• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට ගැලවීමක් නැහැ

April 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මට ගැලවීමක් නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ මගේ ජීවිතේ එක්ක නිදන්ගත වෙලා…

සාරංග දිසාසේකර ටෙලි සිනමාවට පැමිණියේ සහ එහි තරුවක වූයේ, මුදු ගති ඇති සියුමැලි පෙම්වතුන්ගේ චරිත හරහාය.
කඩවසම් පෙනුම සේම සිත් ඇදගන්නා රංගන රටාව හරහා ප්‍රේක්‍ෂක සිත් ඇදබැඳ ගත් සාරංග,
මෑතක සිට දුෂ්ටයාගේ චරිත තුළින් ටෙලි තිරය ආක්‍රමණය කරලීමට පටන් ගත්තේය.
‘ලංසුපතිනියෝ’හී ‘කෙසෙල් සුසා’ සහ ‘අග්නි පියාපත්’ හී මනුරංග සේනානායක ඊට හොඳ නිදසුන් වේ. ඒ සියල්ල අතර මියුසික් වීඩියෝ ඔස්සේ සාරංග සිය ගායන හැකියාවද ඔප්නැංවීම ආරම්භ කොට හමාරය. ඒ.., ‘සාරංග ඩිනක්ෂි ඔන්ලයින් යූ ටියුබ්’ චැනලය හරහාය. සුවිශේෂීව ඒ ගැන ඔහුගෙන් තොරතුරු අසා දැනගන්නට ‘මව්රට – හදවත’ තුළින් අප මෙලෙස ඔහු වෙත සමීප වූයෙමු.

🔴 අවුරුද්දට සැරැසෙන කඩිමුඩියේ ඔන්න අපිත් ආවා ඔබ ගැන තොරතුරු ටිකක් අසා දැනගන්නට?
ඒ පැමිණීම සාදරයෙන් පිළිගන්නවා… මම කොහොමත් මාධ්‍ය සමග හැමදාමත් සුහදයි. මගේ ජංගම දුරකතනයද මාධ්‍ය වෙනුවෙන් ‘හෙලෝ’ කිව්වේ හැමවිටම බොහොම සුහදවයි.
🔴 එහෙනම් ඉතින් කියන්න, ඔබේ අලුත් තොරතුරු එහෙම කොහොමද?
‘අග්නි පියාපත්’ අවසන් කොටස් කිහිපය සහ ‘අකුරු මැකී නෑ’ ටෙලිනාට්‍යයෙහි රූගත කිරීම් මේ දවස්වල සිදුවෙනවා.
ඒ අතර, ශිවගුරුනාදන් මහතාගේ අධ්‍යක්‍ෂනයෙනුත් ‘හිරු’ නාලිකාව විසිනුත් නිර්මාණය කරන්නට යන අලුත් ටෙලිනාට්‍යය දෙකක වැඩකටයුතු මැයි මස මුල් හරියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තවම ඒ ටෙලිනාට්‍යවලට නම් තැබීමක් සිදුව නැහැ.
🔴 මියුසික් වීඩියෝවක් ගැන අලුත් ආරංචියක් අසන්නට ලැබුණා සාරංග?
ඔව්… ආරංචිය නම් හරි… හැබැයි ඒක අලුත් නම් නැහැ. මොකද නත්තල වෙනුවෙන් ‘අපි’ මියුසික් වීඩියෝවක් කළා. ඒ වාගෙම ඒක හුඟක් ජනප්‍රිය වුණා. දෙවැනි ගීතය නිර්මාණය වූයේ එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙනුයි.
🔴 ‘අපි…’ කිව්වේ කවුද සාරංග… රූපවාහිනී චැනලයක් සහ ඔබද?
නැහැ… නැහැ… මේ වෑයමට රූපවාහිනී චැනලයක සම්බන්ධයක් නැහැ.., අපි යන අදහස දුන්නේ ‘මම සහ ප්‍රියසාද් පවුල මේ නිර්මාණයට එක්ව ඇති නිසයි.
🔴 සංගීත අධ්‍යක්‍ෂණය සහ රූප රචනය ගැන තව විස්තර ටිකක් කියමුද සාරංග..?
මියුසික් වීඩියෝවක් ලෙස මෙය නිෂ්පාදනය වන්නේ සාරංග ‘ඩිනක්ෂි ඔන්ලයින් යූ ටියුබ්’ චැනලය ඔස්සෙයි… මෙහි ගීත රචනය දුමින්ද අලහේන්ද්‍ර, රූප රචනය අධ්‍යක්‍ෂණය පැතුම් ඒකනායක, සංගීතය අශාන් ප්‍රනාන්දු.
මම ඩිනක්ෂි සමඟ ශේෂාද්‍රි, ශනුද්‍රි, ඉෂාන් මෙයට සහභාගි වෙනවා. නත්තල් ගීතයක් කළේ අපි කට්ටියම තමයි. හිතුවාට වඩා එය ප්‍රේක්‍ෂකයන්ගේ හිතට වැදුණා. සිංහල අවුරුදු ගීතයත් එහෙම ජනප්‍රිය වෙනවා කියන විශ්වාසය හිතේ තියෙනවා.
🔴 මේ වාගේ මියුසික් වීඩියෝවක් කරන්න හිතුණේ ඇයි කියලා ඇහුවොත්?
කාටවත් අමතක නැහැ මම හිතන්නේ, 2020 සිංහල අවුරුදු මතකය කොයිතරම් කටුකයිද කියලා. තවම වුණත් ‘කොවිඩ්-19’ අවදානමෙන් අපි හරියටම බැහැර වෙලා නැහැ. බොහෝ පිරිස් දවස ගෙවන්නේ යම් පීඩාකාරී මානසික මට්ටම් මතයි. ඉතින් අපට හිතුණා 2021 සිංහල අවුරුදු උත්සවය සමග එළඹෙන අලුත් වසර නිදුක්, නීරෝගී දවස ගෙවන්නට හැකි සෞභාග්‍යමත් සමයක් උදාවේවා… සියලු දුක් කරදර අවම වේවාය කියන සුබ ප්‍රාර්ථනය මත මෙවැන්නක් නිර්මාණය කරන්න. ගීතයක් ලෙස සුන්දරව එය ප්‍රේක්‍ෂකයන් අතරට ගෙන ආවොත් එය ඔවුනගේ හිතට දැනේවි කියන සිතුවිල්ල අප හැමෝටම දැනුණා.., අනෙක මෙය කලාවට හිතැති පවුල් දෙකක් එක්ව කළ සොඳුරු මෙහෙවරක්.
🔴 ‘සාරංග ඩිනක්ෂි ඔන්ලයින් යූ-ටියුබ් චැනලය’ මගින් විතරද මෙය ප්‍රේක්‍ෂකයන්ට නරඹන්නට ලැබෙන්නේ?
අපොයි නැහැ.., එහෙම කරන එක අසාධාරණයි නේද..? ඒ නිසාම අපි හැමෝගෙම මනාපය තුළ මේ ගීතය රූපවාහිනී චැනල් සහ ගුවන්විදුලි සේවාවන් ඔස්සේද විකාශනය වීමට සැලසුම් කරලා තියෙනවා. ‘2021 වසර සමග සාමය, සෞභාග්‍යය රටට උදාවේවා’ කියන තේමාවෙනුයි එය නම්කර තිබෙන්නේ.
🔴 කළඑළි දැක්ම අප්‍රේල් මස 13 හෝ 14ද සාරංග..?
බොහෝ විට මේ ‘මව්රට’ මුද්‍රණයත් සමගම වාගේ එය කළඑළි දකීවි. අප්‍රේල් 11 හෝ 12 තමයි ගීතය දොරට වඩින්නේ. අලංකාර රූප රාමු සමග සුන්දර වචන එකතුවකින් කළ මේ නිර්මාණය ගැන අපි හැමෝම ඉන්නේ විශාල තෘප්තියකින්. ඒ තෘප්තිය මැද කළ මෙහෙවරට ප්‍රේක්‍ෂකයා සතුටින් ප්‍රතිචාර දක්වතැයි යන බලාපොරොත්තුව තුළ තමයි මම ඩිනක්ෂි ඇතුළුව ප්‍රියසාද් පවුලේ හැමෝම මේ දිනවල කාලය ගෙවන්නේ.
🔴 ‘සාරංග ඩිනක්ෂි ඔන්ලයින් යූ-ටියුබ් චැනලය’ නිසා ඔබ රංගනයෙන් ඈත් වෙයිද?
ඒ තරම් ලෙහෙසියෙන් ‘සාරංග දිසාසේකර’ කියන රංගනවේදියාගෙන් මට ගැලවෙන්න ලැබෙන එකක් නැහැ. ඔහු දැන් මගේ ජීවිතය සමග නිදන්ගතවී හමාරයි. ඒ නිදන්ගත වීමට මමද ඉතා ඇලුම් කරනවා.
🔴 දෙවැනි නිෂ්පාදනයට සූදානම්ය කියන කසුකුසුවක් තියෙනවා ඔබ ගැන?
ඒ කසුකුසුව හරියටම හරි නැහැ. මොකද..? තවම මා සොයන කතා වස්තුව මට හොයා ගන්න බැරි වුණා.
🔴 ‘ලංසුපතිනියෝ’ වැනි කතා වස්තුවක්ද ඔබ සොයා යන්නේ?
‘ලංසුපතිනියෝ’ ප්‍රේක්‍ෂකයන් ඉතාම සතුටින් බාරගත් ටෙලියක්. එවැනිම නොවුණත් වෙනස් තාලයක කතා වස්තුවක් තමයි සොයන්නට වෙහෙසෙන්නේ.
🔴 චරිත අතරත් ඔබ දැන් යම් වෙනසක් හොයනවා?
කොහොමටත් මම දැන් බාර ගන්නෙ සහ මට ලැබෙන්නේ එකිනෙකට තරමක් හෝ වෙනස් චරිතයක් තමයි. ‘අග්නි පියාපත්’ හි ‘පාතාල ලොක්කා’ සහ ‘අකුරු මැකී නෑ’ හී සංවේදී ගුරුවරයා එයට හොඳ නිදසුනක්.
ඒ වාගෙම යෞවනයන් ලෙස කලෙක රංගනයට පැමිණි අප… වයසින් මුහුකුරා යන විට ප්‍රේක්‍ෂකයන් අපෙන් යම් වෙනස් දේ බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස අනිවාර්යයෙන්ම අපට ඔවුනට දිය යුතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හිතේ පුංචි ආසාවක් තිබ්බා

Next Post

පාසල් 2ක් මරාගනී: සිසුවකුගේ ඇහැකට බරපතළයි

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.