• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හදිසියට ගන්න ගෑස් සිලින්ඩර් 21,000ක් සිංගප්පූරුවෙන් ගෙන්වයි

May 12, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
හදිසියට ගන්න ගෑස් සිලින්ඩර් 21,000ක් සිංගප්පූරුවෙන් ගෙන්වයි
Share on WhatsAppShare on Facebook

පවතින තත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්සිජන් සිලින්ඩර 21,000 ක් අමතරව අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව එම සිලින්ඩර් තොග සිංගප්පූරුවෙන් ගෙන්වීමට ඇනවුම් ලබා දී ඇති බවත් වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි වේ.
I. ලීටර 4 කුඩා සිලින්ඩර 2,000
II. ලීටර 12 විශාල සිලින්ඩර 10,000
III. ලීටර 47 සිලින්ඩර 9,000

ඒ අනුව, අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ගෑස් ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුදු අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රජයේ පරිපාලිත සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්යසාධන බලකාය විසින් දැනුම් දී ඇත.

මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත ය.

මීට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමට චීන රජයේ අවධානය යොමු වී ඇත.

‘හදිසි තත්ත්වයකදී කොවිඩ්- 19 රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් සිලින්ඩර සුරක්ෂිත තොගයක්, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු හෙවත් “වෙදකම” සෞඛ්‍ය අංශ විසින් සිදු කරන අතර, ඇඳන් පහසුකම්, ඔක්සිජන් සම්පාදනය වැනි “හෙදකම” ජනාධිපති කාර්යසාධන බලකායට’ පසුගියදා අරලියගහ මන්දිරයේදී කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සමඟ පැවැති රැස්වීමේදී කාර්යසාධන බලකායේ සභාපති, බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම (Ceylon Oxygen Limited) හා ගෑස් වර්ල්ඩ් ලංකා ලිමිටඩ් සමාගම (Gas world Lanka Limited) විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය ක‍රයි. දැනට සමහර රෝහල්වල මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි, ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර, ඇඳන් ආසන්නයේ වූ කුඩා පරිමාණ ඔක්සිජන් සාන්ද්‍රණාගාර ඇත. එහෙත්, විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩිකිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගාල්ල රත්වෙයි! කොරෝනා හැදුණු ඉන්දියානුවන් 5ක් ගිංතොට හෝටලයක!

Next Post

රථ වාහන සිහිනය සැබෑ කරගන්න CLC වෙතින් ලීසිං පහසුකම් රැසක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.