• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ හඬ තවම එදා වගේමයි

March 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මගේ හඬ තවම එදා වගේමයි
Share on WhatsAppShare on Facebook

⬤ නොවඳිනා වැඳුම් වැඳලා තමයි සින්දු කිව්වේ…

⬤ ජෝතිපාල තමයි මට සින්දු කියන්න කියලා දුන්නේ…

⬤ පුතා මට වඩා දක්ෂයි…

නුවන් ගුණවර්ධන කියන්නේ එදා මෙන් අදටත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායන ශිල්පියෙක්. හින්දි ගීත ගායකයෙක් විදියට හැමෝම හඳුනා ගත්ත නුවන් පස්සේ චිත්‍රපට ගායකයෙක් විදියටත් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වුණා. ඒ චිත්‍රපට ගීත නව පරපුර අතරට ගෙන ඒම සඳහා අලුත් වැඩක් ආරම්භ කරලා තියෙන බවක් අපිට දැන ගන්න ලැබුණා. අපි නුවන් ගුණවර්ධනයන්ට කතා කළේ ඒ ගැන දැන ගන්න.

🔴 මේ දවස්වල අලුත් වැඩකට අත ගහලා කියලා දැන ගන්න ලැබුණා. ඒ ගැන මතක් කරලම අපි කතාබහ පටන් ගමු?
ඔව්. පරණ වැඩක් අලුතෙන් කරන්න හිතුවා. ජනතාව අතරට නොගිය මගේ චිත්‍රපට ගීත රාශියක් තියෙනවා. මගේ පුතා එක්ක එකතු වෙලා නව සංගීත සංකලනයක් සමඟ ඒ ගීත ටික පුළු පුළුවන් විදියට අලුතින් නිර්මාණය කරන්න මම හිතුවා. ඒ විදියට කරපු පළමු ගීතය දැන් යූටියුබ් වෙතට එකතු කරලා තියෙනවා. හැබැයි මේක කඩිමුඩියේ කරන වැඩක් නෙවෙයි. හෙමිහිට කරන වැඩක්.
🔴 ඒ ගැන තව ටිකක් විස්තර කිව්වොත්?
ආකාස ගංගා නීල ඉවුරේ කියන ගීතය මම ඒ විදියට අලුතෙන් නිර්මාණය කළා. දැන් ඒ ගීතය යූටියුබ් වෙත එකතු කරලා තියෙනවා. ඒක අජන්තා රණසිංහ මහත්මයා පද රචනය කළ ගීතයක්. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් ද අල්විස් මහත්මයා. ස්වර්ණ විමානේ රාජ කුමාරී කියන චිත්‍රපටයට තමයි මම ඒ ගීතය ගායනා කළේ. ඒ විදියට තවත් ගීත කිහිපයක්ම නැවත නිර්මාණය කරන්නයි හිතාගෙන ඉන්නේ.
🔴 අලුතෙන් සිංදුවක් කියන්නේ නැතිව ඇයි මේ විදියේ වැඩක් කරන්න හිතුවේ?
චිත්‍රපටවලට අපි ගායනා කළ ගීත නැවත අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. මගේ කිරි මුහුදු වෙරළේ නැලවී තරංගා කියන ගීතයත් ඒ වගේ සැඟවිලා තිබුණු එකක්. මගේම උත්සාහයෙන් සංගීත ශිල්පීන්ට නොවඳිනා වැඳුම් වැඳලා තමයි ඒක නැවත ගායනා කළේ. පස්සේ ඒක බොහොම ජනප්‍රිය වුණා. අපි චිත්‍රපටවලට ගායනා කළ ගීත සියල්ලම පාහේ රචනා කළේ මේ රටේ හිටිය විශිෂ්ට පද රචකයෝ. සංගීත අධ්‍යක්ෂණය කළේ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරු. ඒ සමහර ගීත රසිකයන්ට අහන්න ලැබෙන්නේ චිත්‍රපටය රූපවාහිනිය හරහා ප්‍රචාරය වුණොත් පමණයි. එහෙම රූපවාහිනිය හරහා චිත්‍රපට නැරඹුව බොහෝ දෙනාගෙනුත් මේ ගීත ගැන විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ගීත නැවත නිර්මාණය කරනවා කියන්නේ ඒවා අලුත් වෙනවා කියන එක. ඉතිං අලුත් සිංදුවක් කියනවට වැඩිය අපේ රටේ විශිෂ්ටයන් අතින් නිර්මාණය වුණු ඒ ගීත ටික නැවත රසිකයන්ට අහන්න දෙන එක හොඳයි කියලා මට හිතුණා. ඇත්තටම මේක මං වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි. අනාගතය පරපුර වෙනුවෙන් කරන දෙයක්.
🔴 ඒ ගීත දැන් ගායනා කරද්දි ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
මේ වැඩේ සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ මගේ පුතා ගයාන්ගේ අධීක්ෂණය යටතේ. ඒ කාලේ මගේ හඬ හරියට පටිගත වෙලා නැහැ කියන එක අපි දෙන්නටම හිතිලා තියෙනවා. ඒ වගේම රූපයෙන් මම වියපත් වුණාට මගේ හඬ තවම එහෙමයි. ඒක ගයානුත් නිතරම කියන දෙයක්. ඒ හින්දා ඒ ගීත දැන් තමයි හොඳටම නිර්මාණය වෙන්නේ කියලයි මට හිතෙන්නේ.
🔴 නුවන් ගුණවර්ධන කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ හින්දි ගීත. මොන දේ කළත් අදටත් ඒකේ වෙනසක් නැහැ නේද?
ඇත්තටම ඔව්. මාව ප්‍රසංග වේදිකාව හඳුනා ගත්තේ හින්දි ගායන ශිල්පියෙක් විදියට. එදා හින්දි ගීත වෙනුවෙන් තිබුණු ඉල්ලුම අදටත් ඒ විදියමයි. හින්දි ගීත ගායනා කළ කැසට් පටත් දහයක් විතර මම කරලා තියෙනවා. ඒ හින්දා අදටත් මගෙන් හින්දි සිංදුවක් ඉල්ලන රසිකයන්ට මම ඒ දේ දෙනවා. මුල අමතක කරන්න හොඳ නැහැනේ.
🔴 හින්දි ගීත ගායනා කළ නුවන් චිත්‍රපට ගායකයෙක් වුණේ කොහොමද?
මගේ තිඹිරි ගෙදර වුණේ වේදිකාවනේ. කාලයක් වේදිකාවේ හින්දි ගීත ගයමින් ඉඳිද්දී මගේම කියලා සිංහල ගීත කිහිපයකුත් තියෙන්න ඕනෑ නේද කියන එක මට හිතුණා. ඒත් මම ඒකට කාගෙවත් පස්සේ ගියේ නැහැ. ඔය අතරේ මගේ හඬ දැකපු හර්බට් රංජිත් පීරිස් මහත්මයා එතුමා නිර්මාණය කළ විකට චිත්‍රපටයක් වුණු ඇර සොයිසා චිත්‍රපටයේ “පරාන ආසා අතහැරලා” කියන සමූහ ගීතය සඳහා මාව සම්බන්ධ කර ගත්තා. මාත් එක්ක එච්. ආර්. ජෝතිපාල, ෆ්‍රෙඩී සිල්වා සහ බී. එස්. පෙරේරා තමයි ඒ ගීතයට එකතු වුණේ.
🔴 වේදිකාවේ හිටපු නුවන් චිත්‍රපට ගායනයේ තිබුණු වෙනසට හුරු වුණේ කොහොමද?
ඇත්තටම ඒ කාලේ දැන් වගේ තාක්ෂණයක් තිබුණේ නැහැනේ. ගායනයේදී වැරැද්දක් වුණොත් නැවත ඒක පටිගත කරන්න ඕනේ. සංගීතයත් එක්කමයි ගීතය පටිගත කරන්නේ. ඒ ගීතය පටිගත කරද්දි මගේ හඬ පාලනයේ තිබුණු ප්‍රශ්නයක් නිසා දෙතුන් පාරක්ම නැවත පටිගත කරන්න වුණා. ඒ වෙලාවේ ජෝතිපාල මහත්මයා තමයි මයික් එක හරියට පාලනය කර ගෙන ගීතය ගායනා කරන විදිය මට කියලා දුන්නේ. ඒ ගැන අදටත් මම එතුමාට ගෞරව කරනවා.
🔴 මේ වෙද්දි චිත්‍රපට කීයක විතර ගීත ගායනා කරලා තියෙනවද?
චිත්‍රපට 65ක විතර ගීත ගායනා කරලා තියෙනවා. ඒ අතර ගීත 100ක් විතර ඇති. කැසට් පටවලටත් ගායනා කළ ගීත එක්ක මම ගීත 200ක් විතර කියලා ඇති.
🔴 මේ තරම් දුර ගමනක් එන්න ඔබට හින්දි ගීත ගායනයෙන් ලැබුණු සහාය මොන වගේද?
හින්දි ගීත බොහොමයක් ගායනා කළ යුතු වන්නේ ඉතාම ඉහළ ස්වර පරාසවල. ඇත්තටම ඒ ගායනයන් සිංහල සිනමාවේ ගීත ගායනා කරන්න මට ගොඩක් උදවු වුණා. මගේ හඬ පෞරුෂය ගැන චිත්‍රපට අධ්‍යක්ෂවරු දැන ගත්තේ හින්දි ගීත හරහා කියලයි මට හිතෙන්නේ.
🔴 ජෝතිපාල, මිල්ටන් වැනි ගායකයන්ගෙන් පස්සේ එතැනට ගැළපුණේ ඔබේ හඬ කියලා කිව්වොත්?
එහෙම කිව්වත් වැරැද්දක් නැහැ. මට තියෙන්නේ වාණිජමය හඬක්. ඒ හින්ද මම වාණිජමය ගායන ශිල්පියෙක් කියලයි මම හිතන්නේ. ඒ හින්දා තමයි මට සිනමාවේ දිගින් දිගටම ගීත ගායනා කරන්න ලැබුණේ.
🔴 නුවන් ගුණවර්ධන කියන්නේ අදටත් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයෙක්. ඒත් වර්තමානය කලාකරුවන්ට ඒ තරම් හොඳ කාලයක් නෙවෙයි නේද?
බොහොම අමාරු කාලයක්. අපිට වෙන ආදායම් නැහැනේ. මේක තමයි අපේ වෘත්තිය. දැන් ප්‍රසංග නැවතිලා අවුරුද්දකට කිට්ටුයි. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් දිගින් දිගට ප්‍රසංග තිබුණේ නැහැ. ඒ හින්දා අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ඒක තමයි ඇත්ත.
🔴 මේ වෙද්දි ඔබේ පුතා ගයාන් ගුණවර්ධනත් කලා ලෝකයේ දිගු ගමනක් යන බවක් පේනවා. තාත්තා කෙනෙක් විදියට ඒක දකින්නේ කොහොමද?
ගයාන්ට තියෙන්නෙත් මගේ හඬ. ඒත් ඔහු තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩ නඟා ගනිමින් ඉන්නවා. තමන්ගේම කියලා නිර්මාණ 10ක් විතර දැන් ඔහු සතුයි. නව පරපුර අතර ඒවා ජනප්‍රියයි. ඒ වගේම රංගන ශිල්පියෙක් විදියටත් ගයාන් තමාගේ දක්ෂතාවය පෙන්වලා තියෙනවා. මාත් එක්කත් බොහෝ දෙනා ඔහු ගැන කතා කරනවා. තාත්තා කෙනෙක් විදියට ඒක මට ලොකු සතුටක්. ගයාන් කලා ලෝකයේ මටත් වඩා දුර ගමනක් යාවි කියලා මට විශ්වාසයි.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

තමන්කඩුවේ ගලකින් මතුවූ අලියා

Next Post

කොවිඩ් පැරදූ ඇයට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අභිමන්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.