කරන කියන කිසිදෙයක් සාර්ථක නොවෙද්දී කාටහරි දෝෂාරෝපණය කරනවා වෙනුවට එහෙම වෙන්නේ ඇයි කියලා හොයලා බැලුවොත් නරකද? ඒ අසාර්ථකත්වයට හේතුව කිසිසේත්ම නොහිතන කාරණයක් වෙන්නත් පුළුවන්. කුමක් හෝ රාජකාරියක් කිරීමට පිටත්ව යෑමේදී ඇඳුමක් ඇඳගත් පමණින් නිවෙසින් පිටත්ව නොයා මේ යන ගමනට සුබ වාතාවරණයක් අවට පරිසරය තුළ තිබෙනවාද යන වගත් සොයා බලනවා නම් වැඩි ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. බොහෝ විට අසාර්ථකත්වයට හේතුව යන ගමනේ පෙරමඟ අසුබ නිමිත්තක් වෙන්නත් පුළුවන්. නිවෙසින් පිටත් වෙද්දීම ඉදිරියට හමුවන්නේ කවුද? ඉන්නේ කවුද? තිබෙන්නේ මොනවද? යන කාරණා පෙරමඟ නිමිත් විදිහට ඔබේ ගමනේ සුබ අසුබ තීරණය කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ දැනුවත් කිරීමටයි අපේ සූදානම.
ගමන ආරම්භයේදීම හිසේ ආබාධයක් ඇති වුණොත් බොහෝ දෙනා තමන්ව අප්‍රිය කරයි.
නිවෙසින් පිටවන විටදීම තද කැස්සක් ඇති වුණේ නම් අතේ තිබූ මුදල නිකරුණේ වියදම කිරීමට සිදුවෙයි.
ටික දුරක් ගොස් ගෙදර අයට කතා කර අමතක වූ යමක් ඉල්ලා සිටියා නම් ගමනෙන් බලාපොරොත්තුවූ කාරණය ඉටු නොවෙයි.
තම නිවෙසේ අයකුට බැණවදිමින් නිවෙසින් එළියට බැස ගියා නම් තදබල පාඩුවක් සිදුවෙයි. ගමනින් සතුටක් නොවෙයි.
නිවෙසින් එළියට බැස කණ්ණාඩියකින් මුහුණ බලා ගමනක් ගියා නම් බොහෝ විට අඩුපාඩු සහිත ගමනකි. අරමුණ නිෂ්ඵල වෙයි.
ගේ-දොර වසා ගමනක් යෑමට සූදානම් වෙද්දී දොරේ යතුර බිම වැටුණා නම එම ගමන අසුබයි. වංචාවකට හසුවෙයි.
ගමන ආරම්භයේදී කුඩා දරුවකු අත තිබූ දෙයක් කැඩීබිඳී ගියා නම් මඟ අනතුරකට මුහුණපෑමට සිදුවෙයි. ශාරීරිකව හානි සිදුවෙයි.
වඳුරකු ගමනේදී ඇඟට පැන සූරා ගියා නම් තම ජීවිතය අහිමි වීමට වුව ඉඩ තිබේ. ඒ ගමන ඉතා නරක පල ගෙනදෙයි. මාරක අපල කාලයකි.
ගමන ආරම්භයේදීම දුරකතනයෙන් හෝ කෙනකුගේ පණිවුඩයකින් මරණයක් ගැන අසන්නට ලැබුණේ නම් බලාපොරොත්තු වූ ගමන යෑමට නොලැබේ. අනවශ්‍ය ගමනක් යෑමට සිදුවෙයි. අධික වියදමක් දරයි.
නිවෙසේ සිට යන මාවතේ ගල් පඩිපෙළේ ගලක් ගැලවුණොත් වාහන පහසුකම් ඒ ගමනේදී නොලැබෙයි. අධිකව සිරුට වෙහෙසක් දැනෙයි.
ගමනක් යෑමට නිවෙසින් එළියට බැස නිවෙසේ අයකුට අවශ්‍යතාවකට මුදල් දී ගියේ නම් කරුණු කාරණා ඉෂ්ටවුවත් අධික වියදමක් ඇතිවෙයි.
තමන් සමඟ ගමන යන අයකු ගමන ආරම්භයේදීම නිවෙසින් බැස දුම්වැටියක් දැල්වූවා නම ඒ ගමනෙන් පාඩු කිහිපයක්ම සිදුවෙයි. ගමනින් සතුටක් නොලැබේ.
ගමන ආරම්භයේදී ඉදුණු කෙසෙල් කන්න ලැබුණොත් ධනයෝග පහළ වන ගමනකි. සතුටුදායකය. ලාභ ලැබේ.
නිවෙසින් පිටත්වීමට පටන් ගනිද්දී නිවෙසේ අයකු පරුෂ වචන කියනවා ඇසේ නම් ගමනේදී අනතුරක් වෙයි. වසක් විසක් ශරීරගත වීමට සිදුවෙයි. යන කරුණු ඉෂ්ට නොවෙයි.











