• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කැදැල්ලට ආරාධනා ඇවිත්

September 23, 2019
in Heart
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් කවුරුත් ආදරය කරන චතුරිකා පීරිස් සහ ගයාන් වික්‍රමතිලක කියන්නේ රංගන ක්‍ෂේත්‍රයේ බැබළෙන තරු දෙකක්. නම කියපු පමණින් කවුරුත් දන්නා ඒ ගැන අටුවා ටීකා කීම අවශ්‍ය නැතැයි සිතමි. 2017 නොවැම්බර් 7 වැනිදා විවාහ දිවියට පිවිස දෙවසරක් යන්නටත් පෙරම ඔවුන්ගේ බලාපොරොත්තු මල්පල ගන්වමින් කැදැල්ලට දූ සිඟිත්තියක් අරගෙන 2019 සැප්තැම්බර් 15 වැනිදා පැමිණියා. අපි ඒ ගැන චතුරිකාගෙන් විමසුවෙමු.
චතුරිකා කොහොමද අලුත් සාමාජිකයා පිළිගත්තේ?
අලුත් සාමාජිකයාගේ පැමිණීම අපේ කැදැල්ලට ලොකු සන්තෝෂයක් ගෙනදුන්නා. අපේ ජීවිත ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. පොඞ්ඩක්වත් පාළු නැහැ. හරිම ආදරණීයයි. සතුටෙන් පිරී ඉතිරිලා තියෙන්නේ අපේ කැදැල්ල.
දුව කවුරු වගේද?
ගයාන් කියන්නේ එයා වගේ කියලා. මම කියන්නේ මම වගේ කියලා.
දූ සිඟිත්තියට දැම්ම නම මොකද්ද?
ආරාධනා වික්‍රමතිලක කියලා ගයාන් හම්බවෙන්නත් ඉස්සෙල්ලා දුවට නම දාලා තිබබේ.
කොහොමද ගෙදර කටයුතුත්, බබාගේ කටයුතුත් කළමනාකරණය කරගන්නේ?
ගෙදර කටයුතුවලට උදව්වට කෙනෙක් ඉන්නවා. බබාගේ කටයුතු කෙරෙන්නේ මගේම අතින්. මට මේ දේවල් තනියෙන් කරගන්න වුවමනාව තිබුණා. ඒ දේවල්වලට මේ දවස්වල මම හුරුවෙනවා.
ඔබ රංගන ශිල්පිනියක් විදියට නයින්වෙල්ස් රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?
ඇත්තටම ලොකු සහයෝගයක් ලැබුණා. ඒක ළමා හා මාතෘ හොස්පිට්ල් එකක්. ඒ කාර්ය මණ්ඩලය හරිම කාරුණිකයි. බබා නළවගන්න ආකාරය, කිරිදෙන විදිය ඉඳලා සියල්ලටම ඔවුන් උපරිමයෙන් සහයෝගය දැක්වූවා. අඬනකොට නළවන හැටි පවා කියලා දුන්නා මට. ඒක හොස්පිට්ල් එකක් වගේ නෙවෙයි ගෙදර ඉන්නවා වගේ දැනුණේ.
චතුරිකා ආස වෙලා හිටියේ දුවෙක්ටද, පුතෙක්ටද?
දුවෙකුට.
ගොඩාක් තාත්තලා ආස දුවෙක් ලැබුණාම. ගයාන්ටත් එහෙමද?
එයා මුල ඉඳලාම දුවෙක් ඉල්ලවේ. ඒ දේ ඒ විදියටම සිද්ධ වුණා.
ඔහු මොකද ඒ ගැන කියන්නේ?
මට ඔහු සතුට ප්‍රකාශ කළ විදිය වචනවලින් කියාගන්න බැරි තරම්. ස්තුතියි කියලා වචනවලින් කියන්න බැහැ කියලයි ඔහු කිවවේ.
කොහොමද ගයාන් බබත් එක්ක ගතකරන්නේ?
ඔව්. එයා බබා දාලා ගෙදරින් එළියට යන්න කැමැති නැහැ තාමත්.
මවුපියන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
එයාලා උදව් කරන්න ඇහුවා. මම තේරුම් කරලා දුන්නා මම මේ දේවල්වලට පුරුදුවෙන්න ඕන කියලා. එයාලත් ඒක පිළිගත්තා.
ගයාන් රංගනයට අමතරව වෙනත් රැකියාවක් කරනවාද?
චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරනවා.
ක්‍ෂේත්‍රයේ අය මොනවද කිව්වේ බබා ගැන?
ගොඩාක් අය සුබපැතුවා.
එයාලා බලන්න ආවද?
ඔව්. හිතවත්ම, ළඟම අය ආවා.
කවුද ඒ?
කවුද කියලා කිව්වොත් අනෙත් අය තරහාවෙයි. උදාරි අක්කාත් එනවා කිව්වා. ගයත්‍රි අක්කා, මරීනා පෙරේරා ආවා. අනෙක් අය කෝල් කරලා කිව්වා මාස 3ක්වත් ගියාම එනවා නැත්නම් බබාට හොඳනැති නිසා කියලා.
චතුරිකා, අදහසක් නැද්ද ඉදිරියේදී රඟපාන්න?
මම රඟපෑව ටෙලිනාට්‍යයක් ජාතික රූපවාහිනියේ මේ මාසේ 30 වැනිදා රාත්‍රී 8.30ට විකාශය වෙනවා. “එක රෑනේ කුරුල්ලෝ” කියලා. ඒකේ කොටස් පහළොවයි කරලා තියෙන්නේ. ඉතිරි කොටස්වලට නොවැම්බර් මාසේ ඉඳලා රඟපාන්න තියෙනවා. ජනවාරි මාසයේ ගයාන් අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටයකට දායකවෙන්න තියෙනවා. ඇත්තටම මමත් ආස දැන් නම් බබත් එක්ක කාලය ගතකරන්න.
ගයාන්ගෙන් විරුද්ධත්වයක් නැද්ද රඟපානවාට?
අපෝ නැහැ. එයා කැමැතියි. එයාට මම නැතුව බැහැ. එයාගේ කටයුතුවලට මම තමයි සහයෝගය දක්වන්නේ. බබා හම්බවෙන්න ඉස්සෙල්ලා දවසෙත් ගයාන්ට මම ලොකේෂන් හොයලා ස්ක්‍රිප්ට් එක බලලා උදවු කළා.
ආදරය කරන ප්‍රේක්‍ෂක ජනතාවට මොනවද ඔබට කියන්න තියෙන්නෙ?
මවු පදවිය ලබන්න ඉන්න අයට මම කියන්නේ මවු පදවිය කියන්නේ මහා පුදුම දෙයක්. ඒක ලබන්නම ඕනේ ජීවිතයේ වතාවක්. ඒකෙන් ජීවිතයට ලැබුණු එළිය කියලා නිම කරන්න බැහැ. ඇයි මෙච්චර මේ දේවල්වලට පරක්කු වුණේ කියලා හිතෙනවා.
මොනවද බලාපොරොත්තු දූ සිඟිත්ත ගැන?
එයා හොඳ කෙනෙක් විදියට සමාජයට දායාද කරන්න තමයි අපේ බලාපොරොත්තුව. එයාට ඕන දේ කරන්න නිදහස දෙනවා. ලොකු බලාපොරොත්තු තියාගන්නේ නැහැ. අපි එයාව ආරක්‍ෂා කරනවා. අපේ සහයෝගය ලබාදෙනවා. හොඳ පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න මේ ලෝකයට දායාද කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පොත් ප්‍රකාශනයේ ඉතිහාස කතාව

Next Post

හැබෑවෙන සිහිනයක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.