• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ඉන්දියාව පාකිස්තානය න්‍යෂ්ඨික යුද්ධයක

September 22, 2019
in Politics
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

කාශ්මීර අර්බුදය මත ඉන්දියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට පැටලෙන්නට හෝ හැකිය යනුවෙන් වත්මන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ලෙහෙසියෙන් ඉවත දැමිය හැකි එකක් නොවේ. මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ ඉම්රාන් ඛාන් යම් ආකාරයකට ‘අවමන් කිරීමේ තර්ජනයක’ (බ්ලැක් මේල්) ස්වරූපයෙන් ඉන්දියාව තමන් වෙත නතුකර ගැනීමට දරන උත්සාහයක් බැව් ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වාදී ඇත. සොරාගන්නා ලද යුරෝපීය තාක්ෂණය මඟින් තමන්ගේ රටේ නිපදවා ගන්නා ලද න්‍යෂ්ටික අවි කොයි මොහොතක හෝ යුද්ධය සඳහා මුදාහරින බවට පාකිස්තාන අගමැතිවරයාගේ කතාවෙන් ඉඟිකරවයි. පාකිස්තානයේ හොඳ මිතුරකු වන චීනයේ හෝ රහසිගත තාක්ෂණය මඟින් මෙම න්‍යෂ්ටික අවි නිපදවූයේ නැත. කාශ්මීරයේ සහෝදර ජනතාව වෙත ඔහු තම සහයෝගීතාව පෙන්වන්නේ මේ ආකාරයෙන්ද යන්න දැන් පැනයක්වී ඇත.
ලෝකයේ තවත් මැර දේශයක් වශයෙන් සැලකෙන උතුරු කොරියාවද බොහෝ අවස්ථාවලදී තමන් සතු න්‍යෂ්ටික අවි ගැන ප්‍රකාශයන් කළද ඔවුන් කිසි විටෙකවත් පාකිස්තානය සිදුකළ ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශයන් සිදුකර නොමැත. එහෙත් පාකිස්තානය සුල්පිකාර් අලි බූතෝගේ පාලන සමයේ සිටම කිසිදු පැකිලීමකින් තොරව තමන්ගේ න්‍යෂ්ටික අවි ගැන දෙඩවීම සිදුකරයි. මිලියන 200ක පමණ ජනතාවක් ජීවත්වන පාකිස්තානයේ ආර්ථිකය දැඩි කඩාවැටීමකට පත්ව ඇතත්, එරටෙහි නායකයන් කිසි විටෙක තමන් ප්‍රකාශ කරන දෙයින් සිදුවන භයානක ප්‍රතිඵල ගැන අවධානය යොමු නොකරයි.
පසුගිය අගෝස්තු මාසයේදී ඉන්දියානු රජය තම ව්‍යවස්ථාව යටතේ තිබෙන 370 වැනි වගන්තියේ 35 වැනි කොටස අවලංගුභාවයට පත්කරමින් ජම්මු සහ කාශ්මීර දේශයන්හි දැනට බලපවත්වන පාලන තත්ත්වයන් වෙනස්වීමකට භාජන කළේය. එහිදී මෙම තත්ත්වය මුල්කරගෙන දෙරට විශාල අර්බුදයකට මුහුණපෑවේය. මෙම තත්ත්වය යටතේ පාකිස්තාන අගමැතිවරයාද විවිධ බලපුළුවන්කාරකම් සිදුකරන්නට ගත්තේය. එසේම එම ක්‍රියාවලිය ගැන අනෙකුත් ඉස්ලාමික දේශයන්ද දැනුවත් කර සිටියේය. එහෙත් ඉම්රාන් ඛාන් කොතෙකුත් සංතාපයකට පත්වුවද අනෙක් ඉස්ලාමික දේශයන් එය ගණන් ගත්තේ නැත.
අනෙකුත් ඉස්ලාමික දේශයන් ඉම්රාන් ඛාන් වෙත සහාය දැක්වීම සඳහා පෙළගැසුණේ නැත. එහෙත් මෙම කාශ්මීර අර්බුදය ගැන ඉන්දියාවේ විපක්ෂය, අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ප්‍රශ්න කර ඇත. එවැනි තත්ත්වයක් ඇතිවුවද කාශ්මීරයේ මුස්ලිම්වරුන්ට ආයුධ සන්නද්ධ වන්නැයි කිසිදු ඉන්දියානු නායකයකු ප්‍රකාශ කර නැත. ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ යුද්ධයකට පැටලෙන්නට යන්නේ එවැනි වටපිටාවක් යටතේය. මෙයට පෙර ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැති යුද්ධයන්ට වඩා වෙනස් ස්වරූපයක් මෙවර ගනු ඇතැයි පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
‘අල් ජසීරා’ රූපවාහිනිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී පාකිස්තාන අගමැතිවරයා මෙම ප්‍රකාශයන් සිදුකර ඇත. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියේදී නැවත යුද්ධයකට පැටළුණහොත් එය සාමාන්‍ය යුද්ධයක් වුවද පසුව න්‍යෂ්ටික යුද්ධයක් බවට පරිවර්තනය විය හැකි බැව් ඔහු ප්‍රකාශ කර ඇත. එසේම මෙවැනි අවිනිශ්චිත තත්ත්වයක් යටතේ ඉන්දියාව සමඟ යුද්ධයක පැටළෙන්නට බොහෝ ඉඩකඩ ඇතැයිද ඔහු රූපවාහිනී සාකච්ඡාවකදී පවසා ඇත. ඉන්දියාව සිදුකළ හිතුවක්කාර දේශපාලනික ක්‍රියාවලිය හේතුවෙන් දැනට සති 06කට වඩා කාලයක සිට කාශ්මීරයේ මුස්ලිම්වරුන් මිලියන 08ක් පමණ දැඩි සේ පීඩාවට පත්ව ඇතැයිද ඉම්රාන් ඛාන් අවධාරණය කර ඇත.
ත්‍රස්තවාදී ක්‍රියා ගැන පාකිස්තානයට දෝෂාරෝපණය කරමින් ඉන්දියාව කාශ්මීරයේ සිදුකරන්නේ මනුෂ්‍ය සංහාරයක් බවත්, ඉම්රාන් ඛාන් පවසයි. “මම යුධවාදියකු නෙවෙයි, පාකිස්තානය කවදාවත් යුද්ධයක් අරඹන්නේ නැහැ. යුද්ධයෙන් ප්‍රශ්න විසඳන්නත් බැහැ. එහෙත් ඉන්දියාව මේ තත්ත්වය මායිම් කරන්නේ නැහැ. පාකිස්තානය බොහෝ විට ඉන්දියාව සමඟ අපගේ අසල්වැසියා වශයෙන් සුහදව ඉන්න උත්සාහ කළා. එහෙත් ඉන්දියාවට එය අවශ්‍ය නැහැ. සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳාගන්න අපි නිතරම උත්සාහ කළා. ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක වන්නේ නැහැ” යැයි පාකිස්තාන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.
පාකිස්තානය යනු පසුගිය කාලයක් පුරාම ත්‍රස්තවාදයට සහාය දුන් රටක් වශයෙන් වාර්තාගතවී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ වත්මන් අගමැති ඉම්රාන් ඛාන්ද ප්‍රකාශ කරන්නේ කුමක්දැයි අවධානයට ගත යුතුව ඇත. සදාචාරාත්මක ලෝකය එම තත්ත්වය අවබෝධයට ගතයුතු යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවා මෙම තත්ත්වය අවධාරණය කර ඇත. මෙයට මාස 02කට ඉහතදී ඇමෙරිකානු ජනාධිපතිවරයා සමඟ ඉම්රාන් ඛාන් ඇමෙරිකාවේදී පවත්වන ලද මංගල හමුවේදී පවා ඇමෙරිකානු ජනාධිපතිවරයා කාශ්මීර ප්‍රශ්නය ගැන එතරම් අවධානයක් යොමුකර නැත.
ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායම් මෙහෙයවීමට පාකිස්තානය නිතර ක්‍රියාකරමින් සිටියි. එසේම එම ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා අවි ආයුධ මෙන්ම මූල්‍ය ආධාර සපයන්නේද පාකිස්තානය විසිනි. මේ තත්ත්වය අද ලොවට රහසක් නොවේ. පාකිස්තාන භූමියේම සිට ක්‍රියාත්මක වන මෙම ත්‍රස්ත සංවිධානවලට පාකිස්තාන යුධ හමුදාව යටතේ පිහිටුවා තිබෙන අන්තර් සේවා බුද්ධි අංශය මඟින් සියලු අනුග්‍රහය සහ උපදේශකත්වය ලබාදෙයි. මෙවැනි වටපිටාවකදී පාකිස්තානය න්‍යෂ්ටික යුද්ධයකට සැරසෙන්නට යනවා යැයි කීමෙන් මෙවැනි ත්‍රස්ත සංවිධාන අමතක කළ හැකිද?
පාකිස්තාන අගමැති තමන්ගේ න්‍යෂ්ටික යුද්ධයට ප්‍රථම ඉන්දියාවට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික යුද්ධයක්ද ආරම්භ කර ඇත. එනම් තමන් යටතේ සිටින උසස් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් යොදවමින් ලෝකයේ අනෙක් රටවලදී ඉන්දියාවට එරෙහිව ගතුකීම එම ක්‍රියාවලිය වෙයි. ඒ අනුව පසුගිය කාලය පුරා අගමැතිවරයා එවැනි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් කිහිපයක්ම බටහිර, ආසියාතික සහ මැදපෙරදිග රටවලදී ක්‍රියාත්මක කළේය. එහෙත් ඒවා බොහොමයක්ම අසාර්ථකත්වයට පත්විය. පාකිස්තානයට සහයෝගය දක්වන පෙළගැස්මක් සිදු නොවීය.
ඉන්දියාව සහ පාකිස්තානය අතර මෙම ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වූයේ පසුගිය 2019 පෙබරවාරි මාසයේදී ඉන්දියානු – පාකිස්තාන දේශසීමාවේ ‘පුල්වාමා’ නමැති ප්‍රදේශයේදී ඉන්දියානු යුධ හමුදා ට්‍රක් රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුවය. ඉන්දීය හමුදා නිලධාරීන් 50කට ආසන්න පිරිසක් මෙම ප්‍රාහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අතර එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ පාකිස්තාන රජයේ අනුග්‍රහය ලබන ත්‍රස්ත කණ්ඩායම් විසිනි. ඉන් පසුව ඉන්දියාව ප්‍රතිප්‍රහාරයක් ලෙස පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. ඉන් පසුව ඉන්දියාව පසුගියදා ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අහෝසි කරමින් ඉන්දු – කාශ්මීර වැසියන්ට තිබුණු විශේෂ පුරවැසි වරප්‍රසාද සහ පහසුකම්ද අත්හිටුවූවේය. මේ අනුව දැනට දෙරට අතර පැනනැඟී ඇති අර්බුදය දිනෙන් දින උත්සන්න වෙයි. මෙම සම්බාධක පැනවීමෙන් පසුව ඉන්දීය රජයට එරෙහිව කාශ්මීර වැසියන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් උද්ඝෝෂණ පවත්වමින් සිටින අතර ඉන්දීය මධ්‍යම රජය ඒවා මැඬලීමට ඇඳිරිනීතිය පවා පනවා ඇත. මෙවැනි වටපිටාවක් යටතේ පාකිස්තාන අගමැතිවරයා න්‍යෂ්ටික යුද්ධයක් ගැන කටමැත දෙඩවීම අර්බුදය තවත් උත්සන්න කර ඇත.

SendShareShare
Previous Post

නාමල්ගෙ මගුලට යූ.එන්.පී. සභාපති කබීර් දුන් අපූරු තෑග්ග

Next Post

නාමල් මගුල් ඇදුම ෆවුසුල් හමීඩ්ගෙන් මැහුවේ විමල්ට-උදයට-ජාතිවාදීන්ට කනේ පාරක් ගහන්නද?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.