• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

සෆාරි යන්න කියාපු ගම Udawalawa Safari Village

September 21, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සෆාරි කිව්ව ගමන්ම අපේ මතකයට නැඟෙන තැනක් තමයි උඩවලව. සෆාරි යන්න කැමැති ගොඩ දෙනෙක් ඒ සඳහා තෝරාගන්නෙත් උඩවලව. කොළඹ ඉඳන් උඩවලවට කිලෝමීටර් 175ක දුරක් තියෙනවා. ඉතින් මෙච්චර දුරක් ගිහින් එක පාරටම සෆාරියක් යනවට වැඩිය පොඞ්ඩක් නිවාඩු පාඩුවේ ඉඳලා, පොඩි විවේකයක් අරගෙන ඒ ගමන යන්න තමයි ගොඩක් අය කැමැති. අන්න ඒකට ගැළපෙනම තැනක් ගැන තමයි අද කියන්නේ. මේ නවාතැනේ නම Udawalawa Safari Village Hotel. ඒ හින්දා මේ නවාතැන ගැළපෙන්නෙම සෆාරි යන්න බලාගෙන උඩවලවට එන සංචාරකයන්ටම තමයි.
උඩවලව ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 05ක් දුරින් පිහිටි මේ නවාතැන පිහිටි භූමිභාගය අක්කර 04කට වඩා විශාලයි. මීට 28 වසරකට පෙර ආරම්භ කළ මේ හෝටලය පිහිටි ප්‍රදේශයත් වනාන්තරයකට නොඅඩු අසිරියකින් යුක්තයි. ඒ හින්දා දැඩි නියං කාලයටත් මේ හෝටලය අවට ඒ තරම් දැඩි රස්නයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ කුරුලු විශේෂ බොහෝ ප්‍රමාණයකුත් සැරිසරන බව දැකගන්න පුළුවන්.

පරිසරවේදියකු සහ වනාන්තර ගවේෂකයකු වන ජයන්ත කුමාර මහතාගේ අදහසක් අනුව 1992 වසරේදී තමයි Udawalawa Safari Village හෝටලය ආරම්භ වෙලා තියෙන්නේ. හෝටලය අවට අද දක්නට ලැබෙන වන ගහනයෙන් 90%ක්ම ඊට පසුව වගා කළ බව තමයි ජයන්ත කුමාර මහත්තයා අපි එක්ක කිව්වේ. මේ වන විට සුවපහසු කාමර 19කින් සහ නිකේතන 03කින් සමන්විත මේ හෝටලය තුළ ඇති පිහිනුම් තටාකයද සියලුම පහසුකම්වලින් යුක්තයි. ඒ වගේම උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සෆාරි ගමන් පහසුව සහ කැමැති අයට කෑම්පින් කිරීම සඳහා අවශ්‍ය උපකරණත් මේ හෝටලයෙන්ම ලබාගත හැකි වීම නිසා ඔබේ සංචාරය ඉතාම පහසු එකක් වනවා නොඅනුමානයි.
උඩවලව ජාතික වනෝද්‍යානය විතරක් නෙවෙයි, උඩවලව ඇත් අතුරු සෙවණ, මඩුවන්වෙල වලව්ව, මදුනාගල උණු වතුර ළිං බලන්න යන්නත් මෙතැන ඉඳන් ගතවෙන්නේ පැය එකහමාරක් වගේ කාලයක් විතරයි.
මීට වඩා වැඩි විස්තර මොකටද? අපි කියන්නේ ඇත්තද බොරුද කියලා ගිහිල්ලම බලන්නකෝ.
S and K Safari Village (Pvt) Ltd තමයි මේ වන විට හෝටලය පාලනය කරන්නේ. 0757960361ට හරි 0112591728 හරි කතා කළොත් මේ ගැන හැමදේම දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් www.safarivillagehotels.com වෙබ් අඩවියට පිවිසුනත් හරි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

කොමඩි කිරුල ශ්‍රියන්තටද?

Next Post

සෙලාන් බැංකුව චෙක්පත් නිෂ්කාශන සේවා කාලය දීර්ඝ කරයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.