• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

රජ කිරුළට පාර කියන කුරුල්ලෝ

March 11, 2021
in Astrology
Reading Time: 1 min read
A A
රජ කිරුළට පාර කියන කුරුල්ලෝ
Share on WhatsAppShare on Facebook

විශ්වයේ පවතින ග්‍රහ බලය කිසියම් සුබ කටයුත්තක් සඳහා වඩාත්ම බලවත් වන ආකාරයට යොදා ගැනීම මුහුර්ත සෑදීම ලෙස ජ්‍යොතිෂයේදී හඳුන්වනවා. මුහුර්ත සැකසීමේදී දිනය, නැකත, තිථිය, යෝගය සහ කාරණය යන කරුණු පහ තමයි පංචාංගය ලෙස හඳුන්වන්නේ.

ඉරිදා දිනය ප්‍රභූන් දැකීමටද, සඳුදා දිනය සියලු සුබ කටයුතු සඳහාද, යුද්ධ කිරීමට සහ තරග කටයුතු සඳහා අඟහරුවාදාද, බදාදා දිනය නුවණින් කරන කටයුතු සඳහාද, බ්‍රහස්පතින්දා දිනය විවාහ කටයුතු සඳහාද, සිකුරාදා දිනය ගමන් යෑම ඇතුළු සියලු සුබ කටයුතු සඳහාද, සෙනසුරාදා දිනය පැවිදි වීම ඇතුළු අලෞකික දර්ශන වැඩීම සඳහාද සුබ දින වෙනවා.

නැකැත් 27ක් පවතින අතර ඒ අතරින් තමන් උපන් නැකැතට සීහෙන නැකැතක් පවතින දිනයක තමයි සුබ කටයුතු ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම තිථි 30න් පුර තිථි 15 පවතින දිනයක වැඩ ඇරඹීම වඩාත් සුදුසුයි. පුර තිථි අතරින්ද 4, 9, 14 තිථි මඟහරින්න එපා. සුබ යෝගයක් සුබ සුබකාරකයක් තෝරා ගන්නත් ඕනෙ. එතකොට කිසියම් සුබ කටයුත්තක් සඳහා පංචාංගය ශුද්ධ දිනයක් අපට ලබාදෙන්න පුළුවන්.

මැතිවරණයට ඉදිරිපත් වීමට සුබ මුහුර්ත පිළියෙල කිරීමේදී අපේක්ෂකයාගේ ඉතාමත් බලවත් මොහොතක් ගැන අවධානය යොමු කරන්න වෙනවා.

මොකද? මෙතැනදි පවතින්නේ තරගයක්නේ. අනෙක් අපේක්ෂකයාට වැඩියෙන්ම ඡන්ද ලබාගත යුතු නිසා පැරැණි අය විසින් නිපදවා තිබෙන විවිධ ශාස්ත්‍රීය ක්‍රම කීපයක්ම තිබුණද ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගන්නේ අද දවසේ ජීවත් වන අය අතුරින් ඉතාමත්ම සුළු පිරිසක්. පංච පක්ෂ ශාස්ත්‍රීය නිපදවන ලද්දේ ශ්‍රී මහා දේව නමැති විද්‍යාවන්තයකු විසින් සුරාසුර යුද්ධය හේතුකොටගෙන බව පැරැණි පොතපතෙහි සඳහන් වෙනවා.

සුර අසුර යුද්ධයේදී ඉදිරිපත් වූ පුද්ගලයන්ට ඒ ඒ වේලාව අනුව අත්වූ ඉරණම ඔවුන්ට සිදුවූ කැපුම් කෙටුම් තුවාල, මරණයට පත්වූ වේලාව යන කරුණු පදනම් කරගෙන ඔවුන්ගේ නම්වල මුල අකුරුද සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව ඉතා ගැඹුරින් කල්පනා කර ශ්‍රී මහාදේවාචාරීන් විසින් මෙම පංච පක්ෂි ශාස්ත්‍රය නිපදවූ බව එක් මතයක්. අගස්ති මහාඍෂින් යනු රෝමයේ විසූ ඔගස්ටිස් බවද මෙම පංච පක්ෂ ශාස්ත්‍රය ඔහු විසින් නිපදවූ බවද තවත් මතයක්.

පංච පක්ෂි ශාස්ත්‍රය පදනම් කරගෙන තමන්ගේ දියුණුව සඳහා කටයුතු ආරම්භ කිරීමේදී, සුබ මුහුර්ත සාදා ගැනීමද, තරගයකට ඉදිරිපත් වී ජය ලැබීමටද, නඩුහබවලින් දිනීමටද නැතිවූ දේ සොරාගත් දේ පිළිබඳව දැනගැනීමටද, රෝග සුවපත් කර ගැනීමටද, තත්කාල ශාස්ත්‍ර කීමද ආදී නොයෙකුත් ප්‍රයෝජන ගත හැකිය.

ජ්‍යොතිෂයේදී එක් දිනයක් ලෙස සලකන්නේ සූර්යා උදාවූ මොහොතේ සිට ඊළඟ දිනයේදී සූර්යයා උදාවන මොහොත වන තෙක් වන පැය 24කට ආසන්න වන කාලයකි. මෙම පැය 24 දිවා, රාත්‍රි වශයෙන් පැය 12 බැගින් වූ කොටස් දෙකකට බෙදාගෙන එම එක කොටසක් පක්ෂීන් පස්දෙනකු පදනම් කරගෙන නැවත කොටස් පහකට බෙදා ඇත. මේ එක් කොටසක් යාමයක් ලෙස හඳුන්වාදී ඇති අතර, යාමයක් පැය 2යි මිනිත්තු 24ක් වේ. දිවා භාගයේ යාම පහ මෙන්ම රාත්‍රි භාගයේ යාම පහද,
* භේරුණ්ඩ
* පිංගල
* කාක
* කුක්කුට
* මයුර
යන පක්ෂීන්ට අයත්ය.
භේරුණ්ඩ පක්ෂියා ගරුඬ, ගුරුළු, රාජාලි යන නම්වලින්ද හඳුන්වන බවද පිංගල යනු බකමූණා බවද සඳහන්වේ.

ඔබ ඉපදී ඇත්තේ අස්විද, බෙරණ, කැති, රෙහෙන, මුවසිරස යන නැකැත් පහෙන් එකක නම් ඔබට අයත් වන්නේ භේරුණ්ඩ පක්ෂියාය. අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් යන නැකැත් හයෙන් එකක උපන් අයට පිංගල පක්ෂියාද, උත්‍රපල්, හත, සිත, සා, විසා යන නැකැත් පහෙන් එකක් උපන් අයට කාක පක්ෂියාද අනුර, දෙට, මුල, පුවසල, උත්‍රසල, සුවණ යන නැකැත් හයෙන් එකක උපන් අයට කුක්කුට පක්ෂියාද, දෙනට, සියාවස, පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යන නැකැත් පහෙන් එකක උපන් අයට මයුර පක්ෂියාද අයත් වේ.

දැන් ඔබ ඔබට අයත් පක්ෂියා කවුද කියන එක දන්නවා. අපි ඊළඟට හොයා බලමු ඔබට හිමි පක්ෂියා බලවත්ව සිටින අවස්ථා සහ දුර්වල වන අවස්ථා ගැන. රජ, භෝජන, ගමන, නිදි, මරණ යනුවෙන් මෙම පංච පක්ෂීන්ගේ අවස්ථා පහක් ගැන සඳහන් වෙනවා.

එයින් රජ, භෝජන, ගමන යන අවස්ථා සුබ කටයුතුවලට යහපත් බවද, ගමන අවස්ථාව මධ්‍යම සුබපල ගෙන දෙන බවද, නිදි සහ මරණ අවස්ථා අසුබ පල ගෙන දෙන බවද සඳහන් වෙනවා.
ජ්‍යොතිෂවේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

SendShareShare
Previous Post

දෝෂය සොයාගෙන රෝගය හඳුනාගන්න

Next Post

රන්ජන්ට 58යි: හිරගෙදර ජීවිතේ ගැන දුක හිතෙන ලියුමක් ලියයි

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News
Astrology

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.