• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන්ට 58යි: හිරගෙදර ජීවිතේ ගැන දුක හිතෙන ලියුමක් ලියයි

March 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
‘මිනී මරලා නෑ: තොපිට හෙණ ගහනවා…’ -පොලිසියෙන් කුදලගෙන යද්දී රන්ජන්ට වෙච්ච දේ (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ 58 වන උපන්දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් විශේෂ ලිපියක් මාධ්‍යට නිකුත් කිරීමට ඒ මහතා කටයුතු කොට ඇත.

එම ලිපිය රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළ කිරීමටද පියවර ගෙන ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

2021 මාර්තු 11
අඟුණකොලපැලැස්සේ දී

මගේ ජනතාවනි,

මාර්තු 11.. සරලවම කිව්වොත් මගේ ජීවිතේ මට තියෙන සුවිශේෂිම දවස. මගේ උපන් දිනය. අදට මම අවුරුදු 58ක් සම්පූර්ණ කරනවා. සාමාන්‍ය රජයේ සේවක පුරවැසියෙක් වුණානම් මම මේ වෙද්දි වැඩ කිහිපයක් සැලසුම් කරනවා. එකක් තව අවුරුදු 2කින් එලඹෙන විශ්‍රාම ජීවිතය ගැන කල්පනා කරනවා. නිකන් හරි 55න් විශ්‍රාම ගිහිං තිබුණොත් බැංකු ගිණුමේ ජ්‍යේෂ්ට පුරවැසි ගිණුමේ ෂුවර් නැති පොලිය ගැන කල්පනා කර කර ඉන්න ඉඩ තිබ්බා. මිනිස්සුන්ට හරි අමාරුයි මල්ලි. බැංකු පොතක් තියා බඩට වේලක් නැති කොච්චර මිනිස්සු බඩේ පණුවන්ගේ ගීත ගායනා අහ අහ නින්දට යනවා ඇත්ද…

ගල් බිත්ති 4කට වට වුණු ජිවිතේ පළමුවෙනි උපන් දිනය මේක. ගිය අවුරුද්දේත් එක එක චෝදනා දාලා රිමාන්ඩ් එකට ගිහින් උපන් දිනයට දවස් දෙක තුනකට කලින් තමයි මම ගෙදර ආවේ. ආවට පස්සේ මගේ හිතවත්තු දාපු පාටියත් ලොකු එකක්. මටත් මේ හිර ගෙදර ඇතුලේ පාටි තියෙනවා. කුස්සි පාටි, කම්කරු පාටි… ඒ පාටි නම් මාර්තු 11 කියලා වෙනසක් නෑ. මම හිරේට ආවේ බරපතළ වැඩ ඇතුවනේ. දැන් මට කොයි පාටියත් එකයි.

මේ අවුරුදු ගානකටම මම ලස්සන උපන් දින ගොඩක් පහු කළා. විජය මාමා හිටපු කාලේ ගතකරපු දවස් වගේම මගේ අම්මා ජීවත් වෙලා හිටපු කාලේ ගත කරපු උපන් දිනත් මට සුවිශේෂියි. ඒ දවස් වල ෆුල් ටයිම් ප්‍රේමවන්තයෙක් වෙච්ච කාලෙකුත් තිබුණනේ. ඒ කාලේ ඉතිං මාර්තු 11 කියන්නේ මල් වැහි වහින දවසක් මට. මේවා ඔක්කොම මට මේ ලියුමේ ලියන්න අමාරුයි. මම ඒවා වෙනම කාලෙක ලියලා ඔබතුමන්ලාට දෙන්නම්.

හිරේ හිටියත් මාව මාතෘකා වෙන ගොඩක් කතන්දර එලියේ සිද්ද වෙන බව මට ආරංචි වෙනවා. මං වෙනුවෙන් වචනයකින් හරි මහන්සි වෙන ඔයගොල්ලෝ හැමෝටම ස්තූතියි. කරන දෙයක් පරිස්සමෙන් කරන්න. කොරෝනා අනතුරත් තියෙන්නේ අපි ළඟමනේ. මට හිතුණු දෙයක් තමයි එදා ජනවාරි 14 මට තීන්දුව දුන්නේ නැත්තන් අද මගේ මිත්‍රයෝ එක්ක පොඩියට සමරලා, අසරණ පවුල් කිහිපයකට මට හැකි පමණින් උදව්වකුත් කරලම ඇතුලට එන්න තිබ්බා කියලා.

ඒත් දේවල් සිද්ද වුණේ එහෙම නෙවෙයි. එදා මං උසාවි ගියේ නඩුවේ දේවල් කිහිපයක් පැහැදිලි කරගන්න. මගේ නීතිඥයා සුමන්තිරන් මහත්තයාට එදා එන්න විදිහක් තිබුණේ නැහැ. කොරෝනා ගැටලුවක් ඇවිත් එතුමා නිරෝධායනයට ලක් වෙලා තිබුණේ. එතුමාගේ කණිෂ්ට නීතිඥයෝ උසාවියෙන් ඉල්ලීමක් කළා මේ කාරණය සලකලා නඩුවට වෙනත් දිනයක් දෙන්න කියලා. නමුත් වුණේ මොකක්ද? තීන්දුවක් කඩන් පාත් වුණා ක්ෂණිකව. පිටු 21ක තීන්දුවක් විනාඩි 15 කින් ප්‍රකාශයට පත් කළා මට අදහගන්න බැරි වුණා. මං මගේ ජනතාවගෙන් අහන්නේ එක දෙයයි. කාගෙද මේ හස්තය. මම කියන දේවල් පට්ටපල් බොරුයි කියලා ඔයගොල්ලෝ තාමත් විශ්වාස කරනවද?

අධිකරණය කියන්නේ ජනතාවගේ බලයට. ඒ බලය යුක්තිය වෙනුවෙන් පාවිච්චි කරන්නයි අපි අපේ බදු සල්ලි වලින් වැටුප් ගෙවලා ගොඩනැගිලි හදලා උසාවි කියලා ජාතියක් පවත්වාගෙන යන්නේ. අපි උසාවියක් ඇතුලේ ඔළුව නවන්නේ කවුරුහරි පුද්ගලයෙක්ගේ ආශ්චර්යකට නෙවෙයි. ජනතාවගේ උත්තරීතර අධිකරණ බලයට. මගේ ජනතාවට දැන් තේරෙනවා ඇති ඇයි මං මේ විදිහට සටන් කළේ කියලා.

කමක් නැහැ. සටන් කරන්න හැමෝටම බැහැ. මම කාත් කවුරුවත් නැති මිනිහෙක්. තව උපන් දින කිහිපයක් මට ඇතුලේ ඉන්න වෙයි. මගේ නිදහස පතා එලියේ සමහරු වැඩ කරනවා කියලත් ආරංචියි. එහෙම වැඩ කරන අයටයි මං මේ කියන්නේ. ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. අපි එකට පාටි දාලා කෑව බිව්වට වැඩි හරියක් හිතවත්තු, අපේ කලාකාරයො හරි බයයි. ඒ අයට ගෙදර ප්‍රශ්න තියෙනවා. ආදායම් වල ප්‍රශ්න තියෙනවා. බිරිඳ, සැමියා, දරුවොන්ගේ ප්‍රශ්න තියෙනවා. දේශපාලන පක්ෂපාතිකම් තියෙනවා. මම කාත් කවුරුත් නැති එකෙක්. අනික මං 60න් පැන්ෂන් යන්නේ නැහැ. 1963 උපන් බොහෝ දෙනාට වඩා මම ෆිට්. ඒ නිසා පණ තියෙනකම් මම මගේ රටේ ජනතා සේවක.

මට දිගට ලියුම් ලියන්න බෑ. එලියට ආවත් අතේ මාංචු. සරම ගැටගහන්නවත් අත හොලවන්න බෑ. පුලුවන් වෙලාවක ආයේ ලියන්නම්. මං එනකන් කෙළින් ඉන්න. අද පාටියක් දාන්න පුළුවන් අය. දුප්පත් මිනිහෙක්ට උදව්වක් කරන්න පුළුවන් අය. එහෙනම් හිනා වෙලා ඉමු මල්ලිලා.

මීට,
රන්ජන් රාමනායක

SendShareShare
Previous Post

රජ කිරුළට පාර කියන කුරුල්ලෝ

Next Post

අවුරුදු 23ක කොල්ලෙක් කාශ්‍යප හිමිගේ ඇක්ෂියෝ කාර් එක හොරකම් කරන් ගිහින් (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper