• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට සම්මාන අදාළම නැහැ

April 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මට සම්මාන අදාළම නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ මට සතුටක් නැත්නම් ඒ චරිත කරන්න බැහැ…

⬤ ඔළුව උඩින් තියන් යන්නෙ නැහැ…

වෙනස්ම රංග පැතිකඩකින් චරිත ජීවමාන කරමින් ඔබට සමීප වන ඔහු මෙවර පැවැති ‘සුමති’ සම්මාන රාත්‍රියේදී හොඳම සහාය නළුවා ලෙසට පාත්‍රවුණා. ඔහු කළණ ගුණසේකර.

🔴 කළණ ඔබට මෙවරත් ‘සුමති’ සම්මාන රාත්‍රියේ හිමිවුණු හොඳම සහාය නළුවාට සම්මානය ගැන මොකද හිතෙන්නේ?
එය සතුටක්. එමඟින් අපෙ රංගන දිවියට යම් ජවයක් ලැබෙනවා. හැබැයි එහෙම සම්මාන ගත්තා කියලා මම ලොකුවට හිතන කෙනෙක් නෙවේ. සම්මානය ඔළුවේ තියාගෙන මම වැඩ කරන්නේ නැහැ. ඒවා ගත්තා බිමින් තිබ්බා. ඒ මගේ හැටි. මෙවර සම්මානය මට ලැබුණේ ‘අඩෝ’ ටෙලිනාට්‍යයේ ‘සඳුන්’ චරිතය වෙනුවෙන්.
🔴 මේ වන විට හොඳම සහාය නළුවාට සම්මාන කීයක් විතර අරගෙන තියෙනවද?
සම්මාන පහක් විතර තමයි.
🔴 ඔබට නිර්මාණයක චරිතයක් ලැබෙන විට ඔබ හිතනවාද ඔබට සම්මානයක් ලැබෙයි කියලා?
මට සම්මාන අදාළම නැහැ. මම සම්මාන පිපාසයකින් පෙළෙන කෙනෙක් නෙවේ. මට වැදගත් කරන නිර්මාණයේ චරිතය මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට වෙනසක් වෙන විදිහේ චරිතයක් කරන්න.
🔴 අනෙකුත් රංගන ශිල්පීන්ට වඩා ඔබට සුවිශේෂී චරිත හිමිවෙනවා. මෙයට විශේෂ හේතුවක් තියෙනවද?
අධ්‍යක්‍ෂවරුන් මාව විශ්වාස කරලා තමයි ඒ චරිත සඳහා තෝරා ගන්නේ. මට තවමත් හිතාගන්න බැරි ඒ අධ්‍යක්‍ෂවරුන් කොහොමද මාව විශ්වාසයට නැඟුවේ කියලා. අලුත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් සමග මම ගොඩාක් වැඩ කරලා තියෙනවා. මමත් රඟපෑමේදී චරිතය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. මට සතුටක් නැතිනම්, මට ඒ චරිතය ජීවත් කරවීමට අපහසුවක් දැනෙනවා.
🔴 චරිතයට අවතීර්ණ වීමේදී ඔබේ පෙර සූදානම කොයි වගේද?
මගේ ජීවිතය විඳපු අත්දැකීම්, ඒ වගේම සමාජයේ ගැවසෙන චරිතවල ගති ලක්‍ෂණ මෙනෙහි කරනවා මට ලැබෙන චරිතය අනුව. පිටපතේ චරිතයට මම ඒ දේවල් ආදේශ කරගෙන ජීවත් කරවනවා. සමහර චරිත කරන්න ගියාම ඉතින් නොගැළපුණොත් බැනුම් අහන අවස්ථාවත් තියෙනවා.
🔴 ඔබේ වැඩිපුර දායකත්වය තිබෙන්නේ සිනමාවට නේද?
මම ගොඩාක්ම කැමැති චිත්‍රපට රංගනයට. ඒ අතර, ටෙලිනාට්‍යවල සුවිශේෂී චරිතයක් ලැබුණොත් මම රඟපානවා. මොකද සිනමාවේ රඟපෑම හිතන තරම් ලෙහෙසි නැහැ. නමුත් කරන චරිතය අඩු කාලයක් තුළ උපරිම මට්ටමෙන් කරන්න පුළුවන්. නමුත් ටෙලිනාට්‍යවල රඟපෑම එයට වඩා හාත්පසින් වෙනසක් දකිනවා. වැයවන කාලය වැඩියි.
🔴 ඔබේ සමකාලීන මිතුරන් රංග පාසල් බිහිකරලා. එවැනි අදහසක් ඔබට නැතිද?
රංගනය කියන දේ ඉගෙනගෙන ඉවර කරන්න බැහැ. එවැනි දෙයක් කරන්න තරම් මම සුදුසු මදි කියලා මම හිතනවා. නමුත් මට පුළුවන් දෙයකින් ඔවුන්ගේ වැඩවලට සහායක් දෙනවා.
🔴 ඔබ රඟපෑමට වගේම ලේඛන කලාවටත් ලොකු නැඹුරුවක් දක්වනවා. කොහොමද ඔබගේ ඒ වැඩකටයුතු?
‘මූසිලයා’ කියලා කවි පොතක් නිර්මාණය කළා. ඒ වගේම ‘ප්‍රේමණීය සාරාගිනි’ නම් නවකතාවක් මම රචනා කළා. මම ඒ තුළින් ආත්ම තෘප්තියක් ලබනවා. ඒ නිර්මාණවලට කියවපු පාඨක පිරිසකගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හැමෝම බය කරපු මාඝව බය කරන්න නැනබඹරෙන් ආපු වීරයා

Next Post

මහජන බැංකුවේ 250 වන ස්වයං බැංකුකරණ ඒකකය කැන්ඩි සිටි සෙන්ටර්හි විවෘත කෙරේ

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.