තමන් කිසිසේත්ම වෙනත් පක්ෂයකින් හෝ වෙනත් සලකුණකින් මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත්, ඒ සම්බන්ධයෙන් තැන්තැන්වල පවත්වන සාකච්ජා වහාම නවත්වන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (23) දිනයේදී කබීර් හෂීම් මහතා වෙත දැනුුුුම් දී ඇත.
ප්‍රේමදාස මහතා ඒ බව හෂීම් මහතාට දැනුම් දී ඇත්තේ යම්හෙයකින් එක්සත් ජාතික පක්ෂයෙන් ජනපති අපේක්ෂකත්වය නොලැබුණහොත් වෙනත් පක්ෂයකින් හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එම පාර්ශවය සැලසුම් සකස් කර තිබීම හේතුකොටගෙනය.
එම දේශපාලන පක්ෂය ඌව මහඇමැති වූ මෛත්‍රී ගුණරත්න මහතාගේ ‘එක්සත් ජාතික නිදහස් පෙරමුණ’ වන අතර එහි සලකුණ වන්නේ කෙසෙල් ඇවරියය. සජිත් පාර්ශ්වය තීන්දු කර තිබුණේ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් මහතා එහි මහලේකම්වරයා ලෙස පත් කර සජිත්ගේ ජන්ද ව්‍යාපාරය දියත් කිරීමටය.
නමුත් සජිත් ඊයේ කබීර්ට කළ මෙම දැනුම් දීමත් සමග වහාම කබීර් එය සජිත් පාර්ශ්වයේ ප්‍රධානීන් හට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව ඊයේ රාත්‍රියේම මංගල සමරවීර මහතාගේ නිවෙසේ සජිත් පිලේ ප්‍රධානීන් මුණගැසී මේ පිළිබදව සාකච්ජා පවත්වා ඇති බවත්, සජිත්ගේ මෙම දැනුම් දීමත් සමග සජිත් පිල මේ වනවිට දැඩි කැළඹීමකට පත්ව සිටින බවත් දැනගන්නට ඇත.