ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් තුවාල සිදු වූ සිසුවකුගේ එක් ඇසකට බරපතළ තුවාල සිදුව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා, පහර දීමට සම්බන්ධ සිසුන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අලූත්ගම පොලිසිය කියයි .
මෙම සිද්ධියෙන් අනතුරුව එම විද්‍යාලයට බලහත්කාරයෙන් පැමිණ කලහකාරී ලෙස හැසිරී එම විද්‍යාලයේ දේපලවලට හානි කරන ලද බව කියන තුවාල ලැබූ සිසුවාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව විමර්ශන සිදුකරන අලුත්ගම පොලීසිය කියයි .
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ඇතුළු පාසල් සිසුන් හතර දෙනා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතය .
මේ හේතුවෙන් ඊයේ (9) දින ද කිසිම සිසුවෙක් පාසලට පැමිණ නොමැති බව බේරුවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත සෝමරත්න මහතා පැවසීය .
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිස් ස්ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ඇතුළුපොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි .










