• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

හැමෝම බය කරපු මාඝව බය කරන්න නැනබඹරෙන් ආපු වීරයා

April 10, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
හැමෝම බය කරපු මාඝව බය කරන්න නැනබඹරෙන් ආපු වීරයා
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකීය රාජධානි අනුපිළිවෙළ ගත්තම අනුරාධපුර රාජධානියෙන් පස්සේ ඊළඟට කියවෙන්නේ පොළොන්නරුව රාජධානිය ගැන. හැබැයි කාලිංග මාඝගේ අක්‍රමණයත් එක්ක පොළොන්නරුව බලා ඉද්දිම පිරිහිලා යනවා. එහෙමයි පොළොන්නරුව රාජධානිය ගැන කියවෙන ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. කොහොමින් හරි ඒ තුළම සඳහන් වෙනවා මාඝ කියන්නේ එසේ මෙසේ ආක්‍රමණිකයෙක් නෙවෙයි කියලා. සැබෑවටම ලංකාවට ආපු ආක්‍රමණ අතරින් මාඝගේ ආක්‍රමණය තමයි ප්‍රබලම. ඒත් මාඝ ආක්‍රමණය කොතරම් ප්‍රබල වුණත් මාඝ නවතන්න නැනබඹරෙන් සුපිරි වීරයෙක් බිහිවෙනවා.

මුලින් කියපු විදිහට ලංකාවට ආපු වෙනත් විදේශ ආක්‍රමණත් එක්ක බැලුවම මාඝ ආක්‍රමණය හරිම ප්‍රබලයි. ඒකට හේතුව මාඝගේ අරමුණ. එදා ඔහුගේ එකම අරමුණ වෙන්නේ ඒ වෙනකොට ලංකාවේ පැතිරිලා තිබුණු බුදු දහම රටෙන් අතුගා දැමීම. ඔහුගේ ඒ ප්‍රබල අරමුණ නිසාම මාඝ ආක්‍රමණය හරහා අපේ රටේ වෙහෙර විහාර මහ පොළොවට සමතළ වෙනවා. ඊළඟට බෞද්ධ පොත්පත් ගිනි ජාලාවලින් පිච්චිලා යනවා. හැබැයි මාඝ අපේ රටෙන් බුදු දහම අතුගා දාන්න හැදුවත් ඒකට ලොකු බාධකයක් එනවා. ඒ තමයි එවකට සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා එදා බුදු දහම රැකගන්න ලොකු උත්සහයක් ගන්නවා. අන්න ඒ උත්සාහය උඩ මාඝට මාඝගේ අරමුණට හරියට යන්න බැරිවෙනවා.

කියවන ඔබට හිතෙන්න පුලුවන් කාලිංග මාඝට විරුද්ධව සටන් කරන්න ඒ වෙනකොට අපේ රටේ කොන්ද පණ තිබුණු සෘජු පාලකයෙක් හිටියේ නැද්ද කියලා. සැබෑවටම ඒකට උත්තරේ ප්‍රශ්නාර්ථයක්. මොකද පාලකයා කොයි තරම් කෙළින් හිටියත් මාඝ ඊට වැඩිය බලවත් කියලයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ නිසාම මාඝව රටෙන් පන්නන්න අපේ රටේ එවකට සිටි පාලකයන්ට ලේසි වෙන්නේ නෑ. ඒත් අවසානේ මාඝට එරෙහිව සුපිරි වීරයෙන් එනවා. ඒ තමයි දඹදෙණිය රාජධානියෙන් බිහිවෙන තුන්වෙනි විජයබාහු රජතුමා. ඒ තුන්වෙනි විජයබාහු රජතුමා ගැනද එක එක කතා තියෙනවා. ඒ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පෙළපත සම්බන්ධයෙන්. ඒකත් එක්තරා විදිහක ප්‍රශ්නාර්ථයක් කිව්වොත් මං නිවැරදියි.

අපේ අතීතය ගැන හරියටම කියවෙන මහාවංශයේ තුන්වෙනි විජයබාහු රජතුමා “සංඝබෝධි” කියන පරපුරෙන් පැවත එන්නෙක් කියලා කියනවා. පූජාවලියේ කියන්නේ ජය ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කළ අවස්ථාවේ රටට ආ “බෝධි කුල සිරි සංඝරාජ” පරපුරෙන් තුන්වෙනි විජයබාහු රජතුමා පැවතෙනවා කියලා. හත්ථවනගල්ල විහාර වංශයේ මේ රජතුමාගේ පියා “විජයමල්ල” කියලා කෙනෙක් කියනවා. දඹදෙණි අස්නේ තියෙන්නේ මේ රජු “නන්බඹර කාලිංග විජයබාහු” කියලා. ඒ කියන්නේ මෙම තුන්වෙනි විජයබාහු රජු කාලිංග පෙළපතෙන් එන්නෙක්ද කියලත් පොඩි සැකයක් එනවා.

එවකට කාලිංග වංශිකයින් පදිංචි වෙලා තියෙන්නේ “නන්බඹර” කියන දඹදෙණිය ආසන්න ගමක. මේ අතර දඹදෙණියේ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පුත්‍රයා වෙන දෙවෙනි පරාක්‍රමබාහු රජුගේ දෙවුන්දර සෙල්ලිපියේ තියෙන්න තම පරපුර “නැන්බරයේ සෝමරාජ” කියලා. සෝමරාජ කියන්නේ චන්ද්‍රයාට.ඒ නිසා තුන්වෙනි විජයබාහු රජු “පාණ්ඩ්‍ය” රාජ වංශයේ වෙන්නත් බැරි නෑ. ඔය අතරේ කවි සිළුමිණ තුළ දෙවෙනි පරාක්‍රමබාහු රජු “පඬුරාජ” කියන පරම්පරාවෙන් පැවත එනවයි කියලා තියෙනවා. පඬු කියන්නේ පාණ්ඩ්‍ය නිසාම තුන්වෙනි විජයබාහු රජුත් පාණ්ඩ්‍ය රාජ වංශයෙන්ම පැවත එන්නෙකු වෙන්නත් පුළුවන්. තවද මේ රජුගේ මව්පියන් කාලිංග හා පාණ්ඩ්‍ය යන රාජ වංශ දෙකෙන්ම පැවත එනවයි හිතන්නත් පුළුවන්. කොහොමින් හරි එවකට රජරට අතහැර නන්බඹර ප්‍රදේශයට ආපු පිරිසෙන් තුන්වෙනි විජයබාහු බිහිවුණා කියලයි අපිට අවසානේ තේරෙන්නේ. සමහර තැන්වල “වත්හිමි” කියන්නෙත් තුන්වෙනි විජයබාහු රජුට කියලා සඳහන් වෙනවා.

අවසානයේ පොළොන්නරුවෙන් ඇරඹි කාලිංග මාඝ රටටම හිසරදයක් වෙනකොට නන්බඹරෙන් ආ තුන්වෙනි විජයබාහු රජතුමා තමයි ඔහුට විරුද්ධව සටනට එන්නේ. එතැනින් පස්සේ බුදු දහම නැවත නඟාසිටුවන්න තුන්වෙනි විජයබාහු රජු බොහෝ වැඩකොටසක් කරනවා. දඹදෙණි කතිකාවත සකස් කිරීම, තම මව්දේවිය සිහිවීම පිණිස දඹදෙණිය විජයසුන්දරාරාමය ඉදිකිරීම වගේම වත්තල, කැලණිය, අත්තනගල්ල සහ තොටගමුව යන විහාර ප්‍රතිසංස්කරණය කිරීමත් මේ රජතුමාගේ වැඩ කොටසින් බිඳක්. නමුත් ඒ සියල්ලටම වඩා වැදගත් වැඩක් තුන්වෙනි විජයබාහු රජතුමා කරනවා. ඒ තමයි අති උතුම් දළදා වහන්සේ ආරක්ෂාකාරීව සඟවමින් රැකගැනීම. ඒ හේතුව නිසාම අදටත් තුන්වෙනි විජයබාහු නාමය කිසිවෙකුට අමතක නෑ.
මේ අනුව දඹදෙණිය රාජධානි සමයේදී පළමුවරට තුන්වෙනි විජයබාහු රජු විසින් බෙලිගල පර්වතය මුදුනේ අගනා දළදා මන්දිරයක් තනවා එහි දළදාව වඩා හිඳවූ බව “මහාවංශය” සඳහන් කරනවා. කාලිංග මාඝ ආක්‍රමණයෙන් පසු විනාශ මුඛයට පත් පොළොන්නරුව රාජධානිය බිඳවැටීමත් සමඟ දඹදෙණිය රාජධානිය වශයෙන් පත්කර ගත්තේ “තුන්වෙනි විජයබාහු” රජතුමා. ඉතින් ඔහු කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතූන් වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ බෙලිගලට වැඩම කරවා බෙලිගල පර්වතයෙහි මනරම් දළදා මාලිගයක් කරවා දළදා වහන්සේ එහි වැඩමකොට හිඳුවා පුද පූජා පැවැත්වූ බව සඳහන් වෙනවා. එමෙන්ම එහි ආරක්ෂාව වෙනුවෙන් බෙලිගල සිසාරා පවුරු පදනම්ද ඉදිකර එහි සුන්දර ආරාමයක් තනා එය සඟ සතු කර පූජා කර තිබෙන බවත් පැවසෙනවා. අද මහනුවර වැඩවසන උතුම් දළදා වහන්සේ මහනුවර දළදා මාලිගය දක්වා පැමිණි ගමන් මග කටුක මෙන්ම ඉතාම දුෂ්කර එකක් වූ බව අමුතුවෙන් කිවයුතු නෑ. සැබෑවටම විදේශීය ආක්‍රමණවලින් එය ඉතා පරිස්සමට ආරක්ෂා කරගැනීම පසුපස සිටින්නේ සිංහල රජ දරුවන්. ඉතින් ඒ අතරින් තුන්වෙනි විජයබාහු නාමය ඉහළින්ම තිබෙන බවත් රහසක් නෙවෙයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

අලුත් අවුරුද්දෙන් පසු රටම තැතිගන්වන මහා හෙළිදරව්වක්

Next Post

මට සම්මාන අදාළම නැහැ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.