• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එදා සහ අද විවාහයේ හැංගුණු රහස්

March 17, 2021
in Astrology
Reading Time: 1 min read
A A
එදා සහ අද විවාහයේ හැංගුණු රහස්
Share on WhatsAppShare on Facebook

මහපොළොවේ අටෙන් හතක පරිමාවක්ම ජලයෙන් වටවී ඇති අතර, පොළොව මතුපිට වැවී ඇති විවිධ ශාක වර්ගයන් මෙන්ම මුහුදු පත්ලේ විවිධ වර්ණාවලියකින් යුක්ත මනස්කාන්ත ශාකයන්ද තිබෙන බැව් ‘ඩිස්කවරි’ සේයාරූ සටහන හරහා දිස්වෙයි. මිනිසාගේ වනචාරී දඩයම් යුගයේ ආරම්භයේදීම (හෝමෝසා පියන්) ප්‍රජනන ඒකකයේදී ප්‍රජනන සහ සබඳතාවයට අනුකූලව තම වර්ගයා බෝකිරීමේ ක්‍රියාවලියක නිරත වූහ.

එය තුරුලතාවන්ටද ආවේණික ගති ලක්‍ෂණයකි. අණ්ඩජ, ජලාබුජ, සංසේ දින හා ඕපපාතික යැයි චතුර් කර්මයන්ය. මිනිසාගේ ක්‍රමවත් ශිෂ්ටාචාරයත් සමඟම ගැහැනු හා පිරිමි සම්බන්ධතාවයට අනුරූපකව එකගෙයි කෑමට පෙළඹින. ආදීවාසීන් හෙවත් වැදි ජනයා අද මෙන් නොව කිසියම් නීතිමය රාමුවකට කොටු නොවී දරු සම්පත්වලට හිමිකම් කියැවුණි.

ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ සමාජයීය සංස්කෘතිකමය සමීප සබඳතාවයකට සෞන්දර්යවත් රිද්ම රටාවක් ගොඩනැඟිණ. කායික ආශ්වාදයේ අවසන් ප්‍රතිඵලයට අනුගතව දාරක සම්පත් ලැබීමේ මහා වාසනාව පෑදිණි.

විවාහය ගැන ගැඹුරින් නිරීක්‍ෂණ කරන විටදී එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම් ශාරීරික සහ සබඳතාවයක් ඇති නොබූ බවට සාක්‍ෂි ඇත. එයට මූලාශ්‍රය වන්නේ ඔවුන්ට ජානමය උරුමයන් තුළ හැදියාවක් ගැබ් වී තිබෙන නිසාය. කලාතුරකින් සහෝදරියන් සමඟ එක්වීමක් අනපේක්‍ෂිත අන්දමට සිදුවූ බවක් නම් පැහැදිලිය. පසුකාලීනව ඊඩිපස් සංකීර්ණය හරහා මානසික ආතතිය මුදාහැරීමක් ලෙසත් පළිගැනීමේ ආශාව මුල්කොට ගෙන පියා මරා මව අයිති කරගත් බැව් දැක්විය හැකිය. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සූත්‍රවල දක්වා ඇත්තේ සර්පයකුට ආදරය කළත් හුදකලාව ජීවත් වන මැහැල්ලක් පවා සිටින තැනකට කිනම් වයසක පසුවන පුරුෂයකු ඇය හමුවීමට නොයා යුතු බවකි. විශේෂයෙන්ම භික්‍ෂුවක්ට විනය නීතියෙන්ම තහනම් වෙයි. අසාන මන්ත්‍ර ජාතකය, මහා කපි ජාතකය, දේශනා කිරීමට හෝ චිත්‍ර නිර්මාණය කිරීමට ප්‍රදර්ශනය කිරීමට කිසිම අයුරකින්වත් නොහැකි බවකි.

අද අපි කතාබහ කරන්නේ වත්මන් විවාහය ගැනයි. මහා භාරතීය බමුණු මත පරිදි අප රටට දායාද කරන ලද එක්තරා විවාහ ක්‍රමයන් අද වන තෙක්ම අපි අනුගමනය කරන්නෙමු.
ලොව වැඩිම පිරිසක් ජ්‍යොතිෂයට ගරු කරති. ඒ හරහා සිය දෛනික ජීවිතයේ වැඩකටයුතුවලට සුබ නැකැත් අනුගමනය කරන බැව් පැහැදිලිය. දරුවකුගේ උපතේ සිටම මියයන තෙක්ම ජ්‍යොතිෂමය කරුණු පාදක කරගනී. බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය සහ ප්‍රේත විවාහය වැනි විවාහක ක්‍රම ගණනාවකි. මේ කුමන විවාහයක වුවත් ඇතුළාන්ත අපේක්‍ෂාව ලිංගිකමය තෘප්තියයි. කායික හා මානසික ගනුදෙනුව ඒ හරහා සිදුවෙයි.
කවුරු කෙසේ පැවැසුවත් විවාහයේ මූලිකම මනෝ විiාත්මක සංසිද්ධිය කායික එක්වීමයි. එයට දෙදෙනාගේම ගැලපීම් සමතුලිතතාවයක් තිබීම අනිවාර්ය වෙයි.

දෙදෙනකු එක් අයකු සිතන, පතන අදහස්වල විවිධාකාර රූප සටහන් ඇත්තේය. අපේ රටේ පොරොන්දම් බලන අතර, ඇතැම් අපරදිග රටවල රුධිරය පරීක්‍ෂාවට බඳුන් කෙරේ. එය ලිංගිකමය එක් වීමකටම නොව උපදින දරුවන්ගේ ශරීර සෞඛ්‍යම කරුණුවල ඍජුවම බලපාන බැව් විiාත්මකව ඔප්පු වී ඇති නිසාය.

ඊනියා පොතේ සඳහන් පරිදි පොරොන්දම් ගැළපීමේදී විවාහ දෝෂ 20ම අතහැර දමා සාර්ථක යුගදිවියක් ගතකිරීමට ග්‍රහ හැසිරීම් රටාව නිරීක්‍ෂණයට මුල්තැන දීමද අනිවාර්ය වන්නේය. හුදෙක්ම බමුණු මතිමතාන්තර අද අපේ පාරම්පරික ගලා එන පොරොන්දම් සීහුම්වලට දැඩි ලෙස යාකර තිබෙන බැව් ඇත්තකි.

මේ වන විට ජ්‍යොතිෂ විiාව අන් කවර දෙයකටත් වඩා ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිස් අතර කිඳා බැස ඇති බැව් මනාව පැහැදිලි වන්නේය. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ජ්‍යොතිෂවේදියකුට තිබිය යුතුමය. අද නැත්තේද එයයි. කේන්ද්‍ර සිය ගණනක් මංගල යෝජනාවකට මුද්‍රිත හෝ විiුත් මාර්ගයෙන් ලැබුණු විටදී ඒවා පරීක්‍ෂා කිරීමට ජ්‍යොතිෂවේදියා හට සිය සේවාදායකයා දෙන්නේ පැය කාලක් හෝ භාගයකි. මිනිත්තු කිහිපයකින් ජ්‍යොතිෂමය කරුණු නිවැරැදිව ගැඹුරින් පරීක්‍ෂා කර බැලීමට නම් ඒ ජ්‍යොතිෂවේදියා ඍෂිවරයෙකු විය යුතුයි.

කෙසේ හෝ විවාහයට තීරණ ලහිලහියේම ගෙන විවාහ වී වසරකින්, මාස ගණනකින් හෝ සතියකින් අද නම් දවස් දෙක තුනකින් දික්කසාදයට යොමුවේ. අද වන විට මොනර දඩයමේ පිම්මේ දුවන තැනට පත්වී ඇත. තවද දික්කසාදය යන වදන හරිද? මෙය කෙටි සංවාදයක් නොවේද. වචන හරඹයක් පමණි. දහ අට ලක්‍ෂයකට වඩා අවිවාහක තරුණියන් සිටී. වයස 30 ගතවූ අයද මේ සංඛ්‍යාවට අයත් වෙයි.

හතර අතින්ම ඇසෙන කතාබස් අනුව මේ වන විට විවාහය අසාර්ථකත්වයට පත්වෙන එක්තරා රැල්ලකි. අඟල් තුනක දිවකින් අඩි හයක කෙනකු මරා දැමිය හැකි තැනට පත්වෙමින් සිටින අතර, දුරකතන හඬ හා ඇසට පෙනෙන සංස්කරණය කරන ලද සේයාරූ නිසාද තරුණ තරුණියන්ගේ මනස අති ධාවන මහා කාමාග්නියට ගොදුරු වී සිටින බව නම් ප්‍රසිද්ධතම රහසකි. බොහෝ දේ අද මිරිඟුවක්ය. අපි ඒ ගැන කතාබහ කරමු පසුවට.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

මහසෝනාගෙන් බේරෙන්නෙ කොහොමද

Next Post

කන්‍යාවියො 7ක්; ඒක අමාරු වැඩක්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.