• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මියුසික් එක්ක පැටලුණු විශ්වගේ අලුත් Love එක

April 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මියුසික් එක්ක පැටලුණු විශ්වගේ අලුත් Love එක
Share on WhatsAppShare on Facebook

⬤ ඒකෙ වෙනස්ම රසයක් තියෙන්නෙ…

⬤ ප්‍රශ්න එනවා. ඒවා විසඳගන්න පුළුවන්…

මේ දවස්වල පසන් සර් අපට හමුවන්නේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍ය තුළින්. ඔහු විශාරද සංගීත ගුරුවරයෙක්. ඔහුගේ දැනුම මතු පරපුරට ලබා දීමයි එකම අරමුණ. ඔහු යටතේ විශාරද සංගීතය හැදෑරීමට නදී පසන්ගේ කලායතනයට යනවා. ඔය අතරතුර දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩනැඟෙනවා. ඉතින් නදීගේ ආදරය මොන විදියට පසන් සර්ට ලැබේවිද කියා දැනගැනීමට පසන් ලෙසින් ජීවය දෙන ප්‍රවීණ රංගන ශිල්පී විශ්ව කොඩිකාරට කතා කළා.
🔴 විශ්ව මේ දවස්වල කාර්යබහුල වෙලා වගෙයි?
අවුරුදු සමයත් එක්ක මම පොඩ්ඩක් කාර්යබහුල වෙලා හිටියේ. අවුරුදු දවස්වල මම නුවර ගෙදර තමයි හිටියේ. ඒ අතරතුර රූපවාහිනී අවුරුදු වැඩසටහන්වලට සම්බන්ධ වෙලා මට කළ හැකි උපරිම දායකත්වය සියලුම රූපවාහිනී නාලිකාවලට ලබාදුන්නා. පසුගියදා තමයි මම නැවැත කොළඹ ආවේ නිර්මාණ වැඩකටයුතු සඳහා.
🔴 මේ දවස්වල විශ්ව විශාරද සංගීත ගුරුවරයෙක් වෙලා වගෙයි?
‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ විශාරද සංගීත ගුරුවරයෙක් ලෙසට ‘පසන්’ගේ චරිතය රඟපානවා. එයට නම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊට අමතරව නැවැත අහස් මාලිගා, ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා අවසාන කොටස් කිහිපයට.
🔴 නදීගේ ආදරය පසන් සර්ට හිමිවෙයිද?
නදීගේ ආදරය පසන් සර්ට ලැබෙයි. හැබැයි මෙය කොයිවිදියට ලැබෙනවාද කියලා දැනගන්නට නම් ‘හදවිල අරණ’ සමග ඉන්න වෙනවා. මොකද කතාව දැන්ම කියලා වැඩක් නැති නිසා.
🔴 අවංක ආදරයක් තුළ කුලමල බැලීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
ආදරය කරන කොට ඔය කිසිවක් අදාළ නැහැ. ආදරය කියන්නේ වෙනම රසයක්. ඒ උතුම් බැඳීමකට ජාති, ආගම්, කුලමල බේද බලන එක වැරැදියි. තවත් සමහරු ආදරය කරන්නේ මිල – මුදල්, දේපොළවලටයි. එතැන ආදරයක් තියෙන බව මම විශ්වාස කරන්නේ නැහැ. ආදරය කරන කොට විවිධ ප්‍රශ්න එනවා. ඒ සියල්ලම දෙන්නා කතාබහ කරලා විසඳගන්න පුළුවන්. ජීවත් වීමට මුදල් අවශ්‍යයි. හැබැයි ඒ දේවල් ගැන පසුව හිතන්න ඕනෑ.
🔴 විශ්වගේ සැබෑ ජීවිතයෙත් ආදරය කරන කොට එවැනි ප්‍රශ්න මතු වුණාද?
මම පාසල් යන කාලයේ ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණා. ඒ ආදරයටත් විවිධ හේතුන් බලපෑවා. මගේ පළමු ආදරයේ තිබුණු අත්දැකීම් එක්ක මම අරමුණක් ගැන හිතුවා. ඔය ඉන්න කාලයේ තමයි මගේ බිරිය එරන්දිව මට ලැබුණේ. එරන්දි මගේ ජීවිතයට ළංවෙන කොට ඔය කිසිම දෙයක් බැලුවේ නැහැ. ඇය බැලුවේ මගේ අවංකකම විතරයි. අද අපි සතුටින් ජීවත් වෙනවා. ආදරය ගැන හරියට නොතේරුම් ගත්තාම තමයි ඔය විවිධ ප්‍රශ්න අපිට අහන්න, දකින්නට ලැබෙන්නේ.
🔴 ඔබ ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙලා නැවැත සම්බන්ධ වීමට හිතුවේ ඇයි?
කිසිම කෙනෙක් සමග ප්‍රශ්න මතුවෙලා මම ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා නෙවෙයි. සියලුම දෙනා සමග මම සුහදව කතාබහ කරලා ඉවත් වුණේ.
මොකද ඒ කාලවකවානුවෙ පිටපත රචනා වෙලා තිබුණු විදියට මම කැමැති වුණේ නැහැ. මම කිව්වා ටෙලිනාට්‍යයේ අවසාන හරියෙ මම නැවැත සම්බන්ධ වෙන්නම් කියලා. ඉතින් ‘අහස් මාලිගා’ කතාව අවසානය හොඳට ගලාගෙන යන නිසා මම නැවැත සම්බන්ධ වුණා.
🔴 තවමත් පෙම්වතාගේ චරිත කිරීමටද කැමැති?
මට හැමදාම පෙම්වතාගේ චරිත රඟපාන්න බැහැ කියලා මම දන්නවා. මාව තවම පෙම්වතා චරිතයට සුදුසුයි නම් අධ්‍යක්‍ෂවරුන් ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගනීවි. ආදරණීය නව පරපුරේ තරුණ ශිල්පීන්ට අපි අවස්ථාව දිය යුතුයි ඉදිරියට මේ වෘත්තිය රැකගෙන යෑමට.
🔴 ඔබගේ නිෂ්පාදන කටයුතු කොයි වගේද?
කාලයකින් නිර්මාණයක් කළේ නැහැ. ලොකු ආශාවක් තියෙනවා නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කරන්න. ඒත් මට මේ ක්‍ෂේත්‍රය ගැන ඉගෙනගන්න දේවල් තිබෙනවා. ඉදිරියේදී බලමු නිර්මාණයක් කරන්න.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයට බදුර්දීන් අයියයි-මල්ලියි අද පාන්දර යළි අත්අඩංගුවට

Next Post

නරකයි කියන කුජ ඔබට හොඳයිද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙසේ...

Read more
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.