• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම දිග පළල මනින්න යන්නේ නැහැ

February 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම දිග පළල මනින්න යන්නේ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ මම රඟපාන්නේ ආත්ම තෘප්තියට…

⬤ සර්පයන්ට මම ටිකක් බයයි…

ටෙලිනාට්‍යවල චරිත සදාකාලිකව මතකේ රැඳෙන්නේ කිහිපදෙනකුටයි. උතුම් පැතුම්, ආදරණීය ටෙලි වෘත්තාන්තයේ ‘සුදු හාමිනේ’ත් ඒ වගේම චරිතයක්. ‘සුදු හාමිනේ’ ලෙසට ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් ගීතිකා රාජපක්‍ෂද ඔබට මතක ඇති. මේ වන විට ජනප්‍රිය තාරකාවියන් අතර දිදුළමින් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින ඇය සමඟ කතා කළා.
🔴 ගීතිකා අපි මුලින්ම ‘කපුරු’ට ලැබෙන ප්‍රතිචාර ගැන කතාකළොත්?
ඇත්තටම ‘ගරුඬ’ මුහුර්තය ටෙලිනාට්‍යයේ ‘කපුරු’ කියන චරිතය මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට තදින්ම දැනුණු චරිතයක්. මොකද මෙවැනි වෙනස්ම විදිහේ රංගනයකට මම එකතුවූ පළමු අවස්ථාව මෙයයි. ‘කපුරු’ මට අභිමානයක් වුණා කියලා පැවසුවොත් හරි. මම ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ප්‍රියාල් වීරසිංහ මාව තෝරාගැනීම සතුටට පත්වෙනවා. ඒ වගේම ‘කපුරු’ වටා ගෙතුණු අනෙකුත් චරිත සියල්ලම මට හයියක් වුණා.
🔴 ඔබ කොපමණ සුවිශේෂී චරිත නිරූපණය කළත් ‘සුදු හාමිනේ’ චරිතය ප්‍රේක්‍ෂකයන්ට අමතක වෙලා නැහැ?
‘උතුම් පැතුම්’ ටෙලිනාට්‍ය හරහා මම නිරූපණය කළ ‘සුදු හාමිනේ’ ගැන අදටත් කතාබහා කරනවා. මොකද ඒ ටෙලිනාට්‍ය ඒ තරමට ජනප්‍රිය වුණු නිසා. මගේ කලා දිවියේ පටන් ගැන්මත් එක්ක එවැනි අමතක නොවන චරිතයකින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න ලැබීමත් වාසනාවක්. නිල්වලා ආයතනය තමයි මගේ මහගෙදර. ඔවුන් දුන්න ශක්තිය නිසා තමයි මම අද මේ තරම් දුරක් ඇවිත් ඉන්නේ.
🔴 ‘සුදු හාමිනේ’ ජනප්‍රිය චරිතයක් බවට පත්වුණාට ඇගැයීම් හරහා පසුබෑමක් වුණා නේද?
කාලයත් එක්ක ඒ සියල්ලටම පිළිතුරු ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මම සම්මාන බලාගෙන රඟපාන කෙනෙක් නෙවෙයි. මගේ දක්‍ෂතාවයන් බලලා තවත් නිර්මාණයකට සම්බන්ධකර ගන්නවා නම් එය තමයි මම ලබන වටිනාම ඇගැයීම. මම රඟපාන්නේ ආත්ම තෘප්තිය උදෙසායි.
🔴 අපිට නොකිවුවාට ඔය හිතේ හොඳම නිළියට වීමේ සිහින දකිනවනේ?
එය තමයි මගේ ලොකුම හීනය. එහෙම නැතත් හොඳම සහාය නිළිය අතරට හරි එන්න තමයි මගේ උත්සාහය. ඒ නිසා තමයි මම රංගනය කියන දේ හදාරමින් ප්‍රායෝගික රංගනයක නිරතවෙලා ඉන්නේ.
🔴 පසුගිය කාලේ ඔබටත් කොරෝනා හැදිලා කියලා ඇඬුවා කියලා ආරංචියි?
ඔව්… මමත් බයේ හිටියේ. මොකද මම ළඟින් ඇසුරු කළ මගේ සහෝදර ශිල්පීන් කිහිපදෙනකු නිරෝධායනය වුණු නිසා හිතට බයක් දැනුණා. මොකද මම නිසා තවත් අය අමාරුවේ වැටෙනවාට මම කැමැති නැහැ. අපි ආරක්‍ෂා වුණොත් තමයි අපේ අයත් රැකගන්න පුළුවන්.
🔴 ඔබ නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ ප්‍රධාන චරිතවලට ආරාධනා කළොත් විතරද?
අපෝ එහෙම අදහසක් නැහැ මගේ. මම සම්බන්ධ වුණු ගොඩාක් නිර්මාණවල මම නිරූපණය කළේ ප්‍රධාන චරිත තමයි. මගේ දක්‍ෂතාව පෙන්වන්න පුළුවන් කුමන හෝ චරිතයක් ලැබුණොත් මම රඟපානවා. නැතුව චරිතවල දිග, පළල මනින රංගන ශිල්පිනියක් නෙවෙයි මම.
🔴 ඔබ දැන් නයි නළඟනක් බවට පත්වෙලා නේද?
‘රකුන් ගිර’ ටෙලිනාට්‍ය හරහා තමයි මම නයි නළඟනක් බවට පත් වුණේ. එය ගැන නම් කතා කළ යුතුයි. මම සර්පයන්ට ගොඩාක් බයයි. නමුත් ‘රකුන් ගිර’ ටෙලිනාට්‍යයේ මට රඟපාන්න තිබුණේ නයි සමඟයි. ළඟදීම ස්වාධීන රූපවාහිනියේ ‘රකුන් ගිර’ නැරැඹීමට අවස්ථාව ලැබෙයි.
🔴 පසුගියදා පෙම්වතුන්ගේ දිනයදා විශේෂ වැඩකටයුත්තක් කළා නේද?
අපි තව කෙනෙක්ට ආදරය කරන්න කලින් ස්වභාවධර්මයට ආදරය කළ යුතුයි. අපි හුස්ම ගන්නේ මේ ස්වභාවධර්මය නිසයි. ඉතින් මම ඒ නිසාම පෙම්වතුන්ගේ දිනය දවසේ අඹ පැළ රෝපණය කළා. මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ගෙනුත් මම ඉල්ලා සිටින්නේ තමන්ගේ ගෙවත්තේ අඩුම තරමේ ගස් පැළ තුනක්වත් රෝපනය කරලා ස්වභාවධර්මය ගැන මුලින් හිතන්න කියලා.
🔴 ‘අපේ අම්මා’ හරහා කුංචනාද ගොඩනැඟුණ විදිය ගැන කතා කළොත්?
චනික පෙරේරා අධ්‍යක්‍ෂණය කරන ‘අපේ අම්මා’ ටෙලිනාට්‍යයේ මම සුවිශේෂී චරිතයක් රඟපානවා. මේ දවස්වල ‘මගේ අම්මා’ ලෙසට රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන තමයි. ඉතින් ඒ දැන හැඳුනුම්කම් මත ඇය නිෂ්පාදනය කරන ‘කුංචනාද’ ටෙලිනාට්‍යයේ රඟපෑමටද මට අවස්ථාවක් ලැබුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

සෙනසුරුගේ වාහනය වෙන්න කපුටාට බලය ලැබුණු හැටි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.