• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සාරංගයි ශලනියි හින්දා දිනක්ෂිගේ හිත රිදිලා

April 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
සාරංගයි ශලනියි හින්දා දිනක්ෂිගේ හිත රිදිලා
Share on WhatsAppShare on Facebook

⬤ ශලනි මාව අවුස්සනවා…

⬤ මට දැන් ගානක් නැහැ…

හැඩකාර නිළි දූවරු තිදෙනෙකු සිටින ප්‍රියසාද් පවුලේ වැඩිමල් දියණිය වූ දිනක්ෂි ටෙලි කලාව ඔපවත් කළ කදිම තාරකාවකි.
මුහුණු පොතෙහි දිනක්ෂි පිරිවරා සිටින අනුගාමිකයන් පිරිස ලක්‍ෂ ගණනකි.
මගතොට හමුවන ප්‍රේක්‍ෂකයිනට ඉතාම නිහතමානීව මුහුණ දෙන අහිංසකාවියක ලෙස කා අතරත් ප්‍රකට දිනක්ෂි ‘මව්රට’ සමග කතාබහට පැමිණි මිත්‍රශීලී ස්වරූපයයි මේ ඔබ හමුවේ දිගහැරෙන්නේ.

🔴 කොහොමද දිනක්ෂි, අවුරුදු උත්සවය සමඟ කාර්යබහුල වුණු බවයි ආරංචි?
ඔව්… රූපවාහිනී චැනල් කිහිපයකම අවුරුදු අවස්ථාවන් වෙනුවෙන් සහභාගි වුණා.
ඒ අතර අපේ මියුසික් වීඩියෝ එකේ ගීතය වෙනුවෙනුත් මඳක් කාර්යබහුලව සිටියා.
🔴 කොහොමද ‘සාරා දිනක්ෂි ඔන්ලයින් යූ-ටියුබ්’ අවුරුදු ගීතයට ප්‍රතිචාර?
සතුටුදායකයි… ‘අවුරුද්දේ සුබදිසාව’ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අපිම කළ අපේම දෙයක් ප්‍රේක්‍ෂකයන්ගේ හිතට සතුටක් වෙච්ච එක ගැන ලොකු තෘප්තියක් අපේ පවුලේ හැමෝටම දැනුණා.
🔴 අලුත් රූගත කිරීම් ගැන තොරතුරු එහෙම කියනවා නම්?
‘අකුරු මැකී නැහැ’ රූගත කිරීම් තවමත් කඩින්කඩ සිදුවෙනවා. ඒ අතර ‘ජදප’ ටෙලි ඩ්‍රාමා එකේ රූගත කිරීම් අවසාන වුණා. ‘හිරු’ ටී.වී. එකේ ‘හිරු සුපර් ඩාන්ස්’හී නිවේදන කටයුතු අතරද කාලය ගෙවී යනවා.
🔴 ඔබ දැන් රඟපාන්නේ යම් තෝරා බේරා ගැනීම් මත කියන්නේ ඇත්තද?
සමහර අවස්ථාවල යම් තෝරාබේරා ගැනීම් කරනවා. හිතට හරි යන චරිතයක් ලැබුණේ නැතුව ගියාම තමයි ඒ තේරීම සහ රිජෙක්ට් කිරීම සිදුවන්නේ.
🔴 විවාහයෙන් පසුව සාරංග ඔබට එවැනි තහංචියක් දැම්මද දිනක්ෂි?
අයියො නැහැ… එයා හරිම නිදහස් විදියට හිතන කෙනෙක්. බොහෝ විට අප දෙදෙනා හරිම අවබෝධයෙන් තමයි අපට ලැබෙන චරිත ගැන කතා කරන්නේ. යම් පිටපතක් අතට ආවම අපි ඒ ගැන බොහෝ දේ කතා කරනවා. අපේ අදහස් විමසනවා. එහි අවසානය සිදුවන්නේ හරිම සුහදවයි. සමහර විටෙක මට රඟපාන්න ටිකක් බෝරිං කියලා හිතෙන චරිතයක් මම අතාරින්න හැදුවොත් සාරංග ඒ චරිතයේ හොඳ පැත්තක් වේලාවකට දකිනවා. ඒ වේලාවට ඔහුම මට කියනවා. ‘මේක කරන්න.. ඔයා හිතනවට වඩා මෙතැන යමක් තියෙනවා’ කියලා. අන්න ඒ වාගේ තැන්වලදී මම ඔහුට කන්දෙනවා.
🔴 ඔබේ අම්මත් දවසක් ‘මව්රට’ පත්තරේට කිව්වා… ‘දිනක්ෂි තමයි පවුලේ කීකරුම දුව කියලා?
ඔව්… මම හිතන්නේ අදටත් ඒක එහෙමමයි. මම එයාගේ ලොකු දුව වාගේම හොඳම දුව කියලත් අම්මා කියනවා.
🔴 ඒ හින්දද අම්මා තවමත් ඔයාගෙ ඇඳුම් මහල දෙන්නෙ?
ඔව්… අම්මගේ සෙනෙහස හරි පුදුමාකාරයි. මම බැඳලා, වෙන්වෙලා කියන
හැඟීමක් නැහැ. වෙනදා වාගේම නංගිලට ඇඳුම් පැටන් මහන කොට මගේ ගවුමටත් එයා රෙදි තෝරාගෙන එනවා.
🔴 සාරංග පෙම් ජවනිකා රඟපාන සීන්ස් දකින කොට ඔබ ටී.වී. එක ළඟින් නැඟිටලා යනවලු?
ආපෝ මොන බොරුද? මට එහෙම ගානක් නැහැ…අනෙක මමත් ඉන්නේ ඒ ෆිල්ම් එකේමයි. මම එයා ගැනත් එයා මං ගැනත් හරිම අන්ඩස්ටෑන්ඩින්. ඒ වාගේ අවස්ථාවලදි අපි කවදාවත් කලබල වෙන්නේ නැහැ. මොකද, ඒක රඟපෑමක් විතරයි.
🔴 ‘අග්නි පියාපත්’ නාට්‍යයේ ශලනි තාරකා සමග සාරංග කරන සමහර ‘ක්ලෝස් අප්’ සීන්වලට ඔයාට ඇඬුණා කියලයි ආරංචි?
අම්මෝ… මොන බොරුද… ශලනියි, මමයි, සාරංගයි කියන්නේ හුඟක් කල් ඉඳලම හරි සමීප යාළුවෝ.., ‘අග්නි පියාපත්’වල ෂූටිං තියෙන සමහර දාට ශලනි මට කෝල් කරලා මාව අවුස්සනවා.., ඔන්න අද නම් ‘අග්නි පියාපත්’ බලන්න එපා… මගෙයි සාරංග අයියගෙයි හෙන ‘ක්ලෝස් අප්’ සීන්ස් කිහිපයක්ම තියෙනවා. පුළුවන් නම් කොහේ හරි ගිහින් ඉන්න… නැත්නම් ඔයාට දුක හිතෙයි කියලා හිනාවෙනවා.
එච්චරටම සුහදවයි මම ශලනි සහ සාරංග අතර බැඳීම පවතින්නේ. අන්න ඒ නිසා ඉහත ඔබ කී අපහසුතා මා තුළ ඇති වන්නේ නැහැ.
🔴 රඟපෑ චරිත අතර ඔබ වැඩිපුර කතා කරන්නට කැමැති චරිතය තිබුණේ ‘කොන්කළ දෝණි’ ටෙලිනාට්‍යයේද?
‘කොන් කළ දෝණි’ වයස් බේදයකින් තොරව හැම දෙනෙකුම ඉතාම ආදරයෙන් වැලඳගත් චරිතයක් නිසා එහි කිංකිණිට මම ඇලුම් කරනවා.
ඒ වාගෙම ‘මේ වාගේ ආදරයක්’ චිත්‍රපටයට මම හුඟක් ආසයි. ඒ චිත්‍රපටය වෙනුවෙන් මට සම්මානද ලැබුණා. ‘පියවි’ ටෙලිනාට්‍යයත් තරුණ පරපුර අතර අසීමිතව ජනප්‍රිය වුණා.
හැබැයි… මම රංගනයට එක් වුණේ යොවුන් කෙල්ලක අවධියේදී. ඒ දවස්වල මා කළ සමහර චරිත රංගනයන් අද දකින විට මට හිතෙනවා මීට වඩා තව කොයිතරම් හොඳට එය කරන්න තිබුණදැයි කියලා. ඒ නිසා මා රඟපෑ සමහර චරිත ගැන මට සෑහීමකට පත්වෙන්න අපහසුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නරකයි කියන කුජ ඔබට හොඳයිද

Next Post

මේ පාර කොරෝනා සෙල්ලම් නෑ: මේ දේවල් කරන්න පුළුවන්: මේ දේවල් කරන්න බෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.