• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතේ පුංචි ආසාවක් තිබ්බා

April 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හිතේ පුංචි ආසාවක් තිබ්බා
Share on WhatsAppShare on Facebook

⬤ හිතුවෙ නැහැ මෙහෙම හරි ලැබෙයි කියලා…

කලා ක්‍ෂේත්‍රයේ විවිධ රංග භූමිකා හරහා චරිත ජීවමාන කරමින් වසර දොළහක පමණ කාලයක් මේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කළ ඇයට පසුගියදා ‘සුමති’ සම්මාන රාත්‍රියේදි සම්මානයක් හිමිවුණා. ඒත් හා හා පුරා කියා ඇයට ලැබුණු ඒ කුලුඳුල් සම්මානය ලබා ගැනීමට ඒ මොහොතේ ඇය සිටියේ නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා දැනගන්න අපි දනංජි තාරුකාට කතා කළා.

🔴 වසර දොළහකට පසු ගත්ත සම්මානය ගැන කතා කළොත්?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා එවැනි කාලයක් වෙනවා. මම හිතනවා 2021 වසර මට වාසනාවන්ත වසරක් කියලා. හිතන හැමදේම හරියනවා. මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්‍ෂණය කළ ‘සුසුමක ඉම’ ටෙලිනාට්‍යයේ මම රඟපාපු ‘මාලිකා’ චරිතයට තමයි මට මේ සම්මානය ලැබුණේ. හරිම සතුටුයි.
🔴 පළමු සම්මානය ලබා ගන්න ඔබ ඒ අවස්ථාවේ හිටියේ නැහැ නේද?
එය තමයි මට තියෙන දුක. මම සම්මාන උළෙලට ඒමට ප්‍රමාද වුණා. මොකද මට කලින් දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ සම්මානයක් තියෙනවා කියලා. එහෙම දැනුවත් කිරීමක් කරලා තිබුණා නම් මම පෙරසූදානමක් ඇතිව සහභාගි වෙලා සිටිනවා. පස්සේ මම ඒ වැඩසටහන අතරතුර ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් අතින් සම්මානය ලබාගත්තා.
🔴 මෙයට වඩා හොඳ ඇගයීමකට ලක්වෙයි කියලා හිතුවාද?
මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා නිර්මාණවල වැඩ කරගෙන යන අතරතුර අනෙකුත් ශිල්පිනියන්ට වගේම මගේ හිතෙත් පුංචි ආශාවක් තිබුණා සම්මානයක් ගන්න. ඒත් මම හිතුවේ නැහැ මෙහෙම හරි සම්මානයක් ලැබෙයි කියලා.
🔴 ‘නිහඬ සෙවණැලි’ සමඟ මොකද කරන්නේ?
සුනිල් ප්‍රේමරත්නගේ ‘නිහඬ සෙවණැලි’ චිත්‍රපටය තමයි මගේ පළමු සිනමා අත්දැකීම වෙන්නේ. එය ප්‍රදර්ශන වැඩකටයුතු එක්ක වැඩ කරගෙන යනවා. එයට අමතරව ඔහුගේ අලුත් චිත්‍රපටයට මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා. එයටත් සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් තිබෙනවා.
🔴 මේ දවස්වල දනංජි ටෙලිනාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලානේද?
ඉලන්දාරියෝ, හොඳ වැඩේ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒවායේ ප්‍රතිචාර භුක්ති විඳිමින්, සිප්පි කටු, විසිඑක ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ‘රකුන්ගිර’ ටෙලිනාට්‍ය ඉදිරියේදී විකාශය වෙයි. ඔය වැඩකටයුතු එක්ක තමයි මගේ කාලය ගෙවෙන්නේ මේ දවස්වල.
🔴 ඔබේ විවාහයත් එක්ක නිර්මාණවලින් ඈත් වෙලාද හිටියේ?
මම විවාහ වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් මම දුරබැහැර ප්‍රදේශවල කරන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. පසුකාලීනව කොරෝනා ප්‍රශ්න ආවා. ඉතින් වැඩකටයුතු ප්‍රමාද වුණා.
🔴 දරු හුරතල් බලන කාලය හරි නේද?
ඔව්… ඒ ආශාව අනෙකුත් අම්මලාට වගේම මටත් තියෙනවා. ඒත් මේ බාරගත්තු වැඩකටයුතු ඉවර කරලා ඉන්න තමයි මගේ අදහස. මොකද ඒ සුන්දර කාලය වෙනකොට මට නිදහසේ ඉන්න ඕනෑ. බොහෝ දුරට ඒ සිහිනයත් මේ වසරේ සැබෑ වෙයි කියලා මම හිතනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මැරිලා මෝචරියට යවපු මීගමුවේ ධීවරයාට එක පාරටම පණ ඇවිත්

Next Post

මට ගැලවීමක් නැහැ

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.