• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කාගෙන්වත් යැපෙනවට වඩා තියෙන දෙයක් කරන් ඉන්න එක නම්බුයි

March 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කාගෙන්වත් යැපෙනවට වඩා තියෙන දෙයක් කරන් ඉන්න එක නම්බුයි
Share on WhatsAppShare on Facebook

⬤ කටකාර නපුරු චරිතයක් නම් මට කතා කරනවා…

⬤ තෝරලා බේරලා රඟපාන්න තරම් දෙයක් අපිට තියෙනවද…

යම් ටෙලි කතාවක කටකාර නපුරු චරිතයක් වේ නම් ඒ සඳහා බොහෝ විට තෝරාගනු ලැබූ රංගවේදිනියන් අතර නිල්මිණි කෝට්ටේගොඩද සිටියාය. ඇතැමෙකු එතැනදී දකින්නට උත්සාහ කරන්නේ කිසියම් ලේබලයකට අනුව චරිත ස්වභාවයන් කොටුකරලීමේ කලාව වුවද නිල්මිණි හරි කදිමට නපුරු චරිත තුළ ජීවත් වීමේ දක්ෂතාවයද එයට හේතුවූවා නිසැකය. නිල්මිණි කෝට්ටේගොඩ ඒ ගැන කියන්නේ මොනවද? අපි ඇගෙන්ම අසමු. නපුරු චරිත ගැන පමණක්ම නොව අලුත් තොරතුරු මොනවාදැයි අසන්නටද ඈ වෙනුවෙන් මේ කෙටි කතාබහ අප වෙන් කළෙමු.

🔴 කොහොමද නිල්මිණි සුවදුක්. රූගත කිරීම් එහෙම ළඟපාතක නැතිද?
සුවෙන් සතුටින් කාලය ගෙවනවා මගේ පවුලේ අය සමග. ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා නම් ළඟකදි සිදුවන දින නියමයක් නැහැ. ක්‍රිෂාන්ත වීරමන්ගේ වේදිකා නාට්‍යයක් වූ ‘සාප්පුත් එක්ක බෑ’ අප්‍රේල් 3 වැනිදා පළමු දර්ශනයට මේ දවස්වල සූදානම් වෙනවා. ඒ අතරම විකාශනය වන ටෙලි කිහිපයකම ඉදිරි රූගත කිරීම් සඳහා ආරාධනා ලැබෙනතුරු බලන් ඉන්නවා. රූගත කිරීම් දැනට අවසන්ව තිබෙන ‘සඳට හැතැප්මයි’, ‘විසි එක’ සහ ‘දඟයා’ යන මම රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතව තිබෙනවා.
🔴 රංගවේදිනියක් ලෙස කාර්යබහුල වීම සතුටක් නේද නිල්මිණි?
ඔව් ඉතින් ඒක එහෙමයි. ඒ වාගෙම ටෙලි කතන්දරයක නපුරු කටකාර චරිතයක් තියෙනවා නම් මට එයට ආරාධනා ලැබෙනවා කොහොමත්.
🔴 ඔබ එය කිව්වේ නොසතුටින් වාගේද?
නොසතුටක් නැහැ. කොහොමටත් ඉතින් හොඳ චරිත රඟපාන අය විතරක් කලාව තුළ හිටියොත් නපුරු චරිත රඟපාන්න කවුරුත්ම නැති වෙනවානේ. ඒ නිසා ඉතින් ලැබෙන චරිතය භාරගන්නවා. ඒ වාගේම එයට සාධාරණයද ඉෂ්ට කරනවා.
🔴 සමහර විට ඔබව දිගටම එතැනට කොටුවුණේ ඒ සාර්ථකත්වය නිසා වෙන්නට බැරිද නිල්මිණි?
එහෙමත් වෙන්න ඇති. ඒ අතර මගේ පෙනුමෙහි ස්වභාවයද එයට බලපෑවා විය හැකියි. කොහොමත් මාව දකින කෙනකුට මම සැරයි කටකාරයි කියලා පේන බව වැටහිලා තියෙන්නේ. අහිංසක තීන්ත බාස් පස්සේ පන්නන දැන්වීමකට තෝරා ගත්තෙත් ඒක නිසානේ.
🔴 කට්ටියට අල්ලලා ගියේ තීන්ත බාස් පස්සෙන් ගිය ඒ පැන්නිල්ල වෙන්නැති නේද?
එයට කලිනුත් නපුරු චරිත කළා. තීන්ත බාස්ට ගහන්න පන්නපු දැන්වීමෙන් පස්සේ ඒ ‘නපුරු චරිත හංවඩුවට’ තව තව තැන ලැබුණා.
🔴 ඔබ චරිත තෝරන්නෙ බේරන්නේ නැතිලු?
තෝරලා බේරලා රඟපාන්න තරම් ඉහවහා ගිය සම්පත් අපේ කලාකරුවනට තියෙනවද කියලා ඔබ ටිකක් හිතලා බලන්න. අනික අපේ රැකියාව කොයි තරම් අස්ථිරයිද? චරිත මට්ටම කොයික වුණත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට හැදුණේ නැත්නම් කලාකාරයන් වැඩ නැහැ.
කොරෝනා උවදුර තුළදී පවා කලාව කියන විෂය ධාරාව කොයි තරම් අසරණ වුණාද?
කලාකරුවනුත් ඒ තරමටම වැඩ නැතුව ගෙවල්වලට කොටුවුණා.
🔴 ඔබ අදහස් කරන්නේ ශ්‍රී ලාංකේය වශයෙන් අපේ කලාකරුවන්ට මීට වඩා අවධානයක් අගයක් ලැබිය යුතුය කියලාද?
රටක් හෝ ඒ ඒ රජයන් කලාකරුවන් ගැන අවධානය, සැලකිල්ල දැක්වීම ඉතා හොඳ දෙයක්. නමුත් රජයකින් යැපෙන්න බලාගෙන ඉන්නවාට වැඩිය තමන්ට පුළුවන් කාලේ හරිහම්බ කරගන්නවා නම් හෙට දවසට කියලා යමක් ඉතුරුකර ගන්නවා නම් එය ඊට වැඩිය නම්බුකාරයි. රටක් පිනවන කලාකරුවා කියන සුවිශේෂී පුද්ගලයා කාගෙන්වත් යැපෙන්නෙ මොකටද.
🔴 හැබැයි ඇතැම් කලාකරුවන් රජයට ඇඟිල්ල දිගු කරනවා?
ඒක ඔවුන්ට අයිති කාරණයක්. කිසිම රජයක් මෙතෙක් කලාකරුවනට සලකන්න නොහිතපු එකත් වෙනමම කතාවක්. නමුත් කලාකරුවන් කිසිවකුට අතපෑම මම අනුමත කරන්නේ නැහැ. හම්බ කරන කාලෙට ඉතිරියක් කරගන්නවා නම් ඒක තමයි හොඳම ක්‍රමය. මම මහා ලොකු නිළියක් හෝ මට ලැබෙන චරිත බොහෝමයක් ප්‍රධාන ඒවා නෙමෙයි. දෙවැනි පෙළ හෝ තුන්වැනි පෙළ චරිත වේදිකාව, රූපවාහිනිය සහ සිනමාව තුළ එකසිය පනහකට වැඩිය වාගේ සම්බන්ධ වී තියෙනවා. ඒ රංගනයන් ඔස්සේ මම මා වෙනුවෙන් තරමක ඉතිරියක්ද කරගෙන තිබෙනවා. රටට තියා දරුවකුටවත් අප බරක් වියයුතු නැහැයි හිතන තැනයි මම ඉන්නේ.
🔴 ඔබේ අලුත්ම බලාපොරොත්තුව ‘සාප්පුත් එක්ක බෑ’ වේදිකා නාට්‍යයි?
ඔව්. එය විදේශ රටවල්වලද ප්‍රදර්ශනය කිරීමේ බලාපොරොත්තුවක් අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත වීරමන් තුළ තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ඕඩියන්ස් එක ආසන 50කට පමණක් සීමා වී තිබීමද කනගාටුවට කාරණයක් බව මෙහිදී කිව යුතුමයි. හැමදේටම වඩා සෞඛ්‍ය ආරක්ෂිත නීතිවලට ගරු කිරීමද අපි හැමෝගෙද යුතුකමක් නිසා ඒ කනගාටුව අමතක කර මඳ කලකට පසු වේදිකාවට පියනැගීමට අවකාශ ලැබෙන ඒ අවස්ථාව එනතුරු මම බලා සිටිනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආයුෂ වැඩි කරන හස්ත රේඛා

Next Post

තමන්කඩුවේ ගලකින් මතුවූ අලියා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.