රථවාහන ආනයනය සීමාකර ඇති මෙවන් කාලයක ලියාපදිංචි රථවාහන සඳහා වෙළෙඳ පොළ තුළ අධික ඉල්ලුමක් පවතී. ‘මිස් කරගන් නැතුව ලීස් කරගන්න’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන හරහා වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පෞද්ගලික පරිහරණය සඳහා මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කටයුතු උදෙසා භාවිත කරන ලොරි රථ, ට්‍රක් රථ ආදිය සඳහාත් මෙම පහසුකම අත්විඳිය හැකිය. ළඟම පිහිටි කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ශාඛාවක් වෙත ගොස්, ආකර්ෂණීය පොලී අනුපාත යටතේ, අවම ලියකියවිලි සමඟින් ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව හිමිවේ. තවද මේ හරහා ගනුදෙනුකරුවන්ගේ ආදායම් මට්ටම්වලට ගැළපෙන වඩාත් නම්‍යශීලී ගෙවීම් ක්‍රම හිමිවන අතර, ඉතාමත් කඩිනමින් එක්දිනක් තුළදී මෙම පහසුකම් ලබාගැනීමට අවස්ථාව හිමි වේ.
ඔබගේ සිහින වාහනය නෙතගැටුණු වහාම එම අවස්ථාව මඟ නොහැර කඩිනමින්ම ඔබේම කරගැනීමේ අවස්ථාව දැන් CLC ඔබට උදාකර දී ඇත. දිගු පෝලිම්වල රැඳී සිටිමින් කාලයත් මුදලුත් නාස්ති කරමින් සිටි කාලය අවසන් වන අතර, විවිධ ලියකියවිලි රැසක් සොයමින් නිකරුණේ වෙහෙස විය යුතුද නැත. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව අවම ලියකිවිලි සකස් කරගත් විට පැය 24ක් වැනි කෙටි කාලයක් ඇතුළත අවශ්‍ය ලීසිං පහසුකම් ලබාගැනීමට හැකියාව මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසහටන හරහා පාරිභෝගිකයාට හිමිවේ.











