• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිටිහැටියේ කෝටිපති වරම් ලබපු අලුත්ම නළුවා

February 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හිටිහැටියේ කෝටිපති වරම් ලබපු අලුත්ම නළුවා
Share on WhatsAppShare on Facebook

⬤ ශනෙල් මට අභියෝගයක්…

ඔහු ‘ශනෙල්.’ ජීවිතය පටන්ගත්තේ ව්‍යාපාරිකයකු ලෙසටයි. ඔහුගේ ජීවිතයට එන අභියෝග ජය ගනිමින් කෝටිපතියෙක් බවට පත්වෙනවා. ඒත් එය බලන් ඉන්න බැරි ගොඩදෙනෙක්ට ඇස්වලට වැලිගසන්නාක් මෙන් වේදනාවක් දැනෙනවා. ඉන්පසු ශනෙල්ගේ ජීවිතයට අත්වන ඉරණම කොයිවගේද කියා දැනගැනීමට ‘SNAP’ ටෙලිනාට්‍ය නරඹන්නට වෙනවා. විවිධ චරිත නිරූපණය කළ ‘ශනෙල්’ගේ චරිතයට ජීවය දෙන ඔහු දර්ශන ගයාන් විතාන. ඒ වගේම ඔහු ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිෑපණය කරන පළමු අවස්ථාවද මෙය වන අතර, ඔහුගේ ඉදිරි කලා දිවිය ගැන අපිත් එක්ක කතා කළා.
🔴 ඔබ පළමු වතාවට තමයි ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් ලෙසට ‘ශනෙල්’ගේ චරිතය රඟපාන්නේ. එය ගැන අපි මුලින් කතා කළොත්?
ඔව්… ඔබේ කීම හරි. මම ටෙලිනාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කළා. ‘SNAP’ ටෙලිනාට්‍ය මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. මම පළමු වතාවට තමයි ප්‍රධාන චරිතයක් රඟපාන්නේ. ‘ශනෙල්’ගේ චරිතයට මාව සුදුසුමයි කියලා ‘SNAP’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ පසිඳු පෙරේරා මාව තෝරාගත්ත එකට ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා.
🔴 ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීම හිතන තරම් පහසු දෙයක් නෙවෙයි නේද?
මට කැමරාව කියන දෙය නුහුරු දෙයක් නෙවේ. මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 17ක් විතර වෙනවා. ඒ සියලුම අත්දැකීම් මට ශක්තියක් වුණා මේ චරිතය ගොඩනඟා ගැනීමට. හැබැයි ශනෙල්ගේ චරිතය මට අභියෝගයක් වුණා. මොකද කාල තුනක චරිත නිරූපණය කිරීමට තිබෙන නිසා.
🔴 ‘ශනෙල්’ චරිතය හරියටම ප්‍රේක්‍ෂකයන්ට තවමත් තේරුම් ගැනීමට අපහසු බවක් දැනෙනවා. එය ගැන යමක් කිව්වොත්?
‘ශනෙල්’ ජීවිතයේ පොඩිම තැනක ඉඳල නැඟිටපු කෙනෙක්. ඔහු අවසානයේ ව්‍යාපාරයකින් ඉහළම තැනට එනවා. ඉන්පසුව ‘ශනෙල්’ගේ ජීවිතයට විවිධ බාධක එනවා. ඒ හැලහැප්පීම් එක්ක මුහුණ දෙන චරිතයක් තමයි ‘ශනෙල්’. අපේ රටේත් ඕනෑතරම් එවැනි චරිත ඇති කියලා මම විශ්වාස කරනවා. ‘ීබ්ච’ ටෙලිනාට්‍ය තවම පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. ඒ නිසා එය ප්‍රේක්‍ෂකයන්ට තේරුම් ගැනීමට අපහසු ඇති.
🔴 .ීබ්ච. ටෙලිනාට්‍ය තරුණ කණ්ඩායමක උත්සාහයක් නේද?
එය ගැන කිවයුතුමයි. මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා තරුණ දක්‍ෂතාවයන් පෙන්වන්න කිසිම අවස්ථාවක් අපට තිබුණේ නැහැ. අපි කණ්ඩායමක් ලෙසට සාකච්ඡා කරලා මෙහෙම දෙයක් කරමු කියලා එකතුවෙලා අපේ තරුණ කොල්ලෝ සෙට් එක මුල්කොටස් හතකට විතර සල්ලි දාලා තමයි මෙම ටෙලිනාට්‍ය නිර්මාණය කළේ. රූපවාහිනී නාළිකා කිහිපයකට අපි මෙය බාර දුන්නා. ඒත් ප්‍රතික්‍ෂේප කළා. අවසානයේ ස්වර්ණවාහිනිය ‘SNAP’ නිර්මාණය බාර ගත්තා. ඉන්පස්සේ ස්වර්ණවාහිනිය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ තමයි අපිට ‘SNAP’ ටෙලිනාට්‍යයේ ඉදිරි කටයුතු කරගෙන යෑම සඳහා රංගන ශිල්පිනී අමිෂා කාවින්දි අපට සම්බන්ධ කරලා දුන්නේ. 87%ක අලුත් පිරිසක් මූලිකවෙලා ඉන්නේ මේ නිර්මාණයේ පිටුපස.
🔴 ඔබට ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට නොහැකි වුණේ චරිතවලට කොටුවීමක් වුණු නිසා නේද?
‘අත්තම්මා’ ටෙලිනාට්‍යයේ මැරයෙක්ගේ චරතියක් මම කළා. එතැන පසු මම ටෙලිනාට්‍යවල මැර චරිතවලට කොටු වුණා. ඔය කොටුවීම මේ ක්‍ෂේත්‍රයේ දක්‍ෂ පිරිසකට සිදුවන දෙයක්. එය අසාධාරණයි. ඔවුන් හිතන්නේ දැකපු පළමු චරිතයෙන්ම ඔවුන්ට කරන්න පුළුවන් ඒ වගේ චරිත විතරයි කියලා. ඉතින් ඒ දේම මටත් වුණා. ඉතින් දක්‍ෂතා තියෙන ගොඩදෙනෙක් කොටුවෙලා. ‘ශනෙල්’ගේ ඒ චරිතය ඒ හැම දෙයටම පිළිතුරු දෙයි.
🔴 ප්‍රවීණ රංගන ශිල්පිනී දූලිකා මාරපනගේ නිර්මාණවලට ඔබ ලොකු සහායක් දෙන බව අපි දකිනවා?
ඇයව මට මුලින්ම හමුවන්නේ ‘අත්තම්මා’ ටෙලිනාට්‍ය තුළින්. ඒ දැනහැඳුනුම්කමත් එක්ක අපි අතර සහෝදර බැඳීමක් ගොඩනැඟුණා. ඇයගේ ගම්පළාතත් කෑගල්ලේ, මමත් කෑගල්ලේ. ඇයගේ නිර්මාණ කිහිපයකටම මම සම්බන්ධවෙලා මට කළ හැකි උපරිම සහාය ලබා දුන්නා
🔴 ඔබව රූපවාහිනියේ ඇගැයීමට ලක්වීමට පෙර වේදිකාවේ ඇගැයීමට ලක්වුණා නේද?
ටෙලිනාට්‍ය සම්මාන ගන්න තරම් මම එහෙම චරිත නිරූපණය කරලා තිබුණේ නැහැනේ. 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ බොක්ස් වේදිකා නාට්‍යයට හොඳම වේදිකා පරිපාලන ලෙසටත්, 2013 රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘ජූලියස් සීසර්’ වේදිකා නාට්‍යයේ හොඳම වේදිකා පරිපාලන ලෙසට මට සම්මාන ලැබුණා. ඉතින් මට එක දිගටම වේදිකා නාට්‍යවල වේදිකා පරිපාලනයට ආරාධනා ලැබුණා. ඒ අතර සුළු චරිත නිරූපණය කළා.
🔴 ගයාන් ඔබ මේ ක්‍ෂේත්‍රයේ හැම අංශයකින්ම ඔබේ හැකියාවන් ප්‍රගුණ කළ ශිල්පියෙක්. මීළඟ ඔබේ ප්‍රයත්නය කොයිවගේද?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ හැම පැත්තකින්ම ඉගෙන ගත්තා. ඒ වගේම වැඩ කළා. මොකද මගේ එකම අරමුණ අධ්‍යක්‍ෂවරයෙක් වීමයි. ඉතින් දැනීමක් නැතුව නිර්මාණයක් කරලා වැඩක් නැහැනේ. මට ඕනෑ ජාත්‍යන්තරයත් එක්ක තරග කරන්නයි. හැම පැත්තකින්ම මම ඉගෙන ගත්තාම මගේ ඒ වැඩවලට පහසුයි එතකොට. මේ වසරේ මම නිර්මාණයක් කරනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මලේ ගඳට අලේ අගෙත් අඩුවෙන කැලේ ගස

Next Post

දැන් හැමතැනම කැපිලි කුඩම්මාගේ සැලකිලි

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.