• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරු ගොතලා-බොරු ලියලා-බොරු පෙන්නලා එදිරිසිංහ මරාගත්ත බිස්නස්-මාධ්‍ය මාෆියාකාරයෝ EXCLUSIVE

May 19, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
බොරු ගොතලා-බොරු ලියලා-බොරු පෙන්නලා එදිරිසිංහ මරාගත්ත බිස්නස්-මාධ්‍ය මාෆියාකාරයෝ EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

අපේ රටේ වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් එක්ලක්ෂ අසූදහසකි. ඒ ෆාම් තෙල් හැරුණු කොට පොල්තෙල් සඳහා වන ඉල්ලුම පමණි. එම අවශ්‍යතාවයෙන් දේශීයව වෙළෙඳ පොළට පොල්තෙල් සැපයෙන්නේ මෙටි්‍රක් ටොන් 25,000ක් පමණි. ඒ අනුව අපේ රටේ පොල්තෙල් අවශ්‍යතාවෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ පනස්පන් දහසක්ම සපුරා ගන්නේ ආනයනිකවය. ඒ ඉන්දුනීසියාවෙන් සහ මලයාසියාවෙනි.

අපේ රටේ පොල්තෙල් අවශ්‍යතාවෙන් වැඩි කොටසක් වෙළෙදපොළට නිකුත් කරන්නේ සමාගම් කිහිපයක් පමණි. ඒ අය වැඩි වශයෙන් පොල්තෙල් වෙනුවට ආනයනය කරන්නේ පිරිපහදු නොකළ තෙල්ය. මෙරට පිහිටි කර්මාන්ත ශාලාවලදී එම පොල්තෙල් පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කරන්නේ ඒ තුළින් ලැබෙන අධික ලාබය හේතුකොටගෙනය.

මෙරට පොල්තෙල් ඉල්ලුමේ ඉහළම අගයක් ගන්නේ අප්‍රේල් මාසයේදීය. ඒ අලුත් අවුරුද්දේ රස කැවිලි නිෂ්පාදනය සඳහා පොල්තෙල් භාවිතය ඉහළ අගයක් ගන්නා බැවිනි. ඒ නිසාම පොල්තෙල් ආනයනයේ නිරතව සිටින මහාපරිමාණ හිමිකරුවෝ මාර්තු මාසයේ සිට විශාල වශයෙන් පොල්තෙල් ආනයනය කර ගබඩා කර තබාගනිති. එය කාලයක් තිස්සේ සිදුවන්නෙකි.

සීනි වංචාවට ගෑවුණු අය පොල්තෙලුත් ගෙන්වති

මෙවරත් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එකී සමාගම් පිරිපහදු නොකළ පොල්තෙල් විශාල වශයෙන් ආනයනය කරන විට සීනි බදු අඩුකිරීමේ වාසිය ඉහළින්ම උපයාගත් මෙරට සමාගමක්ද පිරිපහදු නොකළ තෙල් වෙනුවට මෙවර හිටි හැටියේම පිරිපහදු කළ තෙල්ම ආනයනය කළේය. ඒ, සීනි ආනයනය කළාක් මෙන් අසීමාන්තික ලෙසිනි. පිරිපහදු නොකළ තෙල් වෙනුවට ඒ අය හිටි හැටියේම පොල්තෙල්ම ආනයනය කරන්නේ ඇයිදැයි හෙළිවන්නේ දැන්ය. ඒ, මෙරට පොල්තෙල් සම්බන්ධයෙන් ඇතිවූ යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් හේතුවෙන් ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් විමර්ශනයක් සිදුකරන බැවිනි.

සීනිවලට වගේම බද්දත් අඩු කරගෙන

එකී විමර්ශනයන්ට අනුව පෙනීගොස් ඇත්තේ පිරිපහදු නොකළ පොල්තෙල් කිලෝවක් මෙරටට ආනයනය කිරීමේදී රුපියල් 125කද, පිරිපහදු කළ පොල්තෙල් කිලෝවක් ආනයනයේදී රුපියල් 150කද බද්දක් අයකරන බවකි. බොහෝ සමාගම් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට රැගෙන ඒමේ රහස පිටුපසද සැඟවී ඇත්තේ එම බද්දය. මෙවර හදිසියේම අදාළ සමාගම ආනයනය කළ පිරිපහදු කළ පොල්තෙල් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවන විට සීනිවලට වූ දෙයම පොල්තෙල්වලට සිදුව තිබිණි. එනම් පිරිපහදු කළ පොල්තෙල් ආනයනය කිරීමේ බද්ද රුපියල් 25කින් අඩුවී තිබීමය. ඒ අනුව පිරිපහදු නොකළ සහ පිරිපහදු කළ යැයි කියා වෙනසක් බද්දට නොවීය. බදු මුදල එක හා සමාන විය.

අදාළ සමාගම නියමිත බදු මුදල් ගෙවා, සියලු පරීක්ෂණවලින් සමත්ව, ඔවුන් ආනයනය කළ පොල්තෙල් ගබඩාවලට යන විට සෙසු සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් බහාළුම් කොළඹ වරායට සේන්දු වන්නට විය. සුපුරුදු ලෙස එම බහාළුම්වලින් සාම්පල් ලබාගත් රේගුව ඒවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයටත් යොමුකරනු ලැබීය. එම පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම පිරිපහදු නොකළ පොල්තෙල් තොග අදාළ ආනයනික සමාගම්වල ගුදම්වලම මුද්‍රා තබා ගබඩා කෙරෙන්නේ රේගුව සතුව ආහාර ද්‍රව්‍ය සුරක්ෂිතව ගබඩා කර තැබීමට පහසුකම් නොමැතිකම නිසාය. මේ ක්‍රියාවලිය සිදුවන්නේ දීර්ඝ කාලයක් තිස්සේය. මෙතෙක් කලක් ඒ සම්බන්ධයෙන් ගැටලුවක්ද නොවීය. ආනයනික ආහාර ද්‍රව්‍ය පරීක්ෂාවලින්ද අසමත් නොවීය.

එකපාරටම ඇෆ්ලටොක්සින් ප්‍රචාරයක් එයි

එහෙත් මෙවර එසේ නොවීය. අඩුවූ බදු වාසිය හිමිකරගත් පොල්තෙල් ආනයනය කළ සමාගමේ තරගකාරී සමාගම් තුනක් වන කටාන රිෆයිනරින්, අලි බ්‍රදර්ස් සහ එදිරිසංහ එඩිබල් ඔයිල් යන සමාගම් ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල්වල පිළිකාකාරකයක් වන ඇෆ්ලටොක්සින් අඩංගු බව මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ඇතිවන්නට ගත්තේය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය උපුටා දක්වමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායකයන්ට අනුව පොල්තෙල්වල තිබිය යුතු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය කිලෝ එකකට මයික්‍රෝ ග්‍රෑම් 10කට අඩු ප්‍රමාණයකි. එහෙත් අපේ රටේ මේ වන විට නිකුත්වී ඇති නියෝගවලට අනුව එම ප්‍රමාණය කිලෝ එකකට 30කි. මේ පිරිපහදු නොකළ තෙල්වල ඇතැයි කියන්නේ ඊට වඩා 30ටත් වඩා වැඩි ප්‍රතිශතයකි. ඒත් එක්කම මාධ්‍ය මෙහෙයුමක් සිදුවන්නේ පිළිකාව පෙරටුකරගෙනය. මෙතෙක් කලකට මේ ආකාරයට පිළිකාකාරක නොතිබුණු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල හිටි හැටියේම ඇෆ්ලටොක්සින් ඉහළ අගයක් ගැනීම සමාජයේ දැඩි කථාබහට ලක්වන්නට පමණක් නොව, මහජනතාව පොල්තෙල් භාවිත කිරීම පවා ප්‍රතිකේෂ කරන තැනකට පත්විය.

මේ පිටුපස සැබෑ ලෙසම තිබුණේ කුමක්දැයි පැහැදිලි වන්නට කාලයක් ගතවනු ඇත. ව්‍යාපාරික තරගකාරීත්වයක් මේ පිටුපස තිබුණේ දැයි පැහැදිලි සැකයක්ද සියලු කාරණා දෙස බැලූ විට පෙනීයන කරුණකි. මේ ආනයනය කරන බොර තෙල් අවසන් නිෂ්පාදනය නොව, අවසන් නිෂ්පාදනය සිදුවන්නේ මෙරට කර්මාන්ත ශාලාවලදී ඒවා පිරිපහදු කිරීමෙන් අනතුරුවය. අපේ රටේ ජනතාව භාවිත කරන්නේ එසේ අවසන් නිෂ්පාදනයයි. ඇෆ්ලටොක්සින් අගය පරීක්ෂා කළ යුත්තේ එම අවසාන නිෂ්පාදනයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කර ඇති විමර්ශනවලින් පෙනීගොස් ඇත්තේ කාර්මික තත්ත්වයේ පැවැති පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් ඉහළ අගයක් ගන්නා බවකි. එසේ තිබියදී මෙතෙක් කාලයක් ආනයනය කළ පොල්තෙල් පරීක්ෂා කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයට පිරිපහදු නොකළ පොල්තෙල්වලින් ඇෆ්ලටොක්සින් හමුනොවීම ගැටලුවකි.

මෙවර ඇෆ්ලටොක්සින් හමුවන ආනයනික පොල්තෙල් අතර කටාන රිෆයිනරින් සමාගම ආනයනය කළ බහාළුම් 06ක පොල්තෙල් මෙටි්‍රක් ටොන් 105ක් විය. අලි බ්‍රදර්ස් පෞද්ගලික සමාගම ආනයනය කළ බහාළුම් 04ක මෙටි්‍රක් ටොන් 1513ක් පිරිපහදු නොකළ පොල්තෙල් අඩංගුය. එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගමේ බහාළුම් 03ක මෙටි්‍රක් ටොන් 230ක් පිරිපහදු නොකළ පොල් තෙල් විය.

ඒ අනුව බහාළුම් 13ක මෙටි්‍රක් ටොන් 1850ක පිරිපහදු නොකළ පොල්තෙල් ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවා ඇතැයි කියැවිණි. ඒත් එක්කම එකී පොල්තෙල් ගබඩාකර තිබුණු අදාළ සමාගම්වල ගබඩාවලට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා රේගු බලධාරීන් පියවර ගත්තා පමණක් නොව, එම බහාළුම් වහාම ප්‍රති අපනයනය කරන ලෙසද නියෝග කළේය. ඒ පිරිපහදු කර අවසන් නිෂ්පාදයේ ඇෆ්ලටොක්සින් තිබේදැයි පරීක්ෂාකර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නැයි මේ සමාගම් තුන දිගින් දිගටම ඉල්ලා සිටියදීය.

දංකොටුවේ බවුසර් නාට්‍යය

රේගුවෙන් හෝ රජයේ වෙනත් බලධාරීන්ගෙන් ඊට කිසිදු සහනයක් මෙම සමාගම් තුනට නොලැබෙන විට කටාන රිෆයිනරින් සමාගම ඔවුන් ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් මෙටි්‍රක් ටොන් 105ක් ප්‍රතිඅපනයනය කරන විට සෙසු සමාගම් දිගින් දිගටම සහනයක් බලාපොරොත්තුවෙන් ප්‍රතිඅපනයනය ප්‍රමාද කරන්නට ගත්තේය. ඒ අතර දංකොටුව පොලීසියට ලද තොරතුරකට අනුව දංකොටුවේ පොල්තෙල් කර්මාන්ත ශාලා භූමියක සැකකටයුතු ලෙස නතරකර තිබුණු පිරිපහදු නොකළ පොල්තෙල් ලීටර් 55,000ක් පිරවූ බවුසර් දෙකක්ද සොයාගත්තේය. ඒ බවුසර් දෙක සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් මාධ්‍ය තුළ ඇතිකළ අතර, එහිද ඇෆ්ලටොක්සීන් ඇතැයි මාධ්‍ය වාර්තා කරන්නට ගත්තේය. එම බවුසර් දෙක එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගමට අයත් එකක් වූ බැවින් මෙම පොල්තෙල් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිකළ එක්තරා මාධ්‍ය ආයතනයක් උපක්‍රමශීලීව සිය මාධ්‍ය මෙහෙයුම දියත් කරන්නට ගන්නේ බවුසර් දෙකේ වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා තිබුණු ඒවා ගබඩාවලින් පන්නා ඇති බවටය. ඒ අනුව රටේ ඒ ගැනද මහත් ආන්දෝලනයක් ඇතිවන්නට ගත්තේය. ඒ නිසාම මේ පොල්තෙල් කතාව ගැන විමර්ශන පැවැත්වීමේ වගකීම පැවරෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. එහිදී පැහැදිලිවම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙනීගොස් ඇත්තේ එම බවුසර්වල තිබුණු පිරිපහදු නොකළ පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා තිබුණු ඇෆ්ලටොක්සින් අඩංගු බව කී පොල්තෙල් නොවන බවය.

අපි කවදාවත් මිනිස්සුන්ට වහ කැව්වේ නැහැ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරුවලට අනුව එදිරිසිංහ එඩිබල් ඔයිල් සමාගම පාරම්පරිකව පොල්තෙල් කර්මාන්තයේ නිරතව සිටින සමාගමකි. එහි වත්මන් හිමිකරුවා වූයේ නන්දන ජයසිංහය. පරම්පරා කිහිපයක පුරුක් මේ ව්‍යාපාරය හා බැඳී සිටිති. කීර්තිමත් ව්‍යාපාරයකට හිමිකම් කී මෙම සමාගම මෙවන් චෝදනාවකට ලක්වන පළමු අවස්ථාව මෙයයි.

“අපි කවදාවත් මිනිස්සුන්ට වහ කැව්වේ නැහැ. මේ බිස්නස් එක හිතට එකඟවයි කළේ. අපෙන් උදව් ගත්ත මාධ්‍යමයි කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව අපිට ගහන්නේ. මේ පිටිපස්සේ ඉන්නේ මෑතකදී පොල්තෙල් බිස්නස් එකට ආපු කට්ටියක්. ඒ අය මිනිසුන්ට ඇත්තටම වහ කවනවා. එයාලට දේශපාලන බලයත් තියෙනවා. ඒවා ගැන මාධ්‍ය කතාකරන්නේ නැහැ.“ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ව්‍යාපාරික නන්දන ජයසිංහ මේ ගැන කියන්නේ දැඩි සිත් තැවුලකිනි.

නන්දන සිඅයිඩියට සියල්ල හෙළිකරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පොල්තෙල් මාෆියාවේ සැඟවුණු රහස් ගොන්නක්ම එදා නන්දන ජයසිංහ එළියට දැම්මේය. ඒ, මෙම ඡාවාරම පිටුපස සිටින අය ගැන පවා තොරතුරු හෙළිකරමිනි. එසේම ශ්‍රී ලංකා රේගුව, ප්‍රමිති ආයතනය මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර තත්ත්ව පරීක්ෂණ ඒකකය තුළ සිදුවන ක්‍රියාකාරකම් ගැනද බොහෝ හෙළිකිරීම් ඒ අතර විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කරුණු ගැන පවා යම් අවධානයක් යොමු කළද ඔවුන්ටද විමර්ශන සදහා සීමා පැවතුණි. නන්දන ජයසිංහ හෙළිකළ මෑතකදී පොල්තෙල් ව්‍යාපාරයට අත තැබූ ව්‍යාපාරිකයා පොල්තෙල් ආනයනය කළ ආකාරය ගැන තොරතුරු රේගුවෙන් ඉල්ලා ඇතත් අදටත් ඒ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී නැත. නන්දන ජයසිංහට අනුව මෙවර මේ පොල්තෙල් ගේම ගසන්නේ අදාළ සමාගම විසිනි. තරගකාරී ව්‍යාපාරිකයන්ගේ පොල්තෙල් ඇෆ්ලටොක්සීන් ගැටලුවට සිරවී තිබියදී ඒ අය ආනයනික පොල්තෙල්වලින් විශාල ලෙස ලාභ ලබන්නට ගත්තේ අසාමාන්‍ය ලෙස පොල්තෙල් මිල ඉහළ යවමිනි. ඒ වන විට ඇති තරම් පොල්තෙල් තොග අදාළ සමාගම රට තුළට ගෙනැවිත් තිබුණත් නැති හිඟයක් මවාපා මාධ්‍ය මගින් පොල්තෙල් හිඟයක් ඇතිකරමින් මිල ඉහළ යැවීම පිටුපස සිටියේ අදාළ සමාගම බව නන්දන ජයසිංහගේ අදහස විය. ඔහු ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැහැදිලි කර දී තිබුණේ ඊට අදාළ තොරතුරු ද සමගිනි.

මාධ්‍ය මාෆියාව නිසා සිටියේ හිතේ අමාරුවෙන්

පොල්තෙල් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන විමර්ශනයේදී නන්දන ජයසිංහගෙන් ලද සහාය මෙතෙකැයි කියන්නට බැරි තරම්ය. එහෙත් ඔහු ඒ වන විටත් මේ ගැටලුව හේතුවෙන් මානසිකව සිටියේ ඇදවැටීමකට ලක්වය. ඒ හේතුවෙන් පසුගිය දින කිහිපය පුරාම නන්දන එක තැනක ජීවත්වීද නැත. ඒ නිසාම ඔහු ශාරීරික වශයෙන්ද දුර්වල විය. ඉකුත් 08 වැනිදා ඔහු පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන්නේ හදිසියේම ඇතිවූ හෘදයාබාධයක් නිසාය.

ඒ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දංකොටුවෙන් සොයාගත් පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ප්‍රති අපනයනයට සූදානම්කර තිබූ ඒවා නොවන බව හෙළිකරගෙන තිබිණි. එහෙත් අපේ රටේ ඇතැම් මාධ්‍ය දිගින් දිගටම වාර්තා කරන්නට වූයේ එම පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන්නට තිබූ ඒවා බවය.

බවුසර් දෙක හැංගුවේ ඇයි?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් පැහැදිලිවී ඇත්තේ එම පොල්තෙල් තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ ප්‍රශ්නගත තෙල් තොගය ආනයනයට පෙරය. එම තෙල් තොගය තිබී ඇත්තේ පූගොඩ පිහිටි ඔවුන්ගේ පිරිපහදු කර්මාන්ත ශාලාවේය. අවුරුද්ද ඉලක්ක කරගත් පිරිපහදු තෙල් තොගය වෙනුවෙන් එම බවුසර් දෙක රාගම පිහිටි ඔවුන්ගේ ගබඩාවට ගෙනැවිත් ඇත. එම තෙල් බවුසර් දෙක දංකොටුවට රැගෙන ගොස් සඟවන්නේ ඒ වන විට ඔහුගේ සමාගමට එල්ලවුණු චෝදනාවත් සමග එම බවුසර් දෙකද තමාට නැතිවේ යැයි බියට පත්වය.

ප්‍රතිපල එද්දී වෙච්ච දේ

ඒ දේම ඔහුට සිදුවිය. ඒ, බවුසර් දෙක සැඟවීම නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම බවුසර් දෙකේ තිබුණු පිරිපහු නොකළ පොල්තෙල් ආනයනය කිරීමට අදාළ ලේඛනත් එහි ඇත්තේ කලින් ගෙන්වන ලද පිරිපහදු නොකළ තෙල් බවත් පැහැදිලිවම තහවුරුකර ගත්තේය. ඒ වන විටත් එම බවුසරයේ තිබුණු පිරිපහදු නොකළ පොල්තෙල් ඇෆ්ලටොක්සින් පරීක්ෂාවක් සඳහා බොහෝ තැන්වලට යොමුකර තිබුණේය. එහි ප්‍රතිපල එන්නේ නන්දන ජයසිංහගේ අකල් මරණයත් සමගිනි. ඊට අනුව එම පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇත්තේ කිලෝ එකකට ඇෆ්ලටොක්සින් මයික්‍රෝ ග්‍රෑම් 7.2කි. ඒ තිබිලත් මේ ගේම පිටුපස සිටින එක්තරා මාධ්‍ය ආයතනයක් වාර්තාකර ඇත්තේ මෙම පිරිපහදු නොකළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් අහිතකර ප්‍රමාණයක් ඇතැයි පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වන බවය.

මේ වන විට එඩිබල් ඔයිල් සමග තරගයට සිටින මෑතකදී පොල්තෙල් ව්‍යාපාරයට එක්වූ බව කියන සමාගමේ පොල්තෙල්වල හොඳ කියමින් ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධව සිටින්නේද එඩිබල්ලාට පහර ගැසූ මාධ්‍ය ආයතනවලට සම්බන්ධ උදවිය බවටද කටකතා පැතිරීම මගින් මේ වෙළෙද මාෆියාවේ තරම සිතාගන්නට පුළුවනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

දොර ‌දොර මිනී බෙර – ගෙය ගෙය හඬය බියකර – පිල පිල අදින මර – මෙන්න මෝදිගෙ “නැටුමෙ” විස්තර…

Next Post

දරුවා ශාසනයට කැපවෙයිද? හරියටම දැනගන්න

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.