• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හිතුවක්කාරයි; හැබැයි මට වැරදුණේ නැහැ

April 3, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම හිතුවක්කාරයි; හැබැයි මට වැරදුණේ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ මම දෙයියන් බුදුන් විශ්වාස කරනවා…

⬤ විවාහය කවදා හරි උපමා වෙන්නේ දේපළ ලබාගන්න විතරයි…

‘හුස්ම වැටෙන මල්’ තුළින් ඇයටද පසුගියදා පැවැති 25 වැනි ‘සුමති’ සම්මාන රාත්‍රියේදී නැවැත වරක් සම්මානයක් හිමිකර ගැනීමට වාසනාව හිමිවිය. ඒ පුංචි සතුට උතුරා යන මොහොතක ඒ සතුට ගැන කතාබහ කිරීමට වොල්ගා කල්පනී සමඟ එකතු වුණා.

🔴 වොල්ගා ලැබුණු සම්මාන ගැන කතා කළොත්?
සතුටුයි… ගොඩාක්… හිතුවේ නැහැ මට සම්මානයක් ලැබෙයි කියලා. මෙයට පෙරත් මම සම්මාන දෙකක් ගත්තා. මේ මම ගත්ත තුන් වැනි සම්මානය. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කළ ‘හුස්ම වැටෙන මල්’ ටෙලිනාට්‍යයේ ‘හංසනි’ චරිතය වෙනුවෙන් තමයි මට මේ සම්මානය ලැබුණේ. මෙතෙක් ආපු ගමනට මම ගැන විශ්වාසයක් තබමින් මාව නිර්මාණවලට ගත්ත සියලුම දෙනාටත්, මම සමඟ වැඩ කළ සියලුම ශිල්පීන්ටත් මම ස්තුතිය පුදකරනවා.
🔴 සම්මානයේ සතුට බුක්ති විඳිමින් තවත් පැත්තකින් ජනප්‍රිය ගායකයකු සමග පෙම්බඳිනවා නේද?
‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ තමයි එහෙම ආදර කතාවක් යන්නේ. මම ඒ නාට්‍යයේ ‘නෙත්මි’ චරිතය තමයි නිරූපණය කරන්නේ. ‘විෂල්’ට තමයි මම ආදරය කරන්නේ. තවම කියන්න බැහැ විෂල්ගේ ආදරය මට ලැබෙයිද කියලා.
🔴 ඔබගේ ජීවිතයට ආපු බාධක එක්ක ඔබ ශක්තිමත්ව මුහුණ දුන්නා?
ජීවිතවලට එන ප්‍රශ්න මට විතරක් නෙවේ එය කාටත් පොදු දෙයක්. මගේ ප්‍රශ්නවලදී මම වැටුණේ නැහැ. මගේ හිත හයියයි. මම දෙවියන්, බුදුන් විශ්වාස කරනවා වගේම, මම ගැන මට විශ්වාසයි. මම ටිකක් හිතුවක්කාරයි. හැබැයි මට වැරැදුණේ නැහැ. මගේ ජීවිතේ හැමදෙයක්ම වුණේ මට යහපත් විදියට.
🔴 ඔබ නැවැත විවාහ වෙන්නෑ කියලා කියනවා ඇත්තද?
ඔව්… විවාහ වීමට අදහසක් නැහැ. ආදරය රඳා පවතින්නේ විශ්වාසය තුළයි. මම කැමැති නැහැ මගේ ආදරය මුදලටවත්, කඩදාසි කොළයකටවත් ආපසු යට වෙනවට.
🔴 ඔබ එහෙම තීරණයක් ගත්තේ එක සිතින්මද?
අනිවාර්යෙන්ම… ලියවිල්ලකට යටවෙලා පවුල් ජීවිත රඳා පවතින්නේ කීයෙන් කී දෙනා ළඟද. එහෙමත් කෙනෙක් තුළ තමයි අපි සැබෑ ආදරයක් දකින්නේ. ඔය විවාහය කියනදේ කවදා හරි උපමා කරන්නේ දේපොළ ගන්න විතරයි. කොළයකට සීමා නොකර ආදරය කරන්න බැරිද. විවාහය කියන්නේ තනිකර බොරුවක් කියලයි මම කියන්නේ.
🔴 චිත්‍රපටවලට දායක වීමේ අඩුවක් දකිනවා?
චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වුණා මම. ඉදිරියේදී ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක සමග චිත්‍රපටයක වැඩ කිරීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
🔴 ගීත රූප රචනාවල ඔබ නැතුවම බැරි රංගන ශිල්පිනියක් බවට පත්වෙලා හිටියා. ඔබ ඇයි දැන් එවැනි නිර්මාණ ප්‍රතික්‍ෂේප කරන්නේ?
මම සම්බන්ධ වුණේ මගේ හිතවත් අයගේ නිර්මාණවල විතරයි. මම කැමැති නැහැ එහෙම නිතර දෙවේලේ නිර්මාණවලට පෙනී ඉඳලා මගේ ප්‍රතිරූපයට හානියක් කරගන්න. ඒ නිසා තමයි මම රූප රචනා සඳහා සම්බන්ධ නොවන්නේ.
🔴 එදත්, අදත් ඔබේ තනියට හිටිය ඔබේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට යමක් කීමට දෙයක් ඇති නේද?
ඇත්තටම මගේ ඒ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට මම හැමදාමත් ආදරය කරනවා. මොකද ඔවුන් නැතිනම් අපිට මේ ගමන යන්න බැහැ. මගේ ජීවිතය මොන ප්‍රශ්න ආවත් ඔවුන් මාව අත්හැරියේ නැහැ. එය මට සතුටක්. ඉදිරියටත් මම සමග ඉන්න. ඔබගේ ආදර ගෞරවය මට ශක්තියක්.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇමැතිලා සමග එරික්ලා දේවානිලාගේ ගැටුම දරුණු වෙයි: මුළු පත්තරයම මෙතනින් බලන්න EXCLUSIVE

Next Post

සියල්ල කලින් කියන ජ්‍යොතිෂයේ මුල තියෙන තැන

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.