• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

March 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ
Share on WhatsAppShare on Facebook

⬤ නීතිවිරෝධී වැඩක් කරන්නේ නැහැ…

‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා ඔබ වෙත සමීප වුණු ‘නිම්මි’ ඔබට මතක ඇති. ඉන්පසු ‘ඔබ නිසා,’ ‘සිහින සමාගම,’ ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය තුළින්ද ඇයව විවිධ චරිත හරහා ඔබට හමුවන්නට ඇති. ඇය තමයි ඉරේෂා තෙන්නකෝන්. ඉතින් මේ දවස්වල ඇයගේ කලා ජීවිතය ගෙවී යන විදිය ගැන දැනගැනීමට අපි ඇයට කතා කළා.

🔴 මේ දවස්වල ඉරේෂාගේ ජීවිතයට උදවු කිරීමට ව්‍යාපාරිකයෙක් මූලික වෙනවා නේද?
ඒ ඉතින් මගේ අසරණකමට ‘රතු මුදලාලි’ ගෙයක් හදලා දෙන්න සූදානම් වෙනවා. ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ ‘රතු මුදලාලි’ මම සමඟ අනියම් සම්බන්ධකමක් ඇතිකර ගැනීමට පෙලඹෙනවා කියලා. නමුත් එහෙම ආදර සම්බන්ධතාවක් අපි අතර ගොඩනැඟෙන්නේ නැහැ. අවසානයේ ‘රතු මුදලාලි’ට අත්වන ඉරණම ගැන දැනගන්නට පුළුවන් වෙන්න ඇති ‘පිං කෙත’ ටෙලිනාට්‍ය නැරැඹුවානම්.
🔴 ඔබගේ දායකත්වය කොයි විදියටද මේ දවස්වල කලාකටයුතු සමඟ ගෙවීගෙන යන්නේ?
ධඪෂ ) ක්‍දාරදිැ නිෂ්පාදන ආයතනයෙන් හඳුන්වා දෙන වෙළෙඳ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධව දැනුවත් කිරීමක් කරගෙන යනවා. චාමර පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළා. ළඟදීම ‘සියත’ රූපවාහිනියේ එම ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතයි.
🔴 රඟපාන අතරතුර නීතිවිරෝධී වැඩවලට යොමුවෙලා නේද?
අනේ එහෙම නීතිවිරෝධී වැඩ මොනවත් මම කරන්නේ නැහැ. මම නිරූපණය කරන ඒ ටෙලිනාට්‍යයේ මගේ චරිතය අනුව මට ඒ දේවල් කරන්නට සිදුවෙනවා. මම ඒ කතාව ගැන දිග, පළල ගැන දැන්ම කියන්න කැමැති නැහැ. ටෙලිනාට්‍ය විකාශය වෙනකොට හැමෝටම තේරෙයි මම කරන්නේ මොනවගේ හපන්කමක්ද කියලා.
🔴 ඔබේ ආදරණීය සැමියා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු නිර්මාණය කරන ටෙලිනාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවා. එයට ඔබව සම්බන්ධ කරගත්තේ නැද්ද?
ඔහු තමයි රසාංග පෙරේරා. ඔහුගේ නිර්මාණයක් තමයි ‘බස්එකේ ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය. මට ඉතින් ‘බස්එකේ ඉස්කෝලේ’ යන්නට බැරිවුණා. මොකද ඒ නිර්මාණය තුළ මට ගැළපෙන චරිතයක් නොතිබුණු නිසා. මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මාව සම්බන්ධ කරගනී. මාව නොගැළපෙන දෙයකට දාලා නිර්මාණය අසාර්ථක වෙනවාට මමත් කැමැති නැහැ. ඉතින් ඔහුගේ වැඩකටයුතු සඳහා මගේ උපරිම සහාය ලබා දෙනවා.
🔴 ඒ වුණාට හිතේ පුංචි දුකක් ඇති?
අයියෝ… එහෙම කිසිම දුකක් නැහැ. මොකද ඔහුගේ වැඩේ සාර්ථක වෙන්නයි ඕනෑ. අනෙක මට සැටිස් චරිතයක් නැතිනම් මට ගිහින් සතුටින් රඟපාන්නත් බැහැ.
🔴 ඔබ දෙදෙනාගේ ආදර කතාව ගොඩනැඟෙන විට ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැද්ද?
ඔහු මට ආදරය ප්‍රකාශය කරනකොට මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ. මාව නිර්මාණයකින් දැකලා තමයි මම ගැන හොයලා තියෙන්නේ.
🔴 ක්‍ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් සමඟ එකට පවුල්කන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?
මේ ක්‍ෂේත්‍රයේ කීදෙනෙක් එහෙම ලස්සනට පවුල් ජීවිතය ගතකරනවාද. ඉතින් මට ඔහු ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඔහුටත් එහෙමයි. ඉතින් ඒ විශ්වාසනීය බැඳීමට පටහැනිව කටයුතු කිරීමට අපි සූදානම් නැහැ. දෙන්නට දෙන්නා අවංක ආදාරයකින් වගේම අපි දෙන්නාම හොඳම අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ.
🔴 ඉරේෂා මේ වසරේ වෙඩින් එක ගැනීමටද සැලසුම?
අපි නීතියෙන් විවාහ ගිවිසගෙන ඉන්නේ. ළඟදීම වෙඩින් එක ගන්නත් සැලසුමක් කරගෙන යනවා. මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක තවම හරි දින වකවානුවක් කියන්න අපහසුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මගේ ටාර්ගට් එක හොඳම කැටගරියට යන්න

Next Post

ආයුෂ වැඩි කරන හස්ත රේඛා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.