• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ගෝඨාභය ජනාධිපති ‌වෙන්න අවශ්‍ය ඇයි? මහාචාර්ය ‌‌රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ ඉදන් කියන කතාව

September 22, 2019
in News, Politics, Uncategorized
Reading Time: 3 mins read
A A
ගෝඨාභය ජනාධිපති ‌වෙන්න අවශ්‍ය ඇයි? මහාචාර්ය ‌‌රොහාන් ගුණරත්න සිංගප්පූරුවේ ඉදන් කියන කතාව
Share on WhatsAppShare on Facebook

පසුගිය වසර දහයක කාලයක් පුරාම අලුත් අවුරුදු දිනයකදී ‘තුන්හුලස් බට්ටෝ රතිඤ්ඤාවක්’ පත්තු වුණා හැරෙන්නට, කුරිරු බෝම්බයක හෝ වෙඩිල්ලක හඬ ඇසෙන්නට නොතිබිණි. එය කොතරම් සත්‍යයක්ද? එය කොතරම් ආශ්චර්යයක්ද? එහෙත් පසුගි පාස්කු ඉරිදාව එම සුන්දර, නිකැලැල් දශකය කනපිට හැරෙව්වේය. අහිංසක මිනිසුන් 250ක් කෙසෙල් කඳන් මෙන් කපා බිම හෙළීය. දහස් ගණනක් ආබාධිත කළේය. එහෙත් අද අපේ මිනිසුන්ට ඒ කුරිරු මතකයන් අමතකව යන ලෙසක් පෙනෙන්නට ඇත. ඒ, අද දසතින් ඇසෙන ‘ජනාධිපති උතුමාණෝ තෝරන තරගය’ නිසාවෙනි. මෙවැනි වටපිටාවකදී අපේ රටේ ආරක්ෂාවේ වත්මන් තත්ත්වය කෙසේද? මේ ගැන අසන්නට අප සිත් යොමු කළේ ඉතාමත් දක්ෂ විද්වතකු වෙතය. ඔහු ආරක්ෂාව ගැනත්, ත්‍රස්ත ලෝකය ගැනත් කප්පරකට උගත් මිනිසෙකි. මහාචාර්ය රොහාන් ගුණරත්න ඔහුය. මෙම විද්වතාණන් සමඟ කළ සංලාපය මෙතැන් සිට දිගහැරෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ ඔබේ තක්සේරුව කුමක්ද?
2090 වසරේ යුද්ධය අවසාන වීමෙන් පසුව ශ්‍රී ලංකාව ලෝකයේ තිබෙන ආරක්ෂිතම රටක් ලෙසට පත්වුණා. 2015 සිට 2019 වසර දක්වා සමය තුළදී රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි නිසි අවධානය නොමැති වීම හේතුවෙන් පාස්කු ප්‍රහාරයට මුහුණ දෙන්නට සිදුවුණා. කෙසේ හෝ ආරක්ෂක අංශ දැනට එම තත්ත්වයට මුහුණදී ප්‍රතිචාර දක්වා තිබුණත් රජයේ කාර්යභාරය වන්නේ මෙම අන්තවාදය විනාශකර දැමීමත් සහ ත්‍රස්ත පද්ධතිය විනාශකර දැමීමත්. මේ සඳහා රජයට නීතිමය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය වෙනවා. එසේම ඉදිරි ප්‍රහාර වළක්වාගැනීමට හැකි ස්ථිර, ශක්තිමත් ක්‍රමවේදයක්ද අවශ්‍ය වෙනවා. මේ සඳහා පළමු පියවර වශයෙන් ජාතික ආරක්ෂක පනතක් ක්‍රියාවේ නැංවිය යුතුයි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් මෙන්ම සමගිය එකමුතුකම ඇතිකිරීමේ පනතක්ද ක්‍රියාත්මක කළ යුතුයි. එසේම පැහැදිලි දර්ශනයක් සහ සාමූහික නායකත්වයක් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සඳහා අවශ්‍ය වෙනවා.


ඔබ සිතන ලෙස අයි.එස්.අයි.එස්. ත්‍රස්ත තර්ජනය අවසන් වෙලාද?
අයි.එස්.අයි.එස්. ත්‍රස්ත තර්ජනය ගෝලීය තර්ජනයක්. එසේම අයි.එස්.අයි.එස්. දර්ශනය සහ මතවාදය ඉතා ප්‍රබල එකක්. මුළු ආසියානු කලාපයම අයි.එස්. ත්‍රස්ත තර්ජනයට යටත් වෙලා. ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්. ත්‍රස්ත බලය යම් ආකාරයකට විනාශ කර දැමුවත් එය මුළුමනින්ම විනාශ වී නැහැ. ඒ නිසාම ඔවුන් දැන් විවිධ නව ක්‍රමවේදයන් අනුගමනය කරනවා. එය දැන් ගෝලීය වශයෙන්ද ව්‍යාප්ත වෙලා. ආසියා කලාපයේ 63%ක පමණ මුස්ලිම් ජනතාවක් සිටිනවා. ආසියාව කෙරෙහි අයි.එස්. උනන්දුව දැන් බෝහෝ වැඩිවී තිබෙනවා. එය ඉදිරි මාස සහ වසරවලදී ව්‍යාප්තව සිදුකිරීමට ඉඩ තිබෙනවා. ශ්‍රී ලංකාව එම ත්‍රස්තවාදය පැලපදියම්වීමෙන් බැහැර වූ රටක් නොවේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාතීන්ගේ බෙදීමක් ඇතිවුණා. අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් තවත් මුස්ලිම් පිරිස්ද අන්තවාදයට යොමුකරමින් සිටිනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව අහිංසක මුස්ලිම්වරුන්ට නූගත් සිංහලයන් සහ දමිළයන් පහර දුන්නා. ශ්‍රී ලංකා රජයේ ක්‍රමෝපාය විය යුත්තේ සියලු ජාතීන්ට සමගියෙන් ජීවත්වීමේ අවබෝධය ඇතිකරවීමයි.


ජනාධිපතිවරණයක් පැවැත්වීමට තරම් ශ්‍රී ලංකාවේ තත්ත්වය ආරක්ෂා සහිතද?
ශ්‍රී ලංකාවට පැහැපත් ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවා. මැතිවරණයක් පැවැත්වීමට ආරක්ෂක තත්ත්වය බාධාවක් කරගන්නට අවශ්‍ය නැහැ. ආරක්ෂක හමුදාවන් නිසි ලෙස සවිබල ගන්වා, මාර්ගෝපදේශකත්වය ලබාදුනහොත් ඔවුන් ඉතාමත් ශක්තිමත් තත්ත්වයක සිටීවි. තර්ජනය තවම අවසාන වෙලා නැහැ. එහෙත් ආරක්ෂක අංශවලට අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හැකි වේවි. පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලාංකික ජනතාවගේ ස්පන්දනය රජය හඳුනාගත්තා. වත්මන් නායකයන්ද ජනතා හදගැස්ම හඳුනාගත්තා. රටේ වැඩි ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අකර්මණ්‍ය රජයක් බලයෙන් පහකිරීමේ ක්‍රියාවලිය මැතිවරණයක් තුළින් සිදුකළ හැකියි. රට ජාතිය ආරක්ෂා කරගැනීමට නොහැකි වීම ගැන රටේ ජනතාව පාලකයන් සමඟ වෛර බැඳගෙන තිබෙනවා. නායකයන් එකමුතු නොවීම රටේ ආරක්ෂාවටත් තර්ජනයක් වෙලා. ජනතාව අතරින් අද බොහෝ ද්වේශයකට පත්ව සිටින්නේ දේශපාලකයන්. අද රජය සහ ජනතාව අතර කිසිම විශ්වාසයක් නැහැ. රටට සුදුසු නායකයන් තෝරාගැනීම සඳහා ජනාධිපතිවරණයක් පමණක් නොව මහ මැතිවරණයක්ද කඩිනමින්ම පැවැත්විය යුතුයි.


මෙම ප්‍රහාරය ගැන කලින් අනතුරු ඇඟවීම් කර තිබුණේ නැද්ද?
2015 ජනවාරි මාසයේදී ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු සිරියාවට සහ ඉරාකයට ත්‍රස්ත පුහුණුවට යෑමෙන් පසුව ඉදිරියේදීත් ශ්‍රී ලංකාවට තිබෙන ත්‍රස්ත තර්ජනය හොඳින් දෘශ්‍යමාන වෙනවා. මෙම තරජනයන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාවලට එහා අබිබවා ගිය ක්‍රියාවලියක්. පසුගිය කාලයේ මගෙන් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළා, ජාතික ආරක්ෂාව පිළිබඳ නිශ්චිත සැලැස්මක් සහ බුද්ධි මණ්ඩලයක් සකස් කරදෙන ලෙසට. මම එම ඉල්ලීම භාර අරගෙන මෙම රජයේ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ අතිරේක ලේකම්වරුන් වන වසන්ත පෙරේරා හා ජීවන්ති සේනානායක යන අය සමඟ එම කටයුත්ත කරන්න ගත්තා. එම කටයුතුවලට අමතරව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයක්ද ආරම්භ කිරීමට කටයුතු කළා. එම කාලයේදී මා නිරන්තරයෙන්ම පවසා සිටියේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත තර්ජනය අවසන් වීමෙන් පසුව දැන් හිස ඔසවා තිබෙන මුස්ලිම් අන්තවාදය කෙරෙහි දැඩි අවධානය යොමුකළ යුතුයි කියලා. එහෙත් ඒ වන විට මට තේරුම් ගියා රජයේ නායකත්වය දුර්වලයි කියලා. ජාතික ආරක්ෂාව කියන මෙවලම කෙරෙහි තිබෙන අධීක්ෂණය, දැක්ම සහ මෙහෙයවීම ඉතා දුර්වල බව මට හැඟී ගියා.
මේ තත්ත්වය ගැන මම එම අවස්ථාවේ රජයේ නායකයන් කිහිප පොළක්ම දැනුවත් කළා. එහෙත් එහිදී මට තේරුම් ගියා මෙම නායකයන්ට ජාතික ආරක්ෂාව ගැන හැඟීමක් හෝ අවබෝධයක් නැහැ කියලා. මේ භයානක තත්ත්වය ගැන මම වාර්තාවන් කිහිපයක්ම ඉදිරිපත් කළා. පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකහමාරකට පෙර මම මේ තත්ත්වය ගැන ඉංග්‍රීසි පුවත්පතකට ලිපියක් මඟින් ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ සිටින අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන යම් තොරතුරු මම හෙළිකර සිටියා. එසේම නුදුරු කාලයකදී ප්‍රහාරයක් ඇතිවිය හැකි බවත් පෙන්නුම් කර දුන්නා.
රජය වහාම මෙම ත්‍රස්තයන් සහ එම සංවිධාන හඳුනාගැනීමට කටයුතු කළ යුතු යැයි මම ප්‍රකාශ කළා. එවැනි ත්‍රස්ත සංවිධාන සොයා තහනම් කරන ලෙසටත් මා ඉල්ලා සිටියා. මෙම ඉස්ලාමික මූලධර්මවාදී අන්තවාදීන් කවුදැයි මම අවබෝධ කර දුන්නා. මම එතැනින් නොනැවතී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් මෙම අවිනිශ්චිත තත්ත්වය ගැන කරුණු පැහැදිලි කර දුන්නා. එහෙත් ඒ කිසිවකින් පලක් වුණේ නැහැ. අවසානයේදී මහා විනාශයක්ම වුණා.


අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ගැන ඔබේ උනන්දුව කෙසේද?
සියලුම අපේක්ෂකයන්ට අවශ්‍ය නිසි ආරක්ෂාව ලබාදිය යුතුයි. මට විශ්වාසයක් තිබෙනවා වත්මන් ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා එම කාර්යය නිසි ලෙස ඉටුකරයි කියලා. ඔහු මෙම තර්ජනය ගැන කරුණු අවබෝධ කරගෙන තිබෙනවා. සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව ඔහු නිසි ලෙස සලසනු ඇතැයි මා විශ්වාස කරනවා. ලෝකයේ කිසිම රටක ශ්‍රී ලංකාවේ තරම් නායකයන් ත්‍රස්ත ප්‍රහාරවලින් මියගොස් නැහැ. එය අපි අවධානයට ගතයුතුයි. මෙහිදී විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතර විශේෂ ආරක්ෂාවක් සැපයිය යුතුයි. ඒ මොකද ඔහු තමයි එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය පරාජය කිරීමේ පළමුවැනි නැමැවුම්කරුවා. ඒ නිසා ඔහුට තිබෙන තර්ජන හා අනතුරු වැඩියි. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම සරත් ෆොන්සේකා මහතාද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වුණා. ඒ ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එහි මතවාදය තවමත් තිබෙනවා. තමිල්නාඩුව ඇතුළු බටහිර රටවල් රැසක එම මූලධර්මවාදය තදබල ලෙස තිබෙනවා. අද එල්.ටී.ටී.ඊ සංවිධානයට වඩා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ තර්ජනය ශ්‍රී ලංකාවට ප්‍රබලවම බලපා තියෙනවා. මෙම සංවිධාන දෙකෙන්ම තර්ජන ජනාධිපති අපේක්ෂකයන්ට තිබිය හැකියි.


ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන ඔබ සිතන්නේ කුමක්ද?
ඉතාමත් විශිෂ්ට ක්‍රමෝපායක් ඇති අතිදක්ෂ පරිපාලකයෙන්. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලකයකු නෙවෙයි. ඔහු රාජ්‍යතාන්ත්‍රිකයෙක්. ඔහු තරම් මහා මෙහෙවරක් සිදුකළ වෙනත් සමකාලීන ශ්‍රී ලාංකික නායකයෙක් නැහැ. එම කරුණ කාටවත් බැහැර කරන්න බැහැ. ශ්‍රී ලංකාවට තිබුණු ත්‍රස්ත තර්ජනය ඔහු අවසන් කළා. උතුර හා නැඟෙනහිර රටේ දකුණත් සමඟ යා කළා. ඔහු මේ රටට ආදරය කරන මනා සංයමයක් ඇති නායකයෙක්.


ආරක්ෂක කටයුතු ගැන විශේෂඥයෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට අවශ්‍යද?
ඇමෙරිකාව විසින් ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ තමන්ගේ ත්‍රස්ත මර්දන ජයග්‍රහණයන් ප්‍රකාශයට පත් කළා. ඒත් ටික කලකින් නැවත එම ත්‍රස්ත කටයුතු ආරම්භ කෙරුණා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේදී ත්‍රස්ත මර්දනය සිදුකිරීමෙන් පසුව එය නැවත ඇති නොවන ලෙස ඉතා ශක්තිමත් බුද්ධි වේදිකාවක් සහ අඩිතාලමක් දැම්මා. එහෙත් සිරිසේන – වික්‍රමසිංහ රෙජීමය එම ශක්තිමත් පවුර බිඳදැමුවා. හමුදාවන් බැරැක්කවලට සීමා කළා. බුද්ධි අංශ අඩපණ කළා. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය ඉතාමත් පහසුවෙන් ශ්‍රී ලංකාව තුළට රිංගා ගත්තා. එහෙත් වත්මන් රජය ඒ භයානක තත්ත්වය අවබෝධ කරගත්තේ නැහැ. ලැබුණු සියලු බුද්ධි අංශ තොරතුරු බැහැර කළා. ඉතාමත් කුරිරු පාස්කු ප්‍රහාරය සිදුවුණේ ඒ තත්ත්වය නිසයි. අප තවත් වසර 30කටවත් මෙරට යුද්ධයෙන් තොර රටක් වශයෙන් තබාගත යුතුයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ වැනි ජනාධිපති අපේක්ෂකයකු රටේ නායකත්වයට සුදුසු වෙනවා.

ඔබ ගෝඨාභය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා සමඟ යුද සමයේදී සමීපව කටයුතු කළා. ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට තරග කළා. දැන් ගෝඨාභය තරග කරනවා. ඔබ සිතන්නේ ශ්‍රී ලංකාව හමුදා නායකත්වයකට සූදානම්ද?
ඇමෙරිකාවේ මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ගෙන් හරි අඩක්ම හමුදා නිලධාරීන් වෙනවා. හැරී ටෲමන්, ඞ්විට් අයිසන්හුවර්, ජෝන් එෆ්. කෙනඩි, ලින්ඩන් ජොන්සන්, රිචඞ් නික්සන්, ජෙරල්ඞ් ෆෝඞ්, ජිමී කාටර්, රොනල්ඞ් රේගන්, ජෝර්ජ් බුෂ් (පියපුතු දෙපළ). මේ සියල්ලන්ම හිටපු ඉහළ හමුදා නිලධාරීන්. ඔවුන් දන්නවා යමක් සැලසුම් කිරීමට හා ක්‍රමෝපාය සංවර්ධනයට අවශ්‍ය කටයුතු කිරීමට. සම්පත් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමටත්, එමෙන්ම ජාතිකත්ව වැඩසටහන් දියත් කිරීමටත් ඔවුන්ට හොඳ අවබෝධයක් තියෙනවා. ලිබරල්වාදීන්ට මෙසේ කටයුතු කරන්න බැහැ. ඔවුන් හැම විටම හිතන්නේ බටහිර සිතන ආකාරයටයි. 2015-2109 රජය සමයේදී මෙම තත්ත්වය උද්ගත වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් වුණා. එසේම අකර්මණ්‍ය ආණ්ඩුක්‍රම රටාවක් නිසා මහ බැංකු වංචාව වැනි මහා පරිමාණ වංචාද සිදුවුණා. සිරිසේන – වික්‍රමසිංහ රජය කියන්නේ කිසිදු ජාතික සමගියක් ගොඩනඟාගන්නට බැරිවුණු රජයක්. එසේම දේශපාලනික ස්ථාවරභාවයක් සහ ආර්ථික අර්බුදයටද විසඳුම් සොයන්නට බැරිවුණු රජයක්. ජනතාවට දැන් තීන්දු දෙකක් තියෙනවා. එයින් කුමක් තෝරාගත යුතුද කියලා සිතන්න. රටට විනාශයක් සිදුකරන වත්මන් ලිබරල්වාදීන්ම බලයේ තබාගන්නවාද, එසේත් නැතිනම් රටක් ජාතිකයක් ගොඩනඟන ජාති හිතෛෂීන් බලයට පත්කරගන්නවාද කියලා.


සුළු ජාතීන් හමුදාමය අපේක්ෂකයකුට දක්වන ප්‍රතිචාරය කෙසේ වේද? දමිළ ජනයාට පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් පසුව සාමාන්‍ය මුස්ලිම්වරුන්ටත් අප්‍රසන්න අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුවුණා නේද?
එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය මේ රටට සිදුකළ මහා විනාශය කිසි දිනෙක අමතක කරන්න බැහැ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම සිදු නොවුණේ නම් මේ වන විටත් මේ රටේ හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් වැසියන්ද දහස් ගණනක් මිහිදන් කරන්නට වෙනවා. එමෙන්ම රුපියල් බිලියන ගණනක දේපොළ විනාශයට පත්වෙනවා. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය තරුණයන්, පාසල් දරුවන් බලහත්කාරයෙන් ඔවුන්ගේ හමුදාවට බඳවා ගත්තා. අද ඒ දරුවන්ම නිදහසේ පාසල් යනවා. විශ්වවිද්‍යාලවලට යනවා. තරුණයන් නිදහසේ රැකියාවලට යනවා. අන්තවාදී එල්.ටී.ටී.ඊ. දමිළයන් පිරිසක් පමණක් තවම ස්වයං රාජ්‍යයක් ගැන කතාකරමින් සිහින මවනවා. යුද්ධයේ අවසාන අදියරේදී හමුදාව තමයි අහිංසක සිවිල් වැසියන් 3,00,000ක් පමණ බේරාගත්තේ. ඔවුන් දිව ආවේ හමුදාව දෙසට මිස වෙනත් අතකට නොවෙයි. එල්.ටී.ටී.ඊ.ය ඔවුන් එම අවස්ථාවේදී මිනිස් පළිහක් ලෙස තබාගත්තා. ඒ වගේම පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අන්තවාදී සිංහල පිරිස්වලින් මුස්ලිම් ජනාතව බේරාගත්තෙත් හමුදාවමයි. හමුදාව කිසි විටෙකවත් විවේචනය කරන්න එපා. ඔවුන් අදහිය යුතුයි.

SendShareShare
Previous Post

පෙරමග වාසනාව

Next Post

රනිල්-සජිත් ‌හෙට 10ට යළි හමුවක්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.