• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

නරකයි කියන කුජ ඔබට හොඳයිද

April 24, 2021
in Astrology
Reading Time: 1 min read
A A
නරකයි කියන කුජ ඔබට හොඳයිද
Share on WhatsAppShare on Facebook

‘කුජ’ කියූ සැණින් යම් තිගැස්මක් ඇති වීම ජ්‍යොතිෂය ගැන දන්නා, නොදන්නා සියලු දෙනාටම පොදු කාරණයකි. නිතරම අසුබයෙක් ලෙසම කුජව දකින්නට අප හුරු වීම එයට ප්‍රධාන හේතුව වුවත් කුජ යනු සියල්ලන්ටම අසුබ පමණක් දෙන ග්‍රහයකු නොවන බව වටහාගත යුතුය. එහිදී වැදගත් වනුයේ ඒ ඒ ලග්න හිමියන්ටත් ඒ ඒ කේන්දරවලට අනුවත් කුජගෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න දැනගැනීමය.

මන්ද කුජ යනු නරකට සමානවම හොඳ සහ සුබ ප්‍රතිඵල සහ ලැබීම් දෙන ග්‍රහයකු බැවින් ඒ අනුව ඔබේ උත්පත්ති කේන්දරයේ කුජගේ පිහිටීම කෙබඳුදැයි බලා පහත සඳහන් තොරතුරු අනුව කුජගෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල කෙබඳුවේ දැයි හරියටම දැනගන්න.

පංච මහා පුරුෂ යෝග අතරින් ප්‍රබලම යෝගයක් වන රුචක යෝගය උදාකරනු ලබන්නේ කුජ හෙවත් අඟහරු ග්‍රහයා විසිනි. මෙම ග්‍රහයා තේජෝ බලයෙන් යුතු ග්‍රහ මඬුල්ලේ සිටින සෙන්පති ග්‍රහයා වශයෙන්ද ජ්‍යොතිෂයේදී හඳුන්වන මුත් කුජ ප්‍රබල ලෙස බලවත් වන්නේ මකර රාශියේ බැවින්ද දෙවැනුවට මේෂ හා වෘශ්චික රාශියන්හි බලවත් වනු ඇත. යමකුගේ කේන්දරයේ 01, 04, 07, 10 යන ස්ථානයන්හි බලවත් වූ විට එම අයට කාර්යශූර, එඩිතර බවක් සහජයෙන්ම පිහිටීම මෙම යෝගය ඉවහල් වනු ඇත.

ඉහත රාශියක් ලග්නය වී එහි කුජ සිටියේ නම් එම අයට උපතින්ම බලපුළුවන්කාරකම් පිහිටා ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු වනු ඇත.

ලග්නයෙහි දෙවැන්නේ කුජ බලවත් වූ විට තරාතිරම නොබලාම කියන්න තිබෙන දේ මුහුණටම කියන අයකු වෙයි. ධනය ලැබීමේ වාසනාව මෙන්ම විනාශ කිරීමටද මෙහිදී රුසියකු වෙයි.
ලග්නයෙහි තුන් වැන්නේ කුජ බලවත් වූ විට තමා දන්නා කියන ශිල්ප ශාස්ත්‍රයෙන් ප්‍රවීණයෙක් වීමේ හා ප්‍රසිද්ධියට පත්වන මුත් තම පිරිමි සහෝදරයන්ට එතරම් සුබදායක තත්ත්වයක් පෙන්නුම් නොකෙරේ.

ලග්නහෙි හතර වැන්නේ කුජ බලවත් වූ විට කෙසේ හෝ දේපොළ, ඉඩකඩම්, භූමි ලාභ ලැබීමට වාසනා ගුණය ලැබෙන අතර, දැඩි අහංකාර, ආඩම්බර ගති පැවැතුම්වලින් අඩුවක් නොවෙන අයකු වෙයි.

ලග්නයෙහි 5 වැන්නේ කුජ බලවත් වූ විට ඉන්ජිනේරු, කාර්මික තාක්‍ෂණය තුළින් විවිධ ක්‍රියාවන් කිරීමට දක්‍ෂ අයකු වන මුත් ප්‍රේම සම්බන්ධතාවන් කිහිපයක් පවත්වාගෙන යෑමට සමතකු වන අතර, දරු සම්පත්වල අඩුපාඩුවක් ඇති වනු ඇත.

ලග්නයෙහි 6 වැන්නේ කුජ බලවත් වූ විට උෂ්ණාධික රෝගාබාධයන්ට නිරතුරුවම භාජන වන මුත් තම විරුද්ධවාදීන්ට බලයක් පෙන්වා මර්දනය කිරීමේ හැකියාව සහජයෙන්ම පිහිටනු ඇත.
ලග්නයෙහි 7 වැන්නේ කුජ බලවත් වූ විට හවුල් ව්‍යාපාර තුළින් තමාට වාසිසහගත තත්ත්වයන් උදාවෙයි. විවාහය සම්බන්ධව මෙය හොඳ – නරක දෙකම පලවිපාක දෙන පිහිටීමකි.

ලග්නයෙහි 8 වැන්නේ කුජ බලවත් වූ විට හොඳින් හෝ නරකින් තම දියුණුව පමණක් ලබා ගැනීමට උත්සාහ දරන අයෙකි. මෙහිදී කුජ බලවත් වීමෙන් දීර්ඝායුෂ ලැබීමටද හදිසි ධන ලාභයන්ට හිමිකම් කීමේ වාසනාවද ලැබෙනු ඇත.

ලග්නයෙහි 9 වැන්නේ කුජ බලවත් වූ විට පව්, පින්, හොඳ, නරක පසෙක තබා තමාගේ ලෞකික සැප සම්පත් කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. කුඩා කල සිටම තම පියාගෙන් ඈත් වී සිටීමට, එම අයට හේතු කාරණා යෙදෙයි.

ලග්නයෙහි දහ වැන්නේ කුජ බලවත් වූ විට තමා කරන කියන රැකීරක්‍ෂා තුළ උසස් දියුණුවක් නිලතල දැරීමට කදිම අවස්ථාවක් උදාවෙයි. මෙම අයට රටේ තොටේ ප්‍රබල ස්ථානයකට ඒමට මෙම පිහිටීම ඉතාම යෝග්‍ය වනු ඇත.

ලග්නයෙහි 11 වැන්නේ කුජ බලවත් වූ විට කෙසේ හෝ තමා කරන කියන විවිධ ක්‍රම උපායන් තුළින් ධනය උපයා ගැනීමට දක්‍ෂයකු වන අතර තම සහකරුගේ සහකාරියගේ පැත්තෙන් විශාල දායාදයකට හිමිකම් කීමේ භාග්‍යය උදාවෙයි.

ලග්නයෙහි 12 වැන්නේ කුජ බලවත් වූ විට තමා නොසිතූ, නොපැතූ අයුරින් දියුණුවේ මාර්ග අඩපණවීමට හේතු සාධක ගෙන දෙන මුත් නඩුහබ වැනි නීතිමය ගැටලුවලට පවා මුහුණ දීමට මෙම අයට සිදුවෙයි.

මෙම ඉහත සඳහන් පලාපල කුජගේ මහ දශා, අතුරු දශාවලදී තරාතිරම කුමක් වුවත් එහි පලවිපාක බල පවතින අතර අසුබ පල වැඩි නම් රතන යන්ත්‍රය හෝ ස්කන්ධ කුමාර යන්ත්‍රය පැලැඳ ගැනීම වඩාත් සුදුසු වෙයි.
ජේ.එම්. ජයන්ත ඒකනායක

SendShareShare
Previous Post

මියුසික් එක්ක පැටලුණු විශ්වගේ අලුත් Love එක

Next Post

සාරංගයි ශලනියි හින්දා දිනක්ෂිගේ හිත රිදිලා

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.