• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

ආරුගම්බේ වසන්තය

September 24, 2019
in Holiday
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ නැත්තටම නැතිවුණු අපේ රටේ සංචාරක ව්‍යාපාරය දැන් තමයි ටික ටික ගොඩ එන්නේ. සංචාරක ව්‍යාපාරය බිඳවැටුණු එක මහා පරිමාණ හෝටල් හිමිකරුවන්ගේ ඉඳන් පාර අයිනේ තැඹිලි ගෙඩියක් විකුණපු පොඩි මිනිහ දක්වාම එක වගේ බලපෑමක් ඇති කළා.

ඒ හරහා රටේ ආර්ථිකයට ඇතිකරපු පාඩුවත් සුළුපටු නැහැ. සංචාරක ව්‍යාපාරය නැවත නැඟිටින එක ගැන අපි හැමෝම එක වගේ සතුටු වෙන්නේ ඒ නිසයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ පළමු වරට සංචාරකයන් විශාල ප්‍රමාණයක් ලංකාවට පැමිණෙන ඉසව්වක් ගැනයි මේ කියන්නේ. සංචාරක ව්‍යාපාරයට ඍජු බලපෑමක් එල්ල කළත් මේක ක්‍රීඩා ඉසව්වක්.

ශ්‍රී ලංකා හෝටල් සංගමය (The Hotels Association of Sri Lanka – THASL) සංවිධාන කරන ලෝක සර්ෆ් පිරිමි ලීග් World Surf League (WSL) 2019) තරගාවලිය මේ මස 25 වැනිදා සිට 29 වැනිදා දක්වා පොතුවිල් ආරුගම්බේ වෙරළ තීරයේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. සර්ෆ් ක්‍රීඩාව සඳහා උචිත ලොව අංක එකේ වෙරළ තීරයක් විදියට සැලකෙන ආරුගම්බේ වෙරළ මේ හරහා නැවත වතාවක් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වෙනවා.

ඕස්ටේ්‍රලියාව, ඉන්දුනීසියාව, ප්‍රංශය, වෙනිසියුලාව, ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදය, පෘතුගාලය, නවසීලන්තය, මෙක්සිකෝ, ස්පාඤ්ඤය, මහා බි්‍රතාන්‍ය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, කොස්ටරීකා රාජ්‍ය, ආර්ජන්ටිනාව, ජපානය, අයර්ලන්තය, චිලී, බෙල්ජියම, පේරු, ඉන්දියාව, මාලදිවයින සහ මැලේසියාව යන රටවල් නියෝජනය කරන ක්‍රීඩකයන් මේ තරගාවලිය සඳහා සහභාගි වීම මේ වන විටම ස්ථිර කරලා තියෙනවා.

ඒ වගේම තමයි ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ඉඳන් සර්ෆ් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩාවක් විදියට අභිෂේක ලබනවා. ඔලිම්පික් උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියක් විදියටත් ක්‍රියාත්මක වෙන හින්දා මෙවර ආරුගම්බේ තරගාවලිය දැඩි තරගකාරීත්වයක් ගනියි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක අපේ රටේ ක්‍රීඩකයන්ට අමතර වාසියකුත් වේවි.

කොහොම වුණත් මේ මාසේ අන්තිම ඉඳන් ආරුගම්බේ වෙරළ නැවත වතාවක් විදේශීය සංචාරයකන්ගෙන් පිරී ඉතිරි යනවා. ආරුගම්බේ අවට සංචාරක හෝටල් සියල්ල මේ වෙද්දිම සංචාරකයන් වෙන් කරගෙන අවසන් කියලයි ආරංචි. ඒ හින්දා මේ මාසේ අන්තිමට ආරුගම්බේ පැත්තට ගියොත් ලොව වටා ඉන්න දක්ෂයෝ අපේ වෙරළේ වැඩ දාන හැටි හොඳ හැටි බලාගන්න අවස්ථාවත් හැමෝටම තියෙනවා.

SendShareShare
Previous Post

එජාපෙන් යන්නෙත් නෑ: අලුත් පක්ෂත් එපා: සජිත්ගෙන් කබීර්ට දැනුම්දීමක්

Next Post

රවිගෙ අපලයට වත්පිළිවෙත්

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයම කළුවරේ තියයි! තෙල් පෝලිම කිලෝමීටර් ගණන්! කමේනිට එරෙහිව ජනතා නැගිටීමත් අත ළඟයි!  I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.Sri Lanka Latest News විදෙස් මාධ්‍ය පවසන්නේ පවතින දැඩි උණුසුම්...

Read more
මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

මෙසීට මේ පාර බැරි වෙයි! ස්පාඤ්ඤය අවුරුදු 16කට පසු ජය පැන් බොයි!  I Sri Lanka Latest News

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.