• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මගුල් පෝරුව අලුතෙන්ම හදනවද

September 25, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

වර්තමානයේ අප සමාජය තුළ ඇතැම් පැරණි සිරිත් විරිත් වෙනුවට විපරීත වූ සිරිත් විරිත් බහුල වශයෙන් ක්‍රියාත්මක වන යුගයකි. විශේෂයෙන්ම විවාහ මංගල කටයුතුවලදී පැවති පැරණි සිරිත්විරිත් අද සමාජය තුළ භාවිත වන්නේ ඉතාමත් විරල වශයෙනි. විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂ වූ ස්ථානයක් වන නමුත් එම කටයුතු නිසි ආකාරව සිදු වන්නේ දැයි ගැටලු සහගතය. මනාල යුවලක් පෝරුවේ චාරිත්‍ර නොකොට විවාහ උත්සවයක් පැවැත්වුවහොත් එතැන ඇති අඩුව කාටත් පෙනෙන කරුණකි. නමුත් පෝරුවේ චාරිත්‍ර සිදු කරන මංගල උත්සවවල ඇති අඩුපාඩු නොදකින්නේ අප සමාජය තුළ සිටින ජනතාව නවීකරණය වී පැරණි සිංහල සිරිත් විරිත් නොදන්නා නිසාවෙනි.

නව යුගදිවියකට අලුතින් පා තබන මනාල දෙපළක් කලින් විවාහ වූ මනාල යුවලක් පරිහරණය කළ පෝරුවක් භාවිත කරන්නේ නම් එහි ඇති පිරිසුදුභාවයක් කොහේද? නමුත් අද සමාජය තුළ අලුතින් පෝරුවක් පිළියෙල කිරීමට විශාල මුදලක් වැයවේ. ඊට හේතුව ගොක්කොළ පෝරු නිර්මාණය කිරීම ව්‍යාපාරයක් බවට පත්වී ඇති නිසාවෙනි. පැරණි කාලයේ නම් ගමේ කිහිප දෙනෙක් එක්වී පෝරුවක් පිළියෙල කරන අතර, ආහාරපානවලින් සංග්‍රහ කිරීම පමණක් එම අයට හොඳටම සෑහෙනු ඇත. නමුත් අද සමාජය තුළ එය ප්‍රායෝගික කරුණක් නොවේ. මුදල් මත සියල්ල තීරණය වෙන කාලයක් බැවින් රුපියල් තිස් හතළිස් දාහක් නොමැතිව අලුත් පෝරුවක් පිළියෙල කිරීමට අපහසුය. එබැවින් බොහෝ දෙනා අඩු ගානට කුලියට පෝරුවක් මිලදීගනු ඇත. නමුත් වෙනත් කටයුතුවලට එනම් මනාලිය හැඩගැන්වීමට ඇඳුම්වලට, මත්පැන්වලට, සාජ්ජවලට, ඇල්බම් පින්තූර, වීඩියෝවලට වියදම් කරන මුදල් ප්‍රමාණය අතිවිශාලය.

කෙනකු පාවිච්චි කළ මඟුල් පෝරුවක් තවත් අයෙකු පාවිච්චි කිරීම වස් දොස් ඇතිවන කරුණකි. රාමාචාර්ය, ශ්‍රී කේශව, නාරද වැනි පැරණි ජ්‍යොතිෂ පඬිවරයන් මඟුල් පෝරුව සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු විස්තර ඉදිරිපත් කර ඇති බව පැරණි මූල ග්‍රන්ථ ආශ්‍රයෙන් දක්නට පුළුවන. ජ්‍යොතිෂයට අනුව මඟුල් පෝරුව වස් දොස් පහවීම සඳහා පිළියෙල කරන්නක් වන අතර, මඟුල් පෝරුව ගෙයි වම් පස පිළියෙල කළයුතු බවත්, එය උසින් එක් රියනක්ද, වටප්‍රමාණය සිවු රියනක් විය යුතුය. මඟුල් පෝරුවේ පඩි ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු බව අප සමාජය තුළ මතයක් ඇති නමුත් ඒ පිළිබඳ විස්තර මූලාශ්‍ර ග්‍රන්ථවල දක්නට නැත. මඟුල් පෝරුව පුන්කලස් හා හංස, ගිරා වැනි පක්‍ෂීන්ගේ රූපවලින්ද අලංකාර විය යුතු බව රාමාචාර්යයන් ප්‍රකාශ කොට ඇත. විවාහයට කලින් යෙදෙන තුන් වැනි, හයවැනි, නවවැනි දිනවලදී මඟුල් පෝරුව නොසෑදිය යුතු බවත්, මඟුල් දිනයට පසු යෙදෙන පස්වැනි දිනයේ හෝ හත්වැනි දිනයේ මඟුල් පෝරුව කඩාදැමිය යුතුවෙයි. මෙම කටුයුතු කිරීමට සුබ මුහුර්ත තිබිය යුතු අතර, නැකැත් පත්‍රය පිළියෙල කරන ජ්‍යොතිෂවේදී මහතා එම නැකැත් මංගල නැකැත් පත්‍රයේ සටහන් කළ යුතුවෙයි. එසේ සටහන් කර නොමැති නම් ඔබ ඔබගේ පවුලේ ජ්‍යොතිෂවේදී මහතාට එය මතක් කළ යුතුවෙයි. මන්ද බොහෝ දෙනා මෙම චාරිත්‍ර නොකරන භාවිත නොකරන බැවින් ඔහු මෙම නැකැත් භාවිත නොකරන්නේ යැයි සිතා පිළියෙල නොකර සිටීමට පුළුවන.

වස් – දොස් පහවීම සඳහා පොල් බඳීම, පුන්කලස් බිඳීම තරමටම පෝරුව කඩාබිඳ දැමීමද ඉතා වැදගත් වූ කරුණකි. වෙන කෙනෙක් පාවිච්චි කළ පෝරුවක් භාවිත කිරීමෙන් පමණක් නොව පෝරුව ඉදිකරන පැත්ත, දිශාව, උස-පළල-දිග, හැඩය නිසාද වස්දොස් ඇති වෙයි. පයට නෙලුම් මල්, නෙලුම් පෙති යෙදීමද අසුබය.

පෝරුවට නැඟීමට පෙර මඟුල් ජෝඩු ආරක්‍ෂාවක් පැලඳ සිටීම පැරණි කාලයේ සිදු කරන නමුත් අද සමාජය තුළ අනුන්ට විනකැටීම තරමක් දුරට අඩු වී ඇති බැවින් නගරබද සමාජය තුළ මෙම මඟුල් ජෝඩු ආරක්‍ෂා නොකරන නමුත් තවම ගැමි සමාජය තුළ මෙම සිරිත් – විරිත් සුලභ අයුරින් සිදුවෙයි. නගරබද සමාජයට වඩා ගැමි සමාජය තුළ විවාහ, දික්කසාදවීම අඩුවී ඇත්තේද ඔවුන් තුළ තවමත් අපේකමට සලකන නිසා-වෙනි. පවුලක් විදියට එකතු වී චාරිත්‍ර සිදු කිරීමෙන් අප සිංහල සිරිත් – විරිත් ආරක්‍ෂා වෙනවා පමණක් නොව සහජීවනයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇතිවනු ඇත. සියල්ල මිථ්‍යා, හණමිටි අදහස් ලෙස ඉවත නොදමා අපේකමට ගරු කරමින් අපේකම ආරක්‍ෂා කිරීම මතු පරපුරට සිදුකරන ඉමහත් සේවාවකි. සියල්ල විද්‍යාත්මක පදනමක් මත විග්‍රහ කිරීමට නොහැකි නමුත් මෙම චාරිත්‍රවල ඇතුළාන්තයේ පවුල් ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය ඉතාමත් වැදගත් විද්‍යාත්මක පදනමක් අන්තර්ගත වී ඇත.

ජ්‍යොතිර් විද්‍යාපති ජී.ඩී. අසංක විද්‍යාපති

SendShareShare
Previous Post

අභයභූමියක් වුණු එදා සුද්දගෙ දඩයම් බිම

Next Post

සුසන්තා කියන දුක්බර කතාව

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.