• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මලේ ගඳට අලේ අගෙත් අඩුවෙන කැලේ ගස

February 20, 2021
in Astrology
Reading Time: 1 min read
A A
මලේ ගඳට අලේ අගෙත් අඩුවෙන කැලේ ගස
Share on WhatsAppShare on Facebook

ස්වභාව ධර්මයේ පැවැත්ම සඳහා මෙලොව බිහිවුණු අපූර්වතම ශාකයක් ලෙස කිඩාරම් හැඳින්විය හැකිය. මෙම කිඩාරම් ශාකය අග්නිදිග ආසියාවේ සම්භවයක් ලැබුවකි. එනිසාම ලංකාව, ඉන්දියාව, පැසිපික් දිවයින ආශ්‍රිතව මෙම ශාකය බහුලව දක්නට ලැබේ. ලංකාව තුළ කිඩාරම් ශාකය තෙත් කලාපය, මධ්‍යම හා උතුරු පළාත්වල බහුලව දක්නට ලැබේ. කිඩාරම් ශාකයේ ප්‍රකටව පෙනෙන විශාල පත්‍රයක පත්‍ර නටුව 1ප පමණ දිගය. කොළ පැහැය පත්‍ර නටුවේ සුදු පැහැති ළප දැකිය හැකිය. පත්‍රයක් හට ගැනීම වසරකට සැරයක් සිදුවෙයි. ශාක කඳේද සුදු පුල්ලි පිහිටා ඇත. කිඩාරම් ශාකයේ මල් හටගැනීම ඉතා දුර්ලභය. මල් හටගත් පසු කිඩාරම් ශාකයේ කොළ මැරී යනු ඇත. බොහෝ විට කිඩාරම් මල් වසරේ දෙසැම්බර් සිට මාර්තු දක්වා බහුලව දැකිය හැකිය.

සංස්කෘත භාෂාවෙන් සූර්ණව, අර්ශඝ්න, වාකාරි, කණ්ඩුල ලෙස හඳුන්වන කිඩාරම් දමිළ භාෂාවෙන් මංචකන්ද, තිලංගු, කර්ෂාය ලෙස හඳුන්වයි. කිඩාරම් වර්ග 2කි. ඒ වැල් කිඩාරම් හා කිඩාරම් ලෙසය. වැල් කිඩාරම්වල ප්‍රභේද නොමැති වුවත් කිඩාරම්වල ප්‍රභේද ගණනාවක් ඇත. ඒ මහ කිඩාරම්, හීන් කිඩාරම්, ගම් කිඩාරම්, බිම් කිඩාරම්, සුදු-කළු-රතු කිඩාරම්, පොළොන් කිඩාරම් හා ගැරැඬි කිඩාරම් යනුවෙනි.

කිඩාරම් ශාකයේ ජනප්‍රියම අංගය වන්නේ කිඩාරම් මලයි. දම් පැහැති විශේෂ පෙනුමක් ඇති මෙම මල අඩියක පමණ වට ප්‍රමාණයකින් යුත් මලකි. ආකර්ෂණීය පෙනුමෙන් යුක්තය. නමුත් එම මලෙන් මහා දුගඳක් පිටවෙයි. එනිසා මිනිසුන් එම මල කපා වළ දැමීම සිදුකරයි. කිඩාරම් මලේ දුර්ගන්ධය මල තිබෙන තැන සිට 400ප පමණ දුරට විහිදේ. එනිසා නිල මැස්සන් එම මල වට තෙරපීමට ගනී. එනිසාම වසර ගණනකින් පිපෙන ආකර්ෂණීය දුර්ලභ මලක් වුවද කිඩාරම් මල විනාශ කිරීම සිදුකරයි.

කිඩාරම් මල විනාශ කළද කිඩාරම් අල හා ගොබය ආහාරයට ගනී. කිඩාරම් අලය ඇතෙකුගේ පාදයක් බඳුය. වටකුරුය. කිඩාරම් අලේ හා ගොබේ විශාල පෝෂ පදාර්ථ ප්‍රමාණයක් ඇත. එහි ප්‍රෝටීන්, කාබොහයිඩ්‍රේට්, මේදය, විටමින් ‘ඒ’ හා ‘ඩී,’ යකඩ හා ඛනිජ ලවණ ප්‍රමුඛ වෙයි. කිඩාරම් බහුලව ආහාරයට ගන්නා රටක් ලෙස ඉන්දියාව නම් දරයි. ඉන්දියානුවන් කිඩාරම් අල තම්බා හෝ රසවත් ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගනී. කිඩාරම් අල ගැලවූ විගස ආහාර සඳහා යොදා නොගත යුතු අල විශේෂයකි. කිඩාරම් අල ගලවා සතියක් පමණ තබා භාවිතය සඳහා ගතයුතුයි. කිඩාරම් අල තැම්බීමේදී වැඩි වේලාවක් තම්බා ගතයුතුයි. අල අමුවෙන් කෑමෙන් අසාත්මිකතා ඇති වන බව මතයයි. යම් හෙයකින් කිඩාරම් අල අසාත්මික වුවහොත් දෙහි, දොඩම්, සියඹලා වැනි ඇඹුල් කෑමෙන් සුවපත් වන බව පැරැන්නන්ගේ මතයයි.

කිඩාරම් අල ආහාර සඳහා පමණක් නොව දේශීය ඖෂධ සඳහාද බහුලව භාවිත කරයි. දේශීය ඖෂධ සඳහා වැල් කිඩාරම් හා කිඩාරම් යන දෙවර්ගයම භාවිත වෙයි. කට කහන ගතියෙන් යුත් වල් කිඩාරම් අර්ශස් රෝගය, චර්ම රෝග, අජීර්ණ. උදරාබාධ හා මුත්‍රා රෝග සුව කිරීමට යොදා ගනී.

කිඩාරම් අල හා ගොබය සිය ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය මනාව පිරිසුදු වී අර්ශස් රෝගයටද මහඟු සහනයක් උදාකරයි. අර්ශස් රෝගීන්ට දිව්‍ය ඖෂධයක් බඳු කිඩාරම් අල හා ගොබ ව්‍යංජනය සෙම රෝග, වාත රෝග, ආහාර අරුචිය දුරුකිරීමටද උදව් වෙයි. ආර්ථව දෝෂ හා ශුක්‍ර දෝෂද නිවාරණය කරවයි. ආතරයිටීස් වේදනාව හා සර්ප විෂද කිඩාරම් අල මඟින් දුරුකර ගතහැකිය.

කිඩාරම් අලය හා ගොබය උෂ්ණ ගතියෙන් යුක්තය. එනිසා උෂ්ණ රෝග ඇති අයට හා ගර්භණී කාන්තාවන්ට අගුණ ගෙන දෙයි. විශේෂයෙන් රක්ත රෝගය, කුෂ්ඨ රෝග හා පිත් රෝග ඇති අය කිඩාරම් අල හා ගොබය ආහාර ලෙස නොගත යුතුයි.

ආයුර්වේදයේ ඇදුම, කැස්ස, උගුර වේදනාව, අතීසාරය, බරවා, මලබද්ධය, ඉරුවාරුදාව හා ඉදිමුන් සඳහා පිඩාරම් භාවිත කරයි.

පුරාණයේ විසූ ඍෂිවරු කිඩාරම් ශාකය ලොවට හඳුන්වා දුන්නේ ජන්මීන්ට ඇති වන රෝග ගණනාවකට එම ශාකයෙන් සෙත සැලසෙන නිසාවෙනි. බුද්ධ දාස රජුද කිඩාරම් මල, අල හා ගොබය ඖෂධ සඳහා භාවිත කළ බව පුරාණ පොතපතේ සඳහන්ය.

මලේ ඇති දුර්ගන්දය හේතුවෙන් ගෙවත්තක වගා නොකරන කිඩාරම් ශාකය ගම්බද ලඳු කැලෑ, වනාන්තර ආශ්‍රිතව දැකිය හැකිය. නමුත් මේ අනර්ඝ මා හැඟි ඖෂධය වඳ වී යෑමට නොදී ගෙවතුවල වගා කිරීම වටී. මල පිපුණු දා එය කපා වළලා දමා අලය හා ගොබය භාවිතයට ගැනීම මෙන්ම භාවිතයෙන් ඇති ගුප්ත නව පරපුරට කියා දීම වැඩිහිටි අප සැමගේ යුතුකමකි. වගකීමකි. නොයෙසේ නම් කාලයක් යත්ම මේ අනර්ඝ ඖෂධීය ගුණ පිරි ශාක අප අතර නොමැති වී වඳ වී යනු ඇත.
මඳ නල හමා තද දුගඳක් පැතිරෙනවා
නිල මැසි රෑන් නද දී ගෙන පැමිණෙනවා
ඉවසනු කෙලෙස හැම හොඳ හැටි ඇඹරෙනවා
කිඩාරම් මලක් අත ළඟ පැවසෙනවා
ජ්‍යොතිෂවේදිනී මංජුලා පුෂ්පරාංගනී

SendShareShare
Previous Post

මංගලට කළ දේ බැසිල් විමල්ටත් කරයිද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

හිටිහැටියේ කෝටිපති වරම් ලබපු අලුත්ම නළුවා

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.