එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රාන්තයේ පිහියි මෙම “ප්ලක්ලි ගම්මානය” වරක් වැඩිපුරම හොල්මන් ගැවසෙන ස්ථානය ලෙසට ගිනස් වාර්තා පොතට පවා ඇතුළු වී තිබුණි. එහි සඳහන් වන්නේ විස්සකට කිට්ටු හොල්මන් ප්‍රමාණයක් මෙම ස්ථානයේ සිටින බවයි. මෙම ස්ථානයේදි එක් පුද්ගලයෙකු කඩුවකින් කොටා ඝාතනයට ලක්කර ගසක එල්ලා ඇති අතර එම පුද්ගලයා මෙම ස්ථානයේ හොල්මන් කරන බව විශ්වාසයකි. එසේම මෙහි රතු හැඳි කාන්තාවකගේ අවතාරයක් ගමන්කරන බවද පැවසෙයි.











