• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මහසෝනාගෙන් බේරෙන්නෙ කොහොමද

March 17, 2021
in Astrology
Reading Time: 1 min read
A A
මහසෝනාගෙන් බේරෙන්නෙ කොහොමද
Share on WhatsAppShare on Facebook

නම ඇසූ පමණින් සැවොම භීතියට පත් කරන මෙම යක්‍ෂයා, යක්‍ෂයන් අතර භයානකම යක්‍ෂයා වේ. යක්‍ෂයන් 30,000කට ප්‍රධානියා වන මහසෝනා, සුසාන භූමියේ දෙවියා, සුසාන භූමියේ යක්‍ෂයා යන නම්වලින්ද හඳුන්වනු ලබයි.

මහසෝනාගේ උපත දුටුගැමුණු රජ සමයේදී සිදුවුණි. පසුකාලීනව මහසෝනා වූයේ දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි රිටිගල ජයසේන නම් යෝධයාය. රිටිගල ජයසේන දුටුගැමුණු සේනාවේ සිටි ශක්තිමත්ම යෝධයාද වේ. ඔහු කිසිදු සටනකින් පරාද වී නැති අයෙකි. එම සේනාවේම ගෝඨයිම්බර යෝධයාගේ බිරිය සෝනා කුමරිය සමඟ හාද වීම හේතු කොට ගෙන ගෝඨයිම්බර, රිටිගල ජයසේන සමඟ සටන් කළේය. එම සටනේදී ගෝඨයිම්බර දුන් පහපහරින් රිටිගල ජයසේනගේ හිස කඳින් වෙන් වී කරද ගසක රැඳුණි.

රිටිගල ජයසේනගේ මිතුරෙකු වන සෙනසුරා රිටිගල ජයසේන ජීවත් කරනු පිණිස වලසකුගේ හිසක් ගෙනැවිත් රිටිගල ජයසේනගේ කඳට සවි කළේය. බියවී තැති ගැන්වී සිටි සෙනසුරා එම වලස් හිස ජයසේනගේ සිරුරට සවිකළේ මුහුණ පිටුපසට සිටින සේය. සෙනසුරුගේ මෙම කාර්යය හේතුවෙන් මිය නොගොස් ජීවය ලැබූ රිටිගල ජයසේන වලස් හිසක් හා මිනිස් සිරුරක් ඇති විරූපී අයකු බැවින් අමුසොහොනට ගොස් සැඟවී ජීවත් විය. එම සැඟවුණු රිටිගල ජයසේන මියගොස් මහසෝනා වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

මහසෝනා උසින් මීටර් 37කි. ඇස් 4ක් හා අත් 4ක් සහිතය. සම කළු, රතු පැහැතිය. දකුණු අතේ ගෙන යන මී හරකුගේ රුධිරය පානය කරන අතර වම් අතේ හෙල්ලක් වේ. මහසෝනාගේ වාහනය යෝධ ඌරෙකි.

සුසාන භූමි, කඳුමුදුන්, ගිරිහෙල්, තුන්මං හන්දි මැද මහසෝනා සැරිසරයි. මීට අමතරව නාන තොටවල්වල හා හතරමං හන්දිවලද මහසෝනා නිතර ගැවසෙන ස්ථාන වේ.

මධ්‍යම රාත්‍රියේ හා පාන්දර ජාමයේ වීදි සංචාරය කරන අයට මෙම ස්ථානවලදී මහසෝනා හමුවීම සිදුවේ. මහසෝනා මනුෂ්‍ය ශරීරයක් දුටු විගස එම ශරීරයට ඇතුල් නොවේ. මුලින් ඔහු බියවද්දා, එම බියවැදි දුවන පුද්ගලයාගේ ශරීරයට මහසෝනා ඇතුල් වේ. ඇඟට ඇතුල් වීමට පෙර බියවැදුණු පුද්ගලයාගේ උරහිස අල්ලා පොඩි කරයි. එවිට එම උරහිස් මත නිල් පාටට ඇඟිලි පහක සලකුණක් ඇති වෙයි. එම පුද්ගලයාට මහසෝනා ගහලා යන්න ඥාතීන් දැනගන්නේ එම සලකුණුවලිනි. මහසෝනා නිතර ඇස ගැටෙන්නේ පිරිමි පුද්ගලයන්ට වීම විශේෂයෙකි. ස්ත්‍රීන්ට මහසෝනාගෙන් කරදර නැති තරම්ය.

මහසොහොන් යක්‍ෂයාගේ පහර කෑමට ලක්වූ පුද්ගලයාගේ මුළු ශරීරයම වෙව්ලීමට ගනී. මුළු ශරීරයම වේදනාවෙන් පිරී යයි. බෙල්ල කෙළින් කිරීමේ අපහසුව ඇති වෙයි. අධික පාචන ස්වභාවයක්ද මොවුන් තුළින් දිස්වේ. මෙම මහසොහොන් යක්‍ෂයා පහර දී ඇති වන සංකූලතා සුව කිරීම ඉතා අපහසුය.

බොහෝ යක්‍ෂයන් හා ප්‍රේතයන් මන්ත්‍ර බලයෙන්, නූල්වල ගැට දමා සිර කළද මහසෝනා එවැනි මන්ත්‍ර මඟින් සිර කළ නොහැකිය. මහසෝනාට පිදේනි දී, මහසොහොන් සමයම නැටීම හා ගෝඨයිම්බර දැහැනට පමණක් මහසෝනා අවනත කරගත හැකිය. එසේ වී ඇත්තේ වෙසමුණි රජුන් මහසොහොනාට මිනිස් බිලි ගැනීමට අවසර දුන් හෙයිනි. මිනිස් බිලි වෙනුවට කුකුල් බිලිද මහසෝනා බාර ගනී. එනිසා යකැදුරන් ආතුරයා බේරා ගැනීමට මහසෝනාට කුකුල් බිලි පිදීම සිදුකරයි.

ඊශ්වර දෙවියන්ගේ ගෝලයෙක් ලෙස සැලකෙනා භෂ්ම සූර්යා හෙවත් මහසෝනාට අවතාර 5ක් ඇත. ලේ මහසෝනා, අමු මහසෝනා, ජය මහසෝනා, මරු මහසෝනා හා ගොළු මහසෝනා එම පස්දෙනා වෙයි.

ලේ මහසෝනා හෙවත් ලේ සොහොන් යකාගේ වාහනය එළුවකු වන අතර, අමු මහසෝනා හෙවත් අමු සොහොන් යකාගේ වාහනය මුවෙකු වෙයි. ජය මහසෝනා හෙවත් ජය සොහොන් යකාගේ වාහනය අශ්වයකු වන අතර, මරු මහසෝනා හෙවත් මරු සොහොන් යකාගේ වාහනය බැටළුවකු වෙයි. ගොළු මහසෝනා හෙවත් ගොළු සොහොන් යකාගේ වාහනය ඇතෙකි.
විවිධ සතුන්ගේ පිට මත විවිධ වෙස් ගෙන දෘශ්‍යමාන වන මහසෝනා ඉතා භයංකාර, ත්‍රාසජනක යක්ෂයෙකි. කොලරාව හා අතීසාරය සැදුණු රෝගීන්ට මහසෝනාගේ බැල්ම වැටීම සිදුවෙයි. එනිසා මෙම රෝගීන්ට ඖෂධ ලබා දීම මෙන්ම ආරක්‍ෂා කර ගැනීමද සිදුකළ යුතුය. සොහොනක් පසු කිරීමේදී විනෝදයටවත් මහසෝනාගේ නම නොකීමට පැරැන්නන් වගබලා ගත්තේ මෙම යක්‍ෂයා එනම් මහසොහොන් යක්‍ෂයා හෙවත් මහසොහොන් දේවතාව එතරම්ම බිහිසුණු බැවිනි. පිටුපසින් පැමිණ බියවද්දා පහර දුන් පුද්ගලයාට බොහෝ විට සිදුවනුයේ මිය යෑමයි.

අද සමාජයේ මහසෝනා සංකල්පයක් යැයි පැවැසීම, උසුළු විසුළුවට ගැනීම බොහෝ සෙයින් දැකගත හැකිය. නමුත් රාත්‍රී කාලයේ තුන්මං හන්දි, හතරමං හන්දිවල විවිධ ස්වරූපයෙන් සිටින මහසෝනා දුටුවන් අදටද ඇත. කෙසේ වෙතත් මෙම අති භයංකර යක්‍ෂ ආත්මය පිළිබඳ දැනුවත් වීම කාහටත් වටිනා දෙයකි. කරදර, රෝගී තත්ත්වවලින් මිදී සතුටින් ජීවිතය ගතකිරීමට එය මහඟු පිටිවහලක් වනු ඇත.
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

මන්ත්‍රීවරු 225න් 200ක් එන්නත ගහගෙන

Next Post

එදා සහ අද විවාහයේ හැංගුණු රහස්

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.