• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

February 20, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 5 mins read
A A
ගෝඨයි මහින්දයි බෙදිලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මැතිනිට රට බාර දෙන්න
කොබ්බෑකඩුවට ඡන්දෙ දෙන්න’

මේ 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සටන් පාඨයය. ජේ. ආර්.ගේ ආණ්ඩුව එකල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ නිසා ඇයගේ ඥාති කොබ්බෑකඩුවව ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරනු ලැබීය. කොබ්බෑකඩුව දින්න විගස මැතිනියට යළි ප්‍රජා අයිතිය ලබාදී මහ ඡන්දයකට ගොස් විධායක බලය සහිත ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාව වෙනස් කොට 1972 ව්‍යවස්ථාව යළි ක්‍රියාත්මක කොට මැතිනියගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව කොබ්බෑකඩුවගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් විය.

ඒත් ජනාධිපතිවරණ සටන පටන්ගෙන ටික දිනකින් කොබ්බෑකඩුව සහ මැතිනිය අතර ප්‍රශ්න මතු විය. ඒ වන විට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය කඩාගෙන ගොස් සිටි මෛත්‍රිපාල සේනානායක කොබ්බෑකඩුවගේ වේදිකාවට නැග්ගේ අගමැති ධුරය බලාපොරොත්තුවෙන්ය. මැතිනි විරෝධියකු වූ මෛත්‍රිපාල සේනානායකගේ සහාය මැතිනියට රිස්සුවේ නැත. මේ අතර කොබ්බෑකඩුවගේ කැම්පේන් එක මෙහෙයවපු විජයත්, අගමැති ධුරය ගැන සිහින මැව්වේය. ජනාධිපතිවරණ සටනේ අන්තිම කාලය වන විට කොබ්බෑකඩුව සහ මැතිනිය හිටියේ මුහුණට මුහුණ නොබලන තත්ත්වයකය. මේ ජනාධිපතිවරණ සටනේදී මහින්ද හිටියේ මැතිනිය සහ අනුර එක්කය. කොබ්බෑකඩුව මැතිනිය නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට වඩා මැතිනි විරෝධී කොමියුනිස්ට පක්‍ෂය මෛත්‍රී කල්ලිය ඇතුළු කණ්ඩායම් මත යැපෙන බව ඔහු තේරුම් ගෙන සිටියේය.

මේ ජනාධිපතිවරණ සටන ගැන මහින්දට හොඳ අත්දැකීම් තිබෙන්න ඇත. ඔහු 2019 ජනාධිපතිවරණයේදී තමාට තරග කළ නොහැකි නිසා අපේක්‍ෂකත්වය ගෝඨාභයට දෙන්න තීරණය කළේ 1982 වැරැද්ද සිදු නොවන්නටය. 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වූයේ මහින්ද වෙනුවෙන්ය.

‘මහින්දට රට බාර දෙන්න
ගෝඨාභයට ඡන්දෙ දෙන්න’

පොදුජන පෙරමුණ 2019 ජනාධිපතිවරණයේදී මේ සටන් පාඨය කීවේ නැත. ගෝඨාභය ජනාධිපති වූ විගස ව්‍යවස්ථාව වෙනස් කොට මහින්දව ජනාධිපති කරවන බව කීවේත් නැත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට මහින්ද අගමැති වී ඔහුගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදන බව කීවේත් නැත. ඒත් 2015 ජනාධිපතිවරණයේදී මහින්දට ඡන්දය දුන්න ලක්‍ෂ 58ක් ඡන්දදායකයන් ඡන්ද පොළට ගිහින් ගෝඨාට ඡන්දය දුන්නේ මහින්ද යළිත් රටේ නායකයා වෙයි කියන බලාපොරොත්තුවෙන්ය. ලක්‍ෂ 11ක් අලුත් ඡන්දදායකයන් සහ පාවෙන ඡන්දදායකයන් ඡන්දය දුන්නේ ගෝඨාභය රටේ නාකයා කරන්නටය.

ගෝඨාභය එන්නේ මහින්දට රට බාර දෙන්න යැයි පොදුජන පෙරමුණ කීවේ නැත්තේ මේ අලුත් ඡන්ද පාවෙන ඡන්ද බලාපොරොත්තුවෙන්ය. පොදුජන පෙරමුණ ගැහුවේ හංගල ගහන ගේමකි. මහින්ද තමයි ඡන්ද දිනන මන්තරය බව පොදුජන පෙරමුණ දැන සිටියේය. ඒත් 50%ක් ගන්න අවශ්‍ය සිංහල බෞද්ධ ඡන්ද ගන්න ගෝඨාභය විකිණිය යුතු බව ඔවුන් දැන සිටියේය.

ගේම වැඩ කළේය. ගෝඨා ජනාධිපති විය. ජනාධිපතිවරණයේදී මහින්දට රට බාර දෙයි කියල හිතාගෙන ගෝඨාට ඡන්දය දුන්න ලක්‍ෂ 58 ගෝඨා ජනාධිපති වූ විට මහින්දගේ ආශීර්වාදයෙන් ගෝඨාභය රට කරයි කියල හිත හදා ගත්හ. හේතුව ගෝඨාභයගේ ජයග්‍රහණය අති විශිෂ්ට ජයග්‍රහණයකි. එවන් ජයග්‍රහණයකට පසුව ඒ ජයග්‍රහණය තුළ මහින්දට කොච්චර ඡන්ද තියෙනවද, ගෝඨාට කොච්චර ඡන්ද තියෙනවද කියා හොයන්න ගෝඨා දිනවන්න ඡන්දය පාවිච්චි කළ කවුරුත් කුහක වූයේ නැත.

ඒත් ගෝඨාභයට ඡන්දය දුන්න අයටත්, මහින්දගේ රෝල් එක මොකක්ද, ගෝඨාභයගේ රෝල් එක මොකක්ද කියල කුකුසක් තිබුණි. ඇත්තටම අද ආණ්ඩුව යන විදිහ දෙස බලන විට පේන්නේ මහින්ද සහ ගෝඨාභය තම තමන්ගේ රෝල් එක මොකක්ද කියල ජනාධිපතිවරණයට පෙර සාකච්ඡා කොට තීරණය කරගෙන නොමැති බවය. හැබැයි එහෙම හිතන්නත් බැරිය. එක්කෝ ජනාධිපතිවරණයට පෙර තම තමන්ගේ රෝල් එක පිළිබඳව ඇතිකර ගත් එකඟතා දැන් බිඳී ඇත. හොඳම නිදසුන වරායේ නැඟෙනහිර පර්යන්තයය. එය ඉන්දියාවට දිය යුතු බවත්, එහි වගකීම තමා බාර ගන්නා බවත් ගෝඨාභය ප්‍රසිද්ධියේ ‘ගම සමඟ පිළිසඳරේ’ දී කීවේය. ඒත් මහින්ද රාජ්‍ය සම්පත් විකිණීම තම පක්‍ෂයේ ප්‍රතිපත්තිය නොවේ යැයි කියා වරාය පර්යන්තය ඉන්දියාවට නොදෙන බව කීවේය. ඊළඟ ආසන්නතම සිදුවීම මුස්ලිම් කොවිඩ් මරණ භූමදානයය. මහින්ද භූමදානයට ඉඩ දෙන බව පාර්ලිමේන්තුවේදී කීවේය. උදය ගම්මන්පිල කියන්නේ මහින්දගේ මතය ආණ්ඩුවේ මතය නෙවේ යැයි කියාය. අවසානයේ අගමැති කාර්යාලයත් කීවේ මහින්ද කොවිඩ් මුස්ලිම් මරණ භූමදානය කරනවා යැයි කීවේ නැති බවය. නැඟෙනහිර පර්යන්ත ප්‍රශ්නයේදී මහින්ද කී දේ හරි ගියේය. කොවිඩ් මුස්ලිම් මරණ භූමදාන ප්‍රශ්නයේදී මහින්ද කී දේ හරි ගියේ නැත.

‘ආණ්ඩුව ඇතුළේ මොකක්ද වෙන්නේ…?’

මිනිස්සු ඉන්නේ හොල්මන් වෙලාය.

‘මේ ආණ්ඩුව හරියට එළහරකයි – මීහරකයි වගේ දෙපැත්තට අද්දනවා. මේකෙන් රට තමයි ඉවර වෙන්නේ…’

මේ මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය කී ජනප්‍රියතම කතාවය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව එළහරකයි, මී හරකයි වගේ දෙපැත්තට අදින්න ගත්තේ 2018 පුංචි ඡන්දයට පසුවය. එතෙක් ආණ්ඩුව එක මතයක සිටින බව පෙනෙන්නට තිබුණි. ඇත්තටම ආණ්ඩුව එළහරකයි, මී හරකයි වගේ දෙපැත්තට අදින තැනට ගෙන ආවේ රාජපක්‍ෂවරු ආණ්ඩුව ඇතුළට රිංගවපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමැතිවරුය. රනිල්ට එරෙහිව මෛත්‍රිව උසිගැන්වූයේ ඔවුන්ය. මේ වැඩේ ලස්සනට කෙරෙව්වේ රාජපක්‍ෂලාය. මහින්ද සහ බැසිල් රනිල් එක්ක සෙට් විය. තමන් මෛත්‍රී විරෝධී යැයි පෙන්වමින් ඔවුන් වෙනම පක්‍ෂයක් හදන්න රනිල්ගේ ආරක්‍ෂාව ලබා ගත්තේ තමන් වෙනම පක්‍ෂයක් හැදුවොත් රනිල්ට ජනාධිපති වීම ලෙහෙසි බව කියමිනි. රාජපක්‍ෂලා වෙනම පක්‍ෂයක් හැදුවාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්ද දෙකට කඩා තමන්ට ජනාධිපති වීම ලෙහෙසි යැයි සිතා රනිල් ජනාධිපතිකමට ඇන්දේය. ගෝඨාභය මෛත්‍රිපාලට සෙට් වී පෙන්වූයෙත් මෛත්‍රී 2019 ජනාධිපතිවරණයට තරග කරන්නේ නම් තමන් අගමැති වීමට සූදානම් බවය.

එකල මෛත්‍රිගේ සගයන් වූ එස්. බී., ජෝන් සෙනෙවිරත්න කීවේ 2019 දී එක්කෝ මෛත්‍රී ජනාධිපති වී ගෝඨාභය අගමැති වන බවත් නැතිනම් ගෝඨාභය ජනාධිපති වී මෛත්‍රි අගමැති වන බවත්ය. මෛත්‍රි රාජපක්‍ෂ පවුල කැඩුවා යැයි කියා ඔවුන් උදම් ඇනීය. රනිල්ට අඳින්න මහින්ද සහ බැසිල් ඇඳුම් මහල දුන්නේය. මෛත්‍රිට අඳින්න ගෝඨාභය ඇඳුම් මහල දුන්නේය. 2018 කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසු මෛත්‍රි ජනාධිපති සිහිනය අත්හැරියේය. පාස්කු ප්‍රහාරයට පසු මෛත්‍රි හතරගාතේ වැටුණි. රාජපක්‍ෂවරු මෛත්‍රි ඇන්දිල්ල අවසන් කොට මහින්ද, බැසිල්, ගෝඨාභය යන තුන්දෙනාම මෛත්‍රි හමුවී ජනාධිපතිවරණයේදී මෛත්‍රිව නිෂ්ක්‍රීය කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සහාය පොදුජන පෙරමුණට ලබා ගැනීමේ මෙහෙයුම දියත් කළහ. රාජපක්‍ෂවරු බලයට ඒම වළක්වාගන්න බැරි බව තේරුම් ගත් මෛත්‍රි එයට එකඟ විය.
ඇත්තටම මෛත්‍රි – රනිල් ආණ්ඩුව විනාශ වූයේ 2019 ජනාධිපති වෙන්න මෛත්‍රීටත් – රනිල්ටත් තිබුණු දොළදුක ප්‍රයෝජනයට ගෙන රාජපක්‍ෂලා ගහපු ගේම නිසාය.

‘අද ගෝඨා – මහින්ද ආණ්ඩුවටත් වෙන්න යන්නේ ඒකමද..?’

කියන්න දන්නේ නැත. හැබැයි අද මේ ආණ්ඩුවටත් තියෙන ප්‍රශ්නය නායකයා කවුද කියා තෝරා ගන්න බැරි ප්‍රශ්නයකි.

මෛත්‍රි – රනිල් ආණ්ඩුවටත් තිබුණේ ඒ ප්‍රශ්නයය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව තුළ ඒ ප්‍රශ්නය නිර්මාණය කරපු රාජපක්‍ෂලාම අද ඒ ප්‍රශ්නයේ ගොදුරක් වී සිටීම දෛවෝපගතය. ඒ වගේම රාජපක්‍ෂලාගේ උසිගැන්වීම්වලට මෛත්‍රි සහ රනිල් අතර ප්‍රශ්න හදපු සුසිල්, ජෝන්, එස්.බී., ඩිලාන්ලාට අද ඇමැති ධුර නැතිව යන එනමං නැතිව තිබීම ඊටත් වඩා දෛවෝපගතය. ස්වභාවධර්මය කියන්නේ හරි අමුතු දෙයකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහින්දානන්දගේ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි

Next Post

මම දිග පළල මනින්න යන්නේ නැහැ

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.