• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ටාර්ගට් එක හොඳම කැටගරියට යන්න

March 27, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මගේ ටාර්ගට් එක හොඳම කැටගරියට යන්න
Share on WhatsAppShare on Facebook

⬤ පිම්මක් නැත්නම් කරල වැඩක් නෑ…

⬤ දෙවැනි ඉනිමෙ පිටපතක්වත් හරියට නැහැ…

කලාවේ දිගු ගමනක් යෑමට සිහින දකින ශානි වීරරත්න ඔබට මුලින්ම හමුවූයේ ‘මුතුලෙන් දොර’ ටෙලි නාට්‍යයේ මෙහෙන්දි චරිතය හරහා. එහෙත් හිටි හැටියේම ඇය ‘මුතු ලෙන්දොර’ තුළින් ඉවත් වෙලා. ඇත්තටම ඇය එහෙම තීරණයක් ගත්තේ ඇයි කියා දැන ගැනීමට අප ඇයට කතා කළා.
🔴 ශානි ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා නිර්මාණ කටයුතුවලට සම්බන්ධ වෙමින්.
🔴 ශානි ඇයි එකපාරටම ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍යයෙන් ඉවත් වූයේ?
මම ‘මුතුලෙන්දොර’ ටෙලිනාට්‍යයෙන් තමයි මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. ඒ අවස්ථාවත් මට හිමිවුණේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස්දෙනා අතරට මාවත් තේරුණ නිසා. ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍යයේ මෙහෙන්දිගේ ඒ චරිතය දිගට යනවා වගේම ඒකාකාරී බවක් දැනුණු නිසා මම ඉවත් වුණා.
🔴 එහෙම එකපාරට නිර්මාණයකින් ඉවත් වීම නිසා ඔබට බලපෑමක් ආවේ නැතිද?
එහෙම කිසිම බලපෑමක් නැහැ. මම සුහදව කතාබහ කරලා තමයි ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණේ.
🔴 මේ දවස්වල ඔබ අපට සමීප වන්නේ ‘නෑනලා’ ටෙලි නාට්‍ය හරහා…?
මම නිරූපණය කරන ඒ තරින්දි චරිතයට මම ගොඩාක්ම කැමැතියි. හරිම ආශාවෙන් තමයි එයට සම්බන්ධ වෙන්නේ. අනික ප්‍රවීණ රංග මඩුල්ලක් යටතේ මම එකට වැඩ කරන්න ලැබුණා. යශෝදා විමලධර්ම, දමයන්ති ෆොන්සේකා, ජනක කුඹුකගේ, පවිත්‍රා වික්‍රමසිංහ, ඒ විතරක් නෙමේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස්. ඔහුගේ නිර්මාණවලට මම ලොකු කැමැත්තකින් හිටියේ.
🔴 මෙහෙම හෙමින් ගමනක් යනකොට දැනෙන වෙනස කොයි වගේද?
මට එහෙම කිසිම උවමනාවක් නැහැ තරගකාරී ලෝකයට එකතු වෙන්න. මොකද හෙමින් යනකොට අපිට එකතු කරන්න ලැබෙන දැනුම බොහොමයි. එහෙම දැනුමක් ලබමින් තමයි මම මේ ගමන යන්න ඕනෙ. එතකොට පැවැත්මක් වගේම යන ගමනේ වටිනාකමකුත් තිබෙනවා.
🔴 ‘දෙවෙනි ඉනිම’ වැනි ජනප්‍රියතම ටෙලිනාට්‍යයකට ආරාධනාවක් ප්‍රතිකේෂ්ප කරන එක මෝඩකමක් කියලා ඔබට හිතුණෙ නැද්ද?
අයියො මට එහෙම හිතුණේ නැහැ. මොකද ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ රඟපාපු සමහර ශිල්පීන් දැන් දැකගන්නටත් නැහැ. ඉතින් මම කැමැති නැහැ එහෙම එක දිගට වැඩ කරන්න. මට ලැබෙන චරිතය තුළ යම් පිම්මක් නැතිනම් වැඩ කරලා වැඩක් නැහැ කියලා මම හිතුවා. අනික පිටතක් වුණත් හරියට නැහැනේ කරන්න තියෙන්නේ මේකයි කියලා. මම කැමැති කරන වැඩේ වුණත් පිළිවෙළකට පෙර සූදානමක් ඇතිව කරන්න. ජනප්‍රිය වීම නොවෙයි මට උවමනා කරන්නේ. හොඳම කියන පැටිකිරියට යන්න තමයි මගේ අරමුණ. මට මෙගා වුණත් කමක් නැහැ හැබැයි චරිතය තුළ දැනෙන දෙයක් තිබිය යුතුයි නිරූපණය කිරීමට.
🔴 ඉදිරියේදී ප්‍රවෘත්ති නිවේදිකාවක් වීමට යන බව ආරංචියි?
ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙනවා කියන එක පහසු දෙයක් කියලා මම හිතන්නෙ නැහැ. එය ලොකු වගකීමක්. මම ඒ අභියෝගය භාර ගැනීමට සූදානම්. ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට මාව තෝරාගෙන තියෙන්නේ. ඉදිරියෙදි මට ඒ අවස්ථාව උදාවෙයි.
🔴 සිනමාවටත් අතගහන්න අවස්ථාවක් ලැබුණා නේද?
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට මාව තෝරාගත්තා. මගේ පෙම්වතාට රඟපාන්නේ පුබුදු චතුරංග. ඒ චිත්‍රපටයේ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමඟ වැඩ කිරීමට මට අවස්ථාව ලැබෙනවා. තවම රූගත කිරීම් පටන් ගත්තෙ නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇමෙරිකාව රාජපක්‍ෂලාගෙන් ගේම ඉල්ලනවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.