• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

නාමල්ගෙ මගුලට යූ.එන්.පී. සභාපති කබීර් දුන් අපූරු තෑග්ග

September 22, 2019
in Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
නාමල්ගෙ මගුලට යූ.එන්.පී. සභාපති කබීර් දුන් අපූරු තෑග්ග
Share on WhatsAppShare on Facebook

පසුගිය සති අන්තයේ කාගේත් කතාබහ මෙන්ම මාධ්‍ය ඇසද යොමුවී තිබුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටුපුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය දෙසටය. එම උත්සවයේ මංගල යුවල හෙළ සිරිතට අනුව පෝරු මස්තකවීමේ මංගල්‍යය පසුගියදා පැවැතියේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේය. ලිවිණි වීරසිංහ නාමල්ගේ අතගත් මනාලිය වූවාය. විවාහ ගිවිස ගැනීමේ මංගල්‍යයට ආරාධනා කර තිබුණේ ළඟම ඥාතීන් පිරිසකට පමණි.
විවාහ මංගල්‍යයෙන් පසු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන්, කලාකරුවන්, දෙස් විදෙස් විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රාජකීය ස්වරූපයෙන් අලංකෘත වූ මංගල්‍ය තංගල්ල කාල්ටන් නිවෙසට යාබදව සංවිධාන කර තිබිණි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට සමීප සබඳකම් ඇති හිතමිතුරන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු දිවියේ සමීපව සිටින මන්ත්‍රිවරුන් පක්ෂ, විපක්ෂ සියලු දෙනාටම මෙම මංගල්‍යය සඳහා ආරාධනා ලැබී තිබිණි. මෙදින කොළඹ රැඳී සිටි පක්ෂ විපක්ෂ දේශපාලනඥයකු බෙහෙතකටවත් සොයාගැනීමට නොහැකි වූයේ ඔවුන් තංගල්ල මුදමුලනට ගොස් තිබීම නිසාය. මනාල යුවල සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමටද ඉදිරිපත්වූ විශාල පිරිසකගේ තදබදය කොතරම්ද යත් මනාල යුවළ දෙපැත්තටම වී ඒ සඳහා ඉඩකඩ සැලැසූ බවක්ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
නාමල්ගේ විවාහ මංගල්‍යයට සහභාගි වූ පිරිස්වලට දේශීය ආහාර පානවලින් සංග්‍රහ කිරීමද විශේෂත්වයක් වී තිබුණු අතර මධුවිත සංග්‍රහ නොමැති වීමද විශේෂත්වයකි.
මෙම රාජකීය මංගල්‍යය මෙසේ සිදුවෙද්දී මෙදින කාගේවත් ඇස නොගැසුණු සිද්ධියක් ‘මව්රට’ පුවත්පතට වාර්තා වී තිබිණි. ඒ, මෙදින මංගල්‍ය උත්සවය සඳහා කොළඹ සිට මාතර හරහා තංගල්ල බලා ගිය ආරාධිත අමුත්තන් රැගත් මෝටර් රථ තුන්හාරදහසකට අධික සංඛ්‍යාවෙන් කොටසක්, තවමත් විවෘත කර නොමැති මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගය භාවිත කර ඇති බවය.
අදියර හතරකින් යුතුව ඉදිකරගෙන යන මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් 85%ක් පමණ අවසනව ඇත. එහෙත් තවමත් වැඩ නිමාවී නැති මෙම අධිවේගී මාර්ගය නිල වශයෙන් විවෘත නොවුණු මොහොතක අදාළ මංගල්‍යය සඳහා යන ඇතැම් පුද්ගලයන්ට තංගල්ලට යෑම සඳහා මෙම මාර්ගය ලබාදෙන්නේ ඉහළින් ආ නියෝගයක් මත බවද අපට වාර්තා වී තිබිණි. ඒ අනුව එම තත්ත්වය දැනගැනීම සඳහා අප මුලින්ම කතා කළේ මාතර – බෙලිඅත්ත කොටස භාරව සිටින ඉන්ජිනේරු නිලව්ෆර් මහතාටය.

“ඔය කියන දිනයේ අලුතෙන් ඉදිවෙන මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයේ කිසියම් පිරිසක් ගියාද කියල මගේ දැනීමක් නැහැ. මේ වන විට මේ මාර්ගයේ වැඩ හුඟක් දුරට අවසන් වෙලයි තියෙන්නෙ. මේ හදාගෙන යන අධිවේගී මාර්ගය නියම ප්‍රමිතියට ගැනීමේ කටයුතු කරගෙන යනවා. ඔය අතර මාර්ගය සකස් කිරීමේදී අවට සිටින පිරිස ඇතැම් අවස්ථාවල මාර්ගය පරිහරණය කරන අවස්ථා තියෙනවා. ඒත් මේ සිද්ධිය ගැන මම හරිහැටි දන්නෙ නැහැ. ඒ ගැන විමසිය යුතු එකම පුද්ගලයා අපේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයායි” යන්න ඔහුගේ අදහස විය.ඒ අනුව සිද්ධියට අදාළව හරි උත්තරයක් නිලව්ෆර් මහතාගෙන් ලබාගැනීම අපහසු වූයෙන් ඊළඟට අප දුරකතනයෙන් සම්බන්ධ වූයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සමගය. හෙතෙම අපට කියා සිටියේ මෙවන් අදහසකි.
“මේ අධිවේගී මාර්ගය හදනකොට ඒ අවට ඉන්න ගම්මුන් මාතර යන්න මේ පාර පාවිච්චි කරනවා. පසුගිය දිනකදී එහෙම යන අයට අපේ ආරක්ෂක නිලධාරියකු විරුද්ධ වෙලා ඒ නිලධාරියාට මන්නෙකින් කපල තිබුණ. ඔබ අහන සිද්ධියට අදාළව වාහන කීපයක් අලුත් අධිවේගී මාර්ගයේ ගමන් කරල තියෙනවා කියල ආරංචියි. අනික වාහන දහසකට අධික සංඛ්‍යාවක් තංගල්ල බලා යද්දි අධිවේගී මාර්ගයට පිටස්තරව ඇති ප්‍රධාන මාර්ගයේ ගියා නම් පාර අවහිර වෙන්නත් තිබුණා. එදා ඔය කියන තරම් වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයේ ගිහින් නැහැ කියලයි මටත් ආරංචි වුණේ. කොහොම නමුත් ඇතැම් පුද්ගලයන් මේ මාර්ගය පාවිච්චි කිරීම වළක්වන්න බැහැ” යන්න සභාපතිවරයාගේ පිළිතුර විය.
ඒ අනුව නැවත වතාවක් අපි එම අධිවේගී මාර්ගයේ ඉන්ජිනේරු නිලව්ෆර් මහතාගෙන් විමසීමක් කළෙමු.
“ඔබ මගෙන් පෙර දින අහපු තංගල්ල මංගල්‍යයට ගිය වාහන මේ පාර පාවිච්චි කළාද කියන එක ගැන කියන්න තියෙන්නෙ මෝටර් රථ තුන හතරක් ගිහින් තියෙනවා. සමහර විට කවුරුන් හෝ මේ අධිවේගී මාර්ගය හදන කොන්ත්‍රාත් සමගමෙන් අවසර ගත්තද මම දන්නෙ නැහැ. මේ පැත්තෙ පාරවල් අහිමි වෙලා තියෙන අයට අධිවේගී මාර්ගයෙ යන්න පොඩි වෙලාවක් දෙනවා. මේ අධිවේගී මාර්ගය ඉදිකරගෙන යන්නෙ කොටස් 4ක් හැටියටයි. මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝමීටර් 30, බෙලිඅත්ත බරවකුඹුර කිලෝමීටර් 26යි, බරවකුඹුර – අන්දරවැව කිලෝමීටර් 15යි, මත්තල – හම්බන්තොට (අන්දරවැව හරහා) කිලෝමීටර් 25යි. මේ මාර්ගයේ දැන් සියයට 90ක් විතර වැඩ අවසන්. අපි බලාපොරොත්තු වෙන්නෙ ලබන නොවැම්බර් වෙනකොට විවෘත කරන්න හැකිවේවි” කියලයි” ඒ මහතා සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් ‘දැන් ඉරිදා මව්රට’ට දැනගන්නට ඇති පරිදි මෙම සිද්ධියෙන් පසු තවමත් නිල වශයෙන් විවෘත කර නොමැති මාතර – හම්බන්තොට අධිවේගී මාර්ගයට අනවසරයෙන් වාහන ඇතුළු වීම වැළැක්වීමට උණබම්බු ගේට්ටු තුනක් යොදා ආරක්ෂක අංශයද යොදවා තිබේ. කෙසේ නමුත් පසුගිය සතියේ සිදුවූ මෙම අනවසර ඇතුළු වීම සම්බන්ධයෙන් දැනගැනීම සඳහා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා ගණනාවකදී ඇමැතිවරයාගේ දුරකතනය අංකයට (0777485591) කතා කළද එම දුරකතන අංකය ක්‍රියාවිරහිත කර තිබිණි. ඇතැම් අවස්ථාවල කාර්යබහුල බවට පටිගත කළ හඬක්ද ඇසිණි. මේ අතර අලුතින් ඉදිවන මාතර – හම්බන්තොට අධිවේගයේ දැනට ඇති අනතුරුදායක තත්ත්වය පිළිබඳ තවත් සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ පසුගිය 13දා රාත්‍රී 8.30ට පමණ මාතර සිට මත්තල දක්වා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගයේ සූරියවැව සහ අන්දරවැව කොටසේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියයෑමය. තවත් දෙදෙනකුට තුවාල සිදුවී තිබිණි. එම අනතුරද සිදුවී ඇත්තේ පසුගිය සතියේ ‘මව්රට’ විපරම් කළ අනවසර ලෙස අධිවේගී මාර්ගයෙන් මංගල උත්සවයකට යෑමේ සිද්ධිය පැවැති දිනවල වීම තවත් විශේෂත්වයකි. මාතර – මත්තල මාර්ගයේ ඉදිකිරීම් තවමත් අවසන් වී නැතත් මෙම මාර්ගය ඔස්සේ අනවසරයෙන් වාහන ගමන් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බව ගම්වාසීහු පවසති. පසුගිය දිනක ත්‍රිරෝද රථයක් මෙම මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වෙමන් තිබියදී ගිනිගෙන විනාශයට පත්වී තිබිණි. අධිවේගී මාර්ගය නිල වශයෙන් විවෘත කරනතුරු මාර්ගයට වාහන ඇතුළු නොකරන ලෙස දැනුම්දෙන පුවරු ප්‍රදර්ශනය කර තිබුණද මුකරුවන් යොදවා නොතිබීම හේතුවෙන් රාත්‍රියේ මෙන්ම දිවා කාලයේද මෙම මාර්ගයේ වාහන ධාවනය කරන බව ප්‍රදේශවාසීන් පවසා ඇති බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහන් කර තිබිණී.

වාහන ගියා කියලා දන්නවා… – දකුණු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු

මෙම සිද්ධියට අදාළව දකුණු ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මෙවැනි කතාවකි.
“අධිවේගී මාර්ගවලින් වාහන යැවීමේ වගකීම ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට මිස අපට නෙවෙයි. ඔය කියන දවසේ තංගල්ලට වාහන විශාල සංඛ්‍යාවක් ගිය බව දන්නවා. නමුත් කිසියම් අධිවේගී පිවිසුම් මාර්ගයක වාහන ධාවනය කරල අනතුරක් සිදුවුණොත් අපි ඒ ගැන පොලිසි යොදවල පරීක්ෂණ කරනවා. පසුගියදා එවැනි අන්දමේ අනතුරු කීපයක් ඔය අලුත් අධිවේගී මාර්ගයේ සිදුවුණා.”
අධිවේගී මාර්ගයේ පොලිසි භාර පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා සඳහන් කළේ දකුණු අධිවේගී මාර්ගයේ අලුතෙන් ඉදිකර ඇති කොටස තවමත් විවෘත කර නැති නිසා එය පොලිසියට භාරදී නොමැති බවයි.

රාජ්‍ය ‌ෙදේපොළ අවභාවිත කිරීමක්: මංමාවත් පනත යටතේ කරනු ලබන වරදක් – නීතිඥ සුනිල් වටගල

නව අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර නීති විරෝධීව වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ගැන දැනගැනීම සඳහා ‘මව්රට’ බස්නාහිර පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාගෙන් කළ විමසුමට ඔහු ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.
“සිද්ධිය වූ දිනයේ කිසිවකු විසින් තවමත් විවෘත කර නොමැති දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීම මංමාවත් පනත යටතේ කරනු ලබන වරදක්. තවමත් විවෘත කර නොමැති මාර්ගයක වාහන ධාවනය කිරීමෙන් එම මාර්ගයට හානියක් වෙන්න පුළුවන්. එම වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ වගකීම දරන්නේ කවුද යන්න ප්‍රශ්නයක්. රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමේ පැරැණි සෙල්ලම තවමත් නීති විරෝධීව සිදුකිරීමක් හැටියටයි මෙය දකින්නෙ. මෙය නාගරික සංවර්ධන අධිකාරි පනතටත් පටහැනියි. මෙවැනි අන්දමට වාහන ධාවනය කිරීමෙන් මාර්ගයට කිසියම් හානියක් වෙලාද දන්නෙ නැහැ. මේ ගැන පරීක්ෂණයක් කළ යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියයි. ඒ ගැන අකුරැස්ස පිටවීමේ මාර්ගවල හෝ අතරමග සී.සී.ටී.වී. කැමරා සවිකර ඇත්නම් ඒවායින් තොරතුරු සොයාගෙන එදින ධාවනය වූ වාහනවල තොරතුරු ලබාගත හැකියි.”

2005 ඉදන් රාජපක්ෂලා එක්ක කබීර් දාපු ඩීල් ‌මෙන්න

කබීර් හෂීම් මහතා රාජපක්‍ෂ පවුල සමඟ සහ එජාපයෙන් පිට පාර්ශ්වයන් සමඟ රහස් ගනුදෙනුවල නිරත වූ ආකාරය පිළිබඳ මීට පෙරද අවස්ථාවන් ගණනාවකදීම වාර්තා විය. එහි පළමු සිදුවීම වාර්තා වූයේ 2005දීය. එවකට මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව “හෙල්පින් හම්බන්තොට” ගිණුම මූලික කරගෙන පළමුව අධිකරණය හමුවෙ නඩු පැවරුවේ කබීර් හෂීම් මහතාය. නමුත් ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා ජය ලැබීමත් සමඟ වහාම හොර රහසේ රාජපක්‍ෂ මහතාව මුණගැසීමට ගිය කබීර් හෂීම් මහතා සමාව ගෙන හෙල්පින් හම්බන්තොට නඩුව ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කළේය. ඉන් පසුව පාස්කු ප්‍රහාරයෙන් පසුව සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ආණ්ඩුවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරු සිය තනතුරුවලින් ඉවත් විය යුතු බවට ඇතිකරගත් එකඟතාවට අනුව කබීර් හෂීම් මහතාද ඇමැතිකමින් ඉල්ලා අස්විය. නමුත් ඉන්පසු හොර රහසේම සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගොස් ජනාධිපතිවරයා මුණගැසී අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරු එළියේ සිටියදී තනිවම සිය අමාත්‍ය ධුරය ලබාගැනීමට කබීර් හෂීම් මහතා කටයුතු කළේය. අඩුම තරමින් හෂීම් මහතා ධුරයේ දිවුරුම් දෙන බවක් පක්‍ෂ නායක මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවා දැන සිටියේ නැත. වික්‍රමසිංහ මහතා එය දැනගත්තේ ජංගම දුරකතනයට ආ “නිවුස් ඇලර්ට්” මගිනි.
ඉන් අනතුරුව අගමැතිවරයා හෂීම් මහතාට අයත් ඛනිජ තෙල් සංස්ථාව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට පවරන ලෙසට ජනාධිපතිවරයාට දෙවතාවක් ලිඛිතව දැනුම් දී තිබියදී නැවත සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගොස් ජනාධිපතිවරයා මුණගැසී සිය අමාත්‍යාංශය ඉවත් නොකරන ලෙසට ජනාධපතිවරයා සමඟ රහස් ගනුදෙනුවක් සිදුකළේය. අවසන් වරට පැවැති පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමකදී කිරිඇල්ල මහතා මේ බව ප්‍රසිද්ධියේ කියමින් හෂීම් මහතාට “ඩීල්කාරයා,” “පාවා දෙන්නා” යනුවෙන් බැණවැදීමටද කටයුතු කළේය.
මීට අමතරව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පොහොට්ටුවේ ජනපති අපේක්‍ෂකයා ලෙස නම්කිරීමත් සමඟ කබීර් හෂීම් මහතා කිසිවකුටත් නොකියා ගෝඨාභයගේ නිවෙසට ගොස් පැය එකහමාරක පමණ රහස් සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගත්තේය. ඒ බව අනාවරණ වූයේ ඒ මොහොතේම සාගල රත්නායක මහතා ගෝඨාභයගේ නිවෙසට යෑම හේතුකොටගෙනය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හංවැල්ලේ ඌරුජුවා-ඉන්ද්‍රා පාතාල ගැටුම එක්ක ‌පොලිස්පති ‌පොලිසිය ‌පොලිෂ් කළේ ඇයි? CID SPECIAL

Next Post

ඉන්දියාව පාකිස්තානය න්‍යෂ්ඨික යුද්ධයක

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.