• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මහාවංශයේ නම ලියවූ බල්ලට නොදැමිය යුතු බලු ඉතිහාසය

February 20, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මහාවංශයේ නම ලියවූ බල්ලට නොදැමිය යුතු බලු ඉතිහාසය
Share on WhatsAppShare on Facebook

ගෙදර අගුපිලේ ලගින බල්ලා එතරම් වැදගත් සතෙක් යැයි අපට නොසිතෙයි. දෙන දෙයක් කා ඔහේ ලැග සිටින බල්ලා නීච සතෙකැයිද අපට සිතේ. මේ නිසා ඉතා පහත් වැඩ කරනා මිනිසුන් හැඳින්වීමටද “බල්ලා” යන පදය මිනිසුන්ම යොදා ගනී. එවැනි වැඩ බලු වැඩ ලෙස සැලකුවද සැබවින්ම බල්ලන් එවැනි වැඩ නොකරයි. පහත් එතරම් වැදගත් කමක් නැති සතෙකු ලෙස සැලකුවද සතුන් අතරින් මිනිසාගේ මුල්ම මිතුරා වූ බව සැලකෙන්නේද බල්ලාය. මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයන් වූ කෑම සඳහා සතෙකු එළා ගැනීමට උදව් කර ගැනීමට, ආරක්ෂාව සලසා ගැනීමට මෙන්ම තනි නොතනියට මිනිසාට වැදගත් වූයේ බල්ලාය. ඒ නිසා ආරම්භයේ පටන්ම මිනිසා සබඳතා පැවැත්වූයේ බල්ලා සමගය. මේ නිසා මිනිසාගේ ඉතිහාසය මෙන්ම දිගු ඉතිහාසයක් බල්ලන්ටද පවතින්නේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ලෝකයේ බොහෝ ජනාවාසවල මෙන්ම මෙරට බල්ලන්ගේ ඉතිහාසයද බොහෝ ඈතට දිවයයි. මෙරට මානවයාගේ ඉතිහාසය සොයාගැනීම සඳහා සිදුකළ පුරාවිද්‍යා පරීක්ෂණවලදී මේ පිළිබඳ යම් සාධක ලැබී තිබේ. 2005 වසරේදී ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් බෙල්ලන්බැඳිපැළැස්ස මානව ජනාවාසයේ සිදුකරන ලද කැණීමකදි අදින් වසර 12000 පමණට පෙර කාලයකට අයත් බල්ලෙකුගේ යැයි විශ්වාස කළ හැකි දතක් හමුවූ බව සඳහන් වේ. හම්බන්තොට මිණිඇතිලිය වෙල්යායේ බෙලිකටු නිධියක කළ කැණීමේදී හීලෑ බල්ලකුගේ හකු අස්ථියක කොටස් හමුවී තිබේ. ලෝකයේ බල්ලන් ගෘහාශ්‍රිත කිරීමේ මුල්ම සාධකද මේ කාලයේම හමුවන බවටද ඇතැම් විද්‍යාත්මක වාර්තාවන්හි දැක්වෙන නිසා ලෝකයා බල්ලා ගෘහාශ්‍රිත කිරීමට සමගාමීව මෙරටද බල්ලා ගෘහාශ්‍රිත වූ බවටද අදහසක් ඉදිරිපත් වී තිබේ.

මෙරට බල්ලන්ගේ ඉතිහාසය පිළිබඳ නිශ්චිත අදහසක් ඇති කර ගැනීම සඳහා පවතින ජීව සාක්ෂි හිඟ වූවද බොහෝ සාහිත්‍ය මූලාශ්‍රවල මිනිසුන් සමග වෙසෙන බල්ලන් ගැන සඳහන් වීමෙන් පෙනී යන්නේ බොහෝ ඈත අතීතයක සිටම මෙරට මිනිසුන් ඇසුරේ බල්ලන් සිටි බවය. ඒවා අනුව පෙනී යන්නේ බල්ලා අද මෙන්ම එකලද මානව ජනාවාස සමග ඉතා සමීපව සිටි සතෙකු බවයි. මෙරට ඉතිහාසය ලියැවී ඇති ප්‍රධානම ග්‍රන්ථය වන මහා වංශයේ ආරම්භක පරිච්ඡේදයන්හිදීම බල්ලන් පිළිබඳ තොරතුරු හමුවේ. විජය කුමරු මෙරටට ගොඩ බසින විටද හමුවන්නේ බැල්ලකි. “පිරිවර යකින්නක් බැලි රුවින් තමා දැක්වීය. උන් අතුරෙන් එකෙක් රජ පිත්හු විසින් නවතනු ලදුයේත් ගම් ඇති කළ බල්ලෝ ඇති වන්නාහ යයි ඇයගේ පසු පස්සේ ගියේය” යනුවෙන් මහාවංශය දක්වයි. කුවේණියගේ පරිවාර යකින්නක් බැල්ලකගේ රුවක් මවා ගෙන විජය ඇතුළු පිරිසට පෙනෙන සේ ගිය බවත් බල්ලන් සිටින්නේ ගමක් ඇති නිසා බැවින් විජය රජුගේ සෙනෙවියකු එම බැල්ල පිටුපස ගොස් කුවේණියට අසුවූ පුවත මහාවංශය ඉදිරිපත් කරයි. මහා වංශය දක්වන මෙම පුවතට අනුව එම කාලය වන විට බල්ලන් මිනිසුන් සමග සිටි බවත් බල්ලන් සිටින්නේ නම් ඒ අසල මානව ජනාවස පවතින බවට දැනුමක් එකල තිබූ බවද තීරණය කළ හැකිය.

මහාවංශ ටීකාව මෙම බැල්ලගේ නම ද දක්වා තිබේ. “සීසපාති” යනුවෙන් එම බැල්ලියගේ නම එහි දක්වයි. මෙලෙස බල්ලන් සඳහා නම් තැබීම අනුව බල්ලන්ට නම් තැබීමට පවා බොහෝ ඈත ඉතිහාසයක් ඇති බව සැලකිය හැකිය. දඩ වැද්දා, වල් වැද්දා, බලු වැද්දා, ගම් වැද්දා වැනි වැදි වර්ග පුරාණ සාහිත්‍යයේ දැකගත හැකි අතර තම දඩයම් සඳහා බල්ලන් සහභාගි කරවා ගන්නා වැද්දන් “බලු වැද්දන්” ලෙස හඳුන්වයි. බල්ලන් භාවිතා කළ බලු වැද්දන් පිළිබඳ තොරතුරු මහාවංශයේද දැක්වෙයි. “බලු වැද්දෙක් තෙම ඒ දැක රජ්ජුරුවන් වෙත අවුත් “මා විසින් මෙබඳු මිණිරුවන් දක්නා ලදහයි සැල කළේය” යනුවෙන් රුවන්වැලි සෑය සෑදීමට මැණික් පහල වූ පුවත ඇතුළත් මහා වංශයේ, දුටු ගැමුණු රජතුමා මහා සෑය සඳහා උපකරණ සම්පාදනය පිළිබඳ විස්තරයේ දක්වා ඇත. බල්ලන් අතීතයේ පටන්ම රජවරුන්ගෙන් පවා සැලකුම් ලැබීමට සමත්වූ සත්ව විශේෂයකි. අතීත රජවරුන් බල්ලන් හට බතින් සංග්‍රහ කරමින් සැලකූ අයුරුද මහා වංශය විස්තර කරයි. “දයාවෙහි ඇළුනාවු හේතෙම කවුඩු බලු ආදීන්ට බත් ද දින” යනුවෙන් මහා වංශයේ 60 වෙනි පරිච්ඡේදයේ විජයබාහු රජතුමා විසින් කරන ලද පින්කම් හිදීද බල්ලන්ට දුන් දානයන් පිළිබඳව සඳහන් වේ.

මහාවංශයේ පමණක් නොව මහාවංශයටත් වඩා පැරණි කෘතියක් ලෙස සැලකෙන සීහළවත්ථුවේද මිනිසුන් සමග සිටි බල්ලන් පිළිබඳ කතාන්දරයක් දැක්වේ. “එක් වැද්දෙක් අවුත් තමාගේ බල්ලන්ට උගේ මස් කපා දුණි. බල්ලෝ තුමූම මස් කඩාගෙනද කෑහ.” යනුවෙන් හෙළදිව රුහුණු ජනපදයෙහි එක්තරා ගැල්කරුවකු සහලින් පිරවූ කරත්තයක් දක්කමින් පැමිණ ගැඹුරු මඩවළක් ඇති ස්ථානයේ කරත්තය එරී මහා දත්ත නැමැති මහලු ගොනාට ගැල ඇද ගත නොහැකිව ඇද වැටුණු පසු ගැල්කරු ගොනා එතන හැර දමා ගිය බවත් ඉන් පසු පැමිණි වැද්දෙක් ඔහුගේ බල්ලන්ට මේ ගොනාගේ පණ තිබියදීම මස් කපා දුන් පසු අසරණ වන ගොනාට චුල්ල පිණ්ඩපාතිකතිස්ස තෙරණම පිහිට වන අයුරු සීහළවත්ථුවේ මහා දත්තගේ වස්තුවේ දක්වා තිබේ. ඒ අනුව වැද්දන් බොහෝ ඈත අතීතයක සිටම දඩයම් සඳහා සහායට බල්ලන් යොදා ගත් බව තහවුරු වන අතර එකල මිනිසුන් තමාට සේවය කළ බල්ලන්ට හොඳින් සැලකීමටද කටයුතු කළ බවද පැහැදිලි වෙයි. අතීත වැද්දන් ඔවුන්ගේ දියණියන් දීග දෙන විට දායාද වශයෙන් බෑණාට දඩයම් බල්ලෙකු ලබා දෙන බවද බොහෝ පැරණි පුවත්වල දක්වා තිබේ. මහාවංශයේ විජයාගමන කතා පුවතේ හමුවූ බැල්ල පිළිබඳ රාජාවලියද දක්වයි. “හිමියකු ආ බව දැන නුගගසමුලට පස් පාටකින් වර්ණ මවා ගෙන බැලි වෙසින් ඇවිත් නිරිඳුගේ පය ඉඹලා වෙණිය ගසා නොසිට ගියාය. මෙපුර ගමක් ඇත කියා සෙබළුන් ඇරිය විට කුවේණි ගිය වුන් අල්ලා නෙළුම් පත් යට සඟවා උන්නාය.” යනුවෙන් රාජාවලී කතුවරයා මෙම කතා පුවත දක්වයි. පුරාණ කතුවරුන් ලියූ මෙම කතා පුවත් දෙස ගැඹුරින් බැලීමේදී පෙනී යන්නේ මිනිස් වාසයට හුරු බල්ලන්ගේ ගති ස්වභාවයන් මැනවින් ඉදිරිපත් කොට ඇති බවයි.

ඈත අතීතයේ සිටම මෙරට සිටි බල්ලන්ට හිමිවී තිබූ තත්ත්වය පිළිබඳ පුරාවිද්‍යා සාක්ෂි හරහාද තොරතුරු රැසක් ලබා ගත හැකිය. ඇතැම් ශිලා ලිපි, ගල් පුවරු ආදියෙහි එකල සිටි බල්ලන්ගේ රූපයන් හමුවන අතර මෙම බල්ලන්ද නූතනයේ හමුවන බල්ලන්ට බොහෝ සමාන අන්දමින් දැක්වේ. සාහිත්‍ය මූලාශ්‍ර යන්හිදී බල්ලා මිනිසාගේ මිතුරකු ලෙස මිනිසාට උපකාර කන්නෙකු ලෙස හමු වූවද සෙල්ලිපි, කැටයම් අතර හමුවන බල්ලන් බොහෝ විට භාවිතා කර ඇත්තේ සාංඝික දේපළ වැනි තමාට හිමි නැති දේපළ පරිහරණය කළහොත් බල්ලන් වී උපදින බව දැක්වීමටය. ශිලාලිපි විශේෂයෙන් යම් පුද්ගයකු හෝ ආයතනයක් වෙත ලබා දුන් වර ප්‍රධාන දීමනාවන් පිළිබඳ දැක්වෙන අත්තාණි කණු නම් ශිලා ලිපිවල මෙම බලු රූප හා තොරතුරු හමුවේ. එම වස්තුව, දේපළ ඉරහඳ පවතින තුරා අයථා ලෙස භාවිතා කරන්නන්, විනාශ කරන්නන් බල්ලන් වේවා යැයි ශාප කිරීමේ පාඨ සමග බල්ලන්ගේ රූපයන්ද මෙම අත්තාණි කණු දක්වා තිබේ. එම ලිපිවල අග “බලු කවුඩු වෙත්වයි” යනුවෙන් කළ පාඨයන් බල්ලන් හා කපුටන්ගේ රූප සමගින්ම කොටා තිබෙන අයුරු දැකිය හැකිය. බොහෝ අත්තාණි කණුවල බල්ලාගේ රූපය පොදු රූපයක් බවට පත්ව තිබේ. මෙවැනි ලේඛන මහනුවර ගංඟාරාම ලිපිය, මොරගොඩ ලිපිය, රඹෑව ලිපිය, බුද්දන්නෙහෙල, නෑගම ටැඹ, නාරම්බැද්ද, අතුරුපොළයාගම, කිරිගල්ලෑව, බිලිබෑව ටැම් ලිපිය වැනි ස්ථානවලින් හමුවේ.

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ගල්පුවරුවක ඉදිරියට දිවයන බල්ලෙකුගේ කැටයමක් හමුවන අතර එහි බල්ලාගේ ලිංගික අවයව පවා පැහැදිලිව දක්වා තිබේ. මෙම සෙල්ලිපිවල බල්ලාගේ රුව විවිධ ඉරියව්වලින් නිර්මාණය කොට ඇති අතර ඇතැම් ලිපිවල හමුවන බල්ලන්ගේ කර පටියක්ද දක්නට ලැබේ. බුද්දන්නෙහෙල ලිපියේ එබඳු බල්ලකු හමුවේ. ඒ අනුව එකල මිනිසුන් කරපටි දමා බල්ලන් ඇති දැඩි කල බව මෙන්ම ගෘහස්ථ බල්ලන් මෙම කැටයම් සඳහා තේමා වී ඇති බවද නිරීක්ෂණය කළ හැකිය. බල්ලා වටුක රාක්ෂයාගේ වාහනය ලෙස සැලකෙන අතර පොළොන්නරුව ශිව දේවාලයේ වටුක බහිරවයාගේ ලෝකඩ ප්‍රතිමාව පසුපස බල්ලකුගේ කැටයමක් හමුවේ. උඩුකුරු කැරකී ගිය වල්ගය, දිගු ගෙල හා එසවුණු කන් සහිත එම බල්ලාගේ පාද සතරෙහි ආභරණද පලඳවා තිබීමද විශේෂත්වයකි. ඒ අනුව මෙම බල්ලාට ගෞරවාන්විත පිළිගැනීමක් ලැබුණු බව පැහැදිලිය.

ශ්‍රීපාද අඩවියේ හමුවන බල්ලන් බැඳිගලද නිශ්ශංක මල්ල රජතුමා ශ්‍රී පාදය කරුණා කිරීමේදී රැගෙන ගිය බල්ලන් බැඳ තැබූ ස්ථානය බව සඳහන් වේ. බල්ලන් පිළිබඳ පවතින ප්‍රකටම ජනප්‍රවාදය වන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් බල්ලන්ට දුන් දානයක් පිළිබඳවය. සංඝරාජ හිමියන් බල්ලන් දහසක් කණුවල ගැට ගසා වෙනම බත් කොළ තබා බල්ලන් ලිහූ විට බල්ලන් එක් බත් කොළයකට පොරකෑම නිසා මහත් ගෝෂාවක් ඇති වූ බවත් මහා ඝෝෂාව රජ වාසලට ඇසී රජ්ජුරුවන්ට, රාජ පුරුෂයන් යවන්නට සිදුවූ බවත් හේතුව පසුව දැනගත් පසුව “සංඝ රාජ වුණත්, ගම තුම්පනේ” යනුවෙන් රජු පැවසූ බවත් ජනප්‍රවාදයේ එයි.

බල්ලන් වෙනුවෙන් තැනූ සුසානයක් පවා මෙරට හමුවෙයි. ත්‍රිකුණාමලය ෆෙඩි්‍රක් කොටුව තුළ බි්‍රතාන්‍ය පාලන සමයේදී බල්ලන් වෙනුවෙන් තැනුණු සොහොන් කොත් කිහිපයක් අදටත් දැකගත හැකිය. ත්‍රිකුණාමලයේ දිවි ගෙවූ බි්‍රතාන්‍ය හමුදා සේනාංක සඳහා සේවය කළ සුනඛයින් වෙනුවෙන් ඉදිවූ මෙම සොහොන් අද කැලෑ වැදී ඇතත්, එකල මේවාට නිසි සැලකිල්ල හා ගෞරව පවා දක්වන්නට ඇතිබව සැලකිය හැකිය.

ස්තුතිය – මාධ්‍යවේදී
සජීව විජේවීර මහතාට


අසිරු වේදිත කරුණාරත්න

SendShareShare
Previous Post

විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්

Next Post

ලෝකයම මවිත කළ ඇෆ්ගනිස්ථාන සිතුවම

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.