එජාපය තුළ මතුව ඇති අර්බුදය විසදා ගැනීම සදහා අද (22) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර අරලිය ගහ මන්දිරයේ පැවැති තීරණාත්මක සාකච්ජාව පැයකට සීමා වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පෙරවරු 10.30ට ආරම්භ වූ සාකච්ජාව හරියටම 11.30ට නිමාවී තිබේ.
එහිදී බොහෝ දෙනා ජනපති අපේක්ෂකත්වය පිළිබදව සාකච්ජා කරනු ඇති බව අපේක්ෂා කළද මෙම සාකච්ජාවේදී ඒ පිළිබදව වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිදුවීමකි.
19 වන සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ආදී අවශේෂ කරුණු කිහිපයක් පිළිබදව එහිදී සාකච්ජා වී ඇති බවක් දැනගන්නට ඇත.










