන බවත් කියැවේ. එය පිණ්ඩපාතය වැඩමකොට ජීවත්වන තාපස ක්‍රමයකට සමාන ක්‍රමයකි. ගුරු බලවත් වී නම් “ආජීවක”ද, සිකුරු බලවත් නම් “චරක” නම් ගමින් ගමට යන පැවිදි බවක් ලබන බවද කියැවේ. ඒ අනුව ඒ ඒ ග්‍රහයන්ගේ බල දුබලකම අනුව ඉහත ආකාරයට ඒ ඒ අයගේ පැවිදි දිවිය හැඩගැසෙන බව අවබෝධ කරගත යුතුය.

එසේම පැවිදි යෝග ඇත්නම් ඒවා ක්‍රියාත්මක වන කාලයද දැනගැනීම වැදගත් වේ. ඒ අනුව එම යෝගයට සම්බන්ධ බලවත්ම ග්‍රහයාගේ මහ දශාවේ හෝ අන්තර් දශාවේදී යෝගය ක්‍රියාත්මක වනු ඇත.

යෝගයෙහි බලවත්ම ග්‍රහයා ජන්ම කාලයේ ග්‍රහ යුද්ධයෙන් පරාජය වේ නම් එම කාලයේ යළි ගිහියකු වෙයි. “ප්‍රවජ්‍යා” නම් යෝගය යෙදී එහි ග්‍රහයන් දෙදෙනකු බලවත් වී නම් සිවුරු හැර නැවත පැවිදි වෙයි. මේ ආකාරයට පැවිදි බව ලබන තවත් ග්‍රහ පිහිටීම් රැසකි. ඒවා මේ ආකාරයට හඳුන්වා දිය හැකිය.

• සඳු, ශුක්‍ර, ශනි යන ග්‍රහයන් එකට සිටීම.
• ලග්නයේ හෝ හත්වැන්නේ කුජ සිටියදී රවි පස්වැන්නේ වීම.
• සඳු සිට රාශියේ අධිපතියා ශනිට පමණක් පෙනීම.
• කුජ හතේත්, රවි නවයේත් සිටීම.
• හතරවැන්නේ ශනි, සිකුරු සිටීම හෝ හතරේ සිකුරු ශනිට පෙනීම.
• කේන්දරයක රාහුත්, කේතුත් හැර වෙනත් ග්‍රහයන් පස්දෙනකු එකම රාශියක පිහිටා සිටීම.

මේ ආකාරයට ජන්මියකුගේ ජීවිතය ශාසනයට කැපවන අයුරු හඳුනාගත හැකි අතර වැඩිදුර කේන්දර පරීක්ෂා කිරීමෙන් ඒවා බලපැවැත්වෙන කාලසීමාවන්ද හඳුනාගත හැකිය.

ප්‍රවීණ ජ්‍යොතිෂ සහ අංග ලක්ෂණ පර්යේෂණවේදී
ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

බොරු ගොතලා-බොරු ලියලා-බොරු පෙන්නලා එදිරිසිංහ මරාගත්ත බිස්නස්-මාධ්‍ය මාෆියාකාරයෝ EXCLUSIVE

Next Post

ගමක් ගමක් ගානෙ නමක් තියලා රාමයි රාවණයි කරපු දේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.