• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රූපවාහිනී චැනල් අඩු ගාණට විකාර විකුණනවා

September 24, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

මහාතලා හටන, චක්‍රායුධය යන ටෙලි නාට්‍ය කර්මාන්තයට එළියක් ගෙන දුන් තවත් දැවැන්ත නිර්මාණ කිහිපයක්. ඉතින් පසුගියදා අපට ආරංචි වුණා මේ ටෙලි නාට්‍ය නිර්මාණය කළ අනුර මාධව ජයසේකර අසනීප වී සිටින බව. ඉතින් හොඳ ජවයක් තිබුණු මේ දැවැන්තයාට මොකද වුණේ කියලා දැනගැනීමට අපි ඔහුට කතා කළා.
අනුර හදිසියේම මොකද වුණේ?
හෘදවස්තුවේ පීඩනයක් ඇතිවෙලා. සතියක් විතර ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. දැන්නම් විවේකීව ගෙදරට වෙලා ඉන්නවා. ටික කාලයක් විවේකීව ඉන්න කියලා වෛද්‍යවරු උපදෙස් දුන්නා.
පසුගිය දවස්වල බරටම වැඩද ඒ කියන්නේ?
අපෝ නැහැ. වැඩ නැති එක ගැන හිතලා මානසිකව වැටුණා. ඒ විතරක් නෙවේ කරපු නාට්‍ය විකාශය නොවනකොටත් ප්‍රශ්න. මොකද අපි ජීවත් වෙන්නේ මේ නිර්මාණ කරලා තමයි. ඉතින් ආර්ථික ප්‍රශ්න එනකොට දහසක් ප්‍රශ්න මතුවෙනවා. ඒවා හිතන කොට ලෙඩ වෙනවා. මට විතරක් නෙවේ ගොඩාක් නිර්මාණකරුවන්ට මේ ප්‍රශ්නය බලපානවා.
“ඔය දොර අරින්න” ටෙලි නාට්‍යයටත් තවම දොර විවර වුණේ නැහැ නේද?
දොර විවරවෙලා නැවත දොර වැහුණා. මමත් මඟ බලාගෙන ඉන්නේ කවද්ද විකාශය වෙන්නේ කියලා. දැන් ඉතින් නිර්මාණවලට දේශපාලන බලපෑම එල්ලවෙන නිසා සමහර ඒවා කතුරට හසුවෙනවා. ඒ වෙලාවට නිර්මාණකරුවන්, නිෂ්පාදකවරු අසරණ වෙනවා. ඔය දොර අරින්න ළඟදීම විකාශය වෙයි කියලා මම හිතනවා ස්වාධීන රූපවාහිනියේ.
නිර්මාණ දේශපාලනයට කඬේ යනවා කියන්නේ ඇත්තද?
දැන් කොතැනත් දේශපාලන බලපෑම්. රූපවාහිනියෙත් නිර්මාණ කරන්න දෙන්නෙ තෝරාගත්ත පිරිසකට විතරයි. සමහර අයට ටෙලි නාට්‍ය විකාශය වෙන්නත් කලින් ගාන නියම කරලා ඉවරයි. ඉතින් මේ හැම දෙයක් පිටුපසම තියෙන්නේ දේශපාලන තල්ලු තමයි.
දේශපාලනයට යටවුණු නිර්මාණවල හරයක් නැති බවයි අපට හිතෙන්නේ?
ඉස්සර ජාතික රූපවාහිනිය වුණත් ටෙලි නාට්‍යවල ගුණාත්මක බව බැලුවා. හොඳ තෝරා ගැනීම් කමිටුවක් යටතේ තමයි ටෙලි නාට්‍යය විකාශය වුණේ. දැන් සිද්ධ වෙන්නේ අධ්‍යක්‍ෂවරු තෝරාගෙන නාලිකාවලට අවශ්‍ය විදියට නිර්මාණ කරනවා. නාලිකාවලින් නිර්මාණ කරන්න කතා කළත් ඔවුන්ගේ බජට්වලට නිර්මාණ කරන්න බැහැ දැන්. අපේ බජට්වලට නාලිකාවලින් කැමැති නැහැ නිර්මාණ කරන්න. අඩු ගානකට විකාර නිර්මාණ විකුණනවා. ඔය හේතූන් නිසා ක්‍ෂේත්‍රයේ වැඩ කරපු හොඳ පිරිසක් දැන් නිහඬවෙලා ඉන්නේ.
සද්දබද්ද නැතුව හිටියාම තවත් ප්‍රශ්න. අදහසක් නැතිද නිර්මාණ නැවත කරන්න?
නිර්මාණ කරන්න අදහසක් තියෙනවා. දැනටමත් පිටපත ලියලා ඉවරයි. හිටිය නිෂ්පාදකවරු පවා අහිමි වෙලා ගියා මේ දේශපාලන මංකොල්ලය නිසා. මොකද මට බැහැ නිෂ්පාදකවරු අමාරුවේ දාන්න. හොඳ වාතාවරණයක්, හොඳ පරිසරයක් ලැබුණු සැණින් මම නැවත නිර්මාණ කරනවා.
ඔබට තිබෙන්නේ ටෙලි නාට්‍යවල ප්‍රශ්නනේ. වෙනසකටත් එක්ක චිත්‍රපටයක් කළොත් නරකද?
මාසෙකට චිත්‍රපට දෙකක් විතර එළියට එනවා. හැබැයි සතියෙන් දෙකෙන් ගැලවෙනවා. ඉතින් ප්‍රේක්‍ෂකයා ඇලුම්කරන, සිනමා ශාලාවට ගෙන්නගන්න පුළුවන් හොඳ නිර්මාණයක් කරන්න වෙනවා. ටෙලි නාට්‍යයක් කොහොම හරි විකාශය කරගන්න පුළුවන්. චිත්‍රපටයක් වගේ ලොකු බැරෑරුම්කමක් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

SLIIT උසස් අධ්‍යාපන ආයතනය ජාතික සංවර්ධනයට දැක්වූ දායකත්වය

Next Post

දරුවගෙ ඉගෙනීම හඳහනෙන් වෙනස් කිරීම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.